Tuesday, May 5, 2015

මලයා






වෙසක් දවසේ වෙසක් බලන්න යමු කියල වයිපරෙගේ ගෙදර කට්ටිය ගෙනාපු යෝජනාව මමත සම්මත කර ගත්තා.
 ඉතින් ස්ත්‍රී පරාන තුනක් එක්ක වාහනේ යන හින්ද තනියට මගේ මලයව සෙට් කර ගත්තා.

ඉතින් එන්න කිව්වනම් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නත් එපැයි. ඉතින් මම බයික් ඒකෙ ගියා අපේ ගෙදර මලයව එක්කන් එන්න.. පාරේ වාහනත් වැඩි හින්ද වෙනදට වැඩිය වෙලා ගියා අපේ  ගෙදරට යන්නම . 

ඔන්න ඉතින් ටක් ටික් ගාල මලයවත් දාගෙන ෂෝර්ට් කට එකකින් දාල යන්න ගත්තා වෙලාව ඉතුරු කරගන්න.

ඒ යද්දී ෂෝර්ට් කට් එකෙත් ට්‍රැෆික් 

බලද්දී බට්ටි ගීත කණ්ඩායමක් ලොරියකට පටවනවා .

පාර පොඩි හින්ද වාහන දෙකක් මරු වෙන්නෙ හරිම අමාරුවෙන්. 

ඉතින් අපිත් ගිහින් එහා පැත්තේ වාහනේ යනකන් හිටිය. ඒ මනුස්සයත් තටම තටම වාහනේ ගන්නවා හිමින්.

මේ පැත්තෙ නම් ඉඩ නැ.. මල්ලි බලන්න එහා පැත්තෙ.
 
මන් බැහැල බලන්නද 

හරි හරි මේ පැත්තෙ වාහනේ ගන්නවා. 

වාහනේ ගත්තට පස්සේ පාරේ ඉඩ ආව. පරක්කු වෙච්ච හින්ද මමත් ඉඩ තිබ්බ තැනින් දාල යන්න පටන් ගත්තා..

 එතන පල්ලමත් පාස් කරලා ඊට පස්සේ තිබ්බ වෙල් යයත් පාස් කරලා කන්දත් නැගල යනකොට  මතක් උනා එනකොට දැක්ක රුකඩ අපාය.

මල්ලි අපායක් තියෙනවා ඉස්සරහ රුකඩ වලින් කරන

.......... උත්තරයක් නැති තැන ආයිත් කිව්ව එත් සද්දයක් නැ.. 

යනගමන්ම සයිඩ් කන්නාඩියෙන් බැලුවට පේන්නෙත් නැ. බැරිම තැන හැරිලා බැලුව.

කො මේ මලය . 

බලද්දී මේ මනුස්පය සිට් ඒකෙ  නැ.. ඒ වෙනකොට කිලෝමීටර් භාගයක් විතර ඇවිල්ල 

හුටා . අතනදී බැහැල බලන්නම් කියල බහින්න ඇති.

ඒක මතක් වෙච්ච  සැරේ  මට ආපු හිනාව 

පනාව දාගෙනම ආපහු මලයව හොයාගෙන ගියා..

ටික දුරක් යද්දී මෙන්න එනවා මගේ මලය පාර දිගේ හෙල්මට් එකත් දාගෙනම 

එතනට ගියාම අපි දෙන්නටම හිනා .ඉතින් කතාව පැත්තක තියල හිනා වෙලා හිටිය

මම කැගැහුව . ඔයා ඇරලා ගියානේ. එතන හිටපු මිනිස්සුත් බැලුව මොකද කියල..

මට ඇහුනේ නෑනේ. හදිස්සියට මමත් ගියා.. දැනුනෙවත් නැ පිටිපස්සේ කව්රුත් නැ කියල.

වෙච්ච දෙයක්

13 comments:

  1. යකෝ ඔහොම අපේ යාලුවො දෙන්නෙක් රෑ කලුවරේ බයික් එකේ යද්දි පාරෙ තිබ්බ මිනී පෙට්ටියක හැපිලා වැටිලා. පස්සෙ බැලින්නම් හර්ස් එකක් එන්ජිම නැවතිලා, තල්ලු කරන්න බර වැඩි හින්දා පෙට්ටිය පාරෙ මැද බාලා තල්ලු කරනවලු. අරුන් දෙන්නට නූල් බැන්දා කියලයි කියන්නෙ.
    ඒ අතින් උඹලා පින්වන්තයි!

    ReplyDelete
    Replies
    1. යකාගේ අවමංගල සේවයක්නේ. හික්ස්... තව ටිකෙන් දෙන්නටම හර්ස් එකෙන්ම යන්න තිබ්බ.

      Delete
  2. යකෝ ඇති මල්ලි උඔට කුනුහරැප දෙකක් නොකිව්වා

    ReplyDelete
  3. ඕක මොකක්ද හයර් එකට වීල් එකේ යන මනුස්සය මගදි බැස්සම ආපහු ඉන්නවද කියල බලන්නෙ නැතුව යන පොරවලුත් ඉන්න එකේ.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඇති විල් එක ඇතුලේ හැම තැනම කන්නාඩි හයි කොරල තියෙන්නෙ.. :-?

      Delete
  4. හි..හි.. හොඳ වෙලාවට අපායක් තිබුනේ :))

    ReplyDelete
    Replies
    1. මටත් එවෙලේ හිතුනෙ ඕක තමයි. ඔය අපාය නැත්නම් ගෙදරටම ගිහින් තමයි දැනගන්නෙ මලය නැ කියල .

      Delete
  5. වේගයෙන් යන මෝටර් සයිකලයකි.පොලිසියෙන් අත දමා නවතා බැලින්නම් තිදෙනෙකි.එකෙකුට හෙල්මට් ද නැත.
    'කොහෙද තොපි තුන් දෙනා යන්නෙ ?? බීලා නේද?'
    පොලිසියෙන් අහද්දී බයිසිකලය පැදපු පොර ආපසු හැරී බලා..
    'හුටා .....සර්.. අපි හතර දෙනෙක් ආවා.. එකෙක් මඟ හැලිලා වගේ... පිං සිද්ධ වෙයි.. ඌව අරන් එන්න යන්න දෙන්න' කිව්වලු.

    ReplyDelete
  6. මලයට හිතෙන්න ඇති උඹ අපා ගත උනානං කියලා හෙහ් හෙහ්

    ReplyDelete
  7. අපේ වඳබාප්පගෙ පුතාටත් ඔය වැනිම දෙයක් වුනා. තුන්දෙනා ඩබල් දාලා බයික් එක අද්දද්දි, පිටිපස්සෙ හිටිය දෙන්නම බිමට වැටුණා. වැටුණා විතරක් නම් මදැයි, බයික් කාරයා කෑගහනවලු, "මට වැඩට යන්න පරක්කු වෙනවා, පාරෙ ඉඳගෙන මගුලක් කරන් නැතුව ඉක්මණට නැගපියව්" කියලාග

    ReplyDelete
  8. යකොඩෝ කොබෝ, බයික් එකක පිටිපස්සෙ එකා නෑ කියල නොතේරෙන්න උඹට පාකින්සන්ද බං? අරූගෙන් ගුටි නොකා බේරුණා ඇති..

    ReplyDelete
  9. කුඩු ගහලද බං උන්නෙ....බයිසිකලේ ආපු එකා නෑ කියලා බයිසිකලේ අදිනකොට තේරෙනවනෙ...එහෙම නොතේරෙනවා නම් අපි වගේ ස්කූටර් පැදහං...වයිපරේ ලග ඉද්දි මොන තනියක්ද බං...අනේ මන්දා....

    ReplyDelete