Wednesday, January 28, 2015

බිරිදක් හෙව්වා මා සසරේ -1



                   
කල වයස එද්දී කව්රුත් බලන්නේ සහකාරියෙක් හරි සහකරුවෙක් හරි හොයා ගන්න එකනේ. මමත් ඉතින් ඔය වයසට එද්දී වැඩේට එන්ටර් උනා.

ඉතින් මමත් පිටරටක ඉන්න හින්ද කෙල්ලෙක් හොයන්න උනේ ගෙදර කට්ටියට. මන් හිතන්නේ අවුරුදු තුනක් විතර කෙල්ලෝ හෙව්වා හෙව්වා හම්බ උනේ නැ.. මුලදී මට  ලංකාවට එන්න උනේ අවුරුද්දකට සැරයක්. ඉතින් ඒ එන සැරේට කිහිපදෙනෙක් බලන්න යනවා . අන්තිම වෙද්දී නම් හිතුව බදින්න ඕනේ නැ කියල. ඇයි හත් ඉලව්වේ පාරට බැස්සහම කෙල්ලෝ වැහි වැහැල.පනුවෝ කාපු  නැති ඇපල් ගෙඩිත් ඉන්නවා. .මං පනුවට කන්න අපල ගෙඩියක් නැ. රට යන්න කිව්වොත් ගෑනු ළමයි පදුරකට ගැහුවම හොයා ගන්න පුළුවන් වෙයි  කියල හිතුවට මන් හිටියේ කක්ක රටේ හින්ද ඒකට අකමැති වෙන්න ඇති.

අපේ නැදෑ අයිය  කෙනෙකුට නම් මගුල් 57ක් බලන්න ගිහිල්ල 58 වෙනි එක තමයි හරි ගියේ. එකත් අපේ අයියගේ  කපු කමක් හින්ද උනේ.
හැබැයි ඉතින් ඔහොම මගුල් බලන්න යන වැඩේටත්  වාසනාව තියෙන්නේ ඕනේ. ලව් කරහම ඔය වගේ චාන්ස් එන්නේ නැ.මමත් ඉතින් ලලනාවෝ පහළොවක් විතර නම් බලන්න යන්න ඇති.

ඉස් ඉස්සෙල්ලම ගියේ අහල පහල ගමක කෙනෙක් බලන්න . ඔන්න ඉතින් ළමයත් ඇවිත්  සුකුමොල විදිහට කතා කළා. මට ඉතින් පිළිබද සිතක් නම් පහල උනේ නෑ. ටික වෙලාවක් යද්දී කෙල්ලගේ මලයත් ආවා විටක් කකා . 

ඊට පස්සේ පලවෙනි චැප්ටර් එක ක්ලෝස් කළා. 
   
ඊට පස්සේ දවසක මාව දැකපු නැති මනුස්සයෙක් මට කෙල්ලෙක් කතාකරල . මම රට හිටිය හින්ද මාව දැක්කේ නැ.මගේ හැඩ හුරුකම් ගැන කිව්වහම මිනිහත් කිව්වලු එහෙනම් හොදට ගැලපෙයි කියල . ඉතීන් ඔන්න අපේ මමා.පපා,බ්‍රෝ ලත් එක්ක ගියා කෙල්ලව බලන්න.

මගදී තමයි දැනගත්තේ කෙල්ලගේ අයිය පොලිසියේ කියල. කමක් නැ ඉතින්කොහොමත් හිරේ යන ඒකෙ කොයි හිරෙත් එකයි කියල හිත හදාගෙන ගියා.

ගිය ගමන් කෙල්ලව බලන්න බැනේ.
සිරාවටම  ඇයි දන්නේ නැහැ  එහෙම කරන්නෙ. කෙල්ලව දැක්ක ගමන් යි කියලවත්ද දන්නේ නැ.

ඔන්න ඉතින් ගෙදර ඈයො එක්ක ටික වෙලාවක් කතා කර කර හිටියට පස්සේ තමයි කෙල්ල එන්ටර් වෙන්න ලෑස්ති උනේ.

හිතන් හිටියට කලින් ගනු ළමය බුලත් හෙප්පුව නම් ගෙනාවේ නැ. මෙයා  මොනවා ගෙනෙයිද කියල හිත හිත හිටිය.මොකුත්ම අතේ නැත්නම් තමයි හිතට සහනය..

ඉතින් ටික වෙලාවකින් ගෙදර කාමරෙකින් මෙන්න එනවා කෙල්ල මල් දාපු වතුර වීදුරුවක් අරන් .

කෙල්ලට කලින් දැක්කේ වතුර වීදුරුව. ..

අහෝ දෙවියනේ  කව්රුත් කිව්වේ නැනේ මෙහෙම මල් දාපු වතුර වීදුරුවක් අරන්  එනවා කියල. වීදුරුවට මොකද කරන්නෙ. ඒක බොන්න ඕනෙද , ඒක ගන්න ඕනෙද?. මම ලගට ගිහින් බිල එන්න ඕනෙද?බිව්වේ නැත්නම් පොවයිද ?බොන්න උනොත් මල් ටික අහක් කරලවත් බොනවා. .

මෙන්න කෙල්ල ලගටම ඇවිල්ල. හිතුව ඒවා අමතකයි. වීදුරුව මම අරගෙන ස්ටුල් එකෙන් තිබ්බ.ඒ තියල මෙහෙ බලද්දී මෙන්න කෙල්ල මට වදිනවා
                  
මල හතිලව්වයි. මේ මොකද යකෝ මේ . තව ටිකෙන් සුවපත් වේවා කියලත් කියා වෙනවා.බුදු අය්යේ මාව බදින්න එපා කියලවත් ද මේ වදින්නේ , බැදලා ඉක්මනට අරන් යන්න කියලවත් ද , ප්‍රශ්න කෝටියයි.

වැදලා නැගිටලා ගියාම මන් ඉද ගත්තා. ඉද ගත්තා නෙමේ ඉඳ උනා. 

මෙන්න බොලේ මේ කෙල්ල ගිහින්  අම්මටයි ත්ත්තටයි වදිනවා, කමක් නැ දෙමව්පියෝ නෙ කියල හිතුවට මේ කෙල්ල අපේ අයිය  ලගටත් ගිහින් වැන්ද  මෙන්න. 

එහෙම වට වන්දනාවේ ගිහින් ඇවිත් මගේ ඉස්සරහ තිබුණ පුටුවෙන් ඉඩ ගත්තහම තමයි කෙල්ල දැක්කේ.
මමත් ඉතින් කෙල්ල දිහා බැලුව කව්ද බලන්න.
අප්පටසිරි ,මට ගැලපෙනවා කිව්වට ඉතින් මන් වගේ 4ක් එකට තිබ්බොත් නම්  මැච් වෙනවා. 

කපුවට හිතින් බැන බැන හිටිය ඉතින් . මොනවා උනත් කෙල්ල එක්කත් තනිපංගලමේ කතා කරන්නත් හම්බ වෙනවනෙ. 

ඕකනේ මo කිව්වේ මේවට වාසනාව තියෙන්න ඕනේ කියල. "හික්"හික් "

ඒවත් ඉවර කරලා යන්න හදද්දී ආයිත් කෙල්ල කොනක ඉදන් වැදගෙන එනවා.
මමත් නැගිටලා දුවන්න හදද්දී දැක්කේ.මේ සැරේ වැන්දේ අම්මටයි තාත්තටයි  විතරයි.

..................................
ඔය යන යන සැරේට කපුවන්ට සල්ලි දෙන්නත් එපැයි. ඒ  හින්ද අපේ අම්ම කරන්නෙ කපුවගෙන් නම්බර් එක ඉල්ලගෙන කපුවටත් හොරෙන් ගිහින් කෙල්ලව බලල එනවා.

තවත් එක මගුලක් බලන්න ගියා ඔන්න . යනකොට සාදරයෙන් පිළිගත්තා. 
යනකොට බන්දුයි ටෙනියි ඉන්න ෆිල්ම් එකක් යනවා ටීවී ඒකෙ. ඒවා බලන්න බැනේ .ඉන්න එපැයි පිළිවෙලකට  . 

ඔන්න ටික වෙලාවකින් කෙල්ල ආව. කෙල්ල ඇදල  හිටියේ සල්වාර් එකක්. "ආයුබෝවන්" කියල ඇවිත් ඉද ගත්තා.

ඔන්න ඉතින් අපිට නිදහසේ කතා කරන්න දීල අනිත් අය එලියට ගියා.
මූණ දිහා බලල පොඩ්ඩක් දෙන්නම හිනා උනා. 

“ඉන්දියන් විදිහට අදින්න ආසයි වගේ නේද.”

“ඔව්”

“කොහෙද වැඩ කරන්නෙ”

“කොලබ අහවල් ඒකේ” .

ඔහොම ප්‍රශ්න ටිකක් අහල තව  අහන්න ප්‍රශ්න මතක් කර කර හිටිය.මේ වගේ තැන වලදී කෙල්ලෝ ප්‍රශ්න අහනව අඩු හින්ද 

මෙන්න ටික වෙලාවකින් කෙල්ල තනියම හිනා වෙනවා

හි ...හි ....හි ...
හිහ්. හිහි .හිහි ....
                              
මන් බැලුව මේ මොන බූතයෙක් වැහිලද කියල මුනත් බූතය වගේ හින්ද 

මෙන්න යකෝ මේ කෙල්ල බන්දුගෙයි ටෙනියගෙයි ෆිල්ම් එක බල බල හිනා වෙනවා,

මන් සද්ද නෙතුව බලන් හිටිය මොකාටද එන්නේ කියාලා.මේකිට මන් ඉන්නවා කියල ගානක්වත් නැති හැටි.

"ඔය ආස නැද්ද කොමඩි ෆිල්ම් වලට" . කෙල්ල අහනවා
ආසයි ආසයි.

මෙතන කොමඩි ෆිල්ම් දෙකක් යන එකනේ වැඩේ.

ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කොහෙද කියලත් හිතුන. 

කොහොමින් කොහොම හරි පස්සේ පවුල් විස්තර හොයල බලද්දී තමයි දැනගත්තේ කෙල්ලගේ පියාණන් වහන්සේට අග බිසව් දෙන්නක් ඉන්නවා කියල

තවත් කතාවක නිමාව අන්න එහෙම උනා..


ප.ලි
අදට ඇතිනේ තව ටිකක් ලබන පොස්ටුවෙන් ගේන්නම් . කල වයස හරිනම් යන්න රවුමක් . කෙල්ලෙක් හිටියත් කමක් නැ හොරෙන්වත් ගියොත් තමයි මේ වගේ චාන්ස් හම්බවෙන්නේ


26 comments:

  1. අපේ සින්දු ඇනෝ ආවා නම් කියයි.
    දෙමව්පියන් කියන නිසා හිතුනා බදින්න..
    මනාලියන් කිහිප දෙනෙක් ගියා බලන්න.
    එල ද බ්‍රා...ලියපන් දිගටම අපි එනවා..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. තැන්කියු සංජීව. සින්දු ඇනොත් එයි සින්දුවක් දාගෙනම.. බ්‍රෑන්ඩ් එක ගල් ,මෙන්ඩිස් නම් ගල් ,ගල් නම් මෙන්ඩිස් .හික් හික්

      Delete
  2. අම්මෝ ඕකා මේකට සින්දු දාහක් කියයි

    ReplyDelete
    Replies
    1. අටොම්. .බලමු ඇනාගේ සින්දුව මොකද්ද කියල....

      Delete
  3. හෙහ් බලාගෙන යද්දී ඒකත් නියම වැඩක්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම යන ඒකෙ රසේ තියෙන්නේ පස්සේ.. මොකද එහෙම ගිහින් වැඩේ හරි ගියේ නැතුවම එන්න වෙන්නේ බලාපොරොත්තු සුන් කරගෙන.. . පස්සේ තමයි ඉතින් ඒකෙ ජොලිය තියෙන්නේ.

      Delete
  4. වතුර වීදුරුව ගෙනාවම ඒක බොන එකයි ඇත්තෙ මල් ටිකත් කකා.

    ReplyDelete
    Replies
    1. මධු මදාවි , මල් කන්න වෙනවා ඔහොම නොදන්නා ඒවා අරගෙන එද්දී. . පස්සේ දැනගත්ත ඒක බදුල්ල පැත්තෙ ක්‍රමයක් කියල. ඇත්තද දන්නේ නැ..

      Delete

  5. මෙච්චර පැහැදිලිව තියෙද්දෙ මේකා කොල්ලෙක් කියලා අර අටමා ලියල තියෙන්නෙ මල්ලිට හරි නංගිට හරි කියලා. දැනුයි තේරුණේ..
    ඇයි හත්වලාමේ ලංකාවෙ ඉන්නකොට කෙල්ලක් යාළු කරගන්න බැරි උනේ ? හයියෝ.. අම්ම තාත්ත හොයල දෙනකල් ඉන්න උනානෙ..
    මේ වයසක අපිටත් පාරෙ බැහැල යන්න බෑ.. අනිච්චේ දුක්ඛේ !! අනේ කොල්ලනේ මෙන්න මේ අසරණයාට පාඩම් ඒකක් දෙකක් දීපල්ලකො..

    ReplyDelete
    Replies
    1. එකනේ සරත්. අටම් තව ටිකෙන් මගේ ජෙන්ඩර් එකත් මරු කරනවා. . මම පහුගිය අවුරුදු හයක්ම ලංකාවේ නෙමේ හිටියේ. . රට යන්න කලින් බදින්න වයස මදි වගේ. . ඉතින් ගියාට පස්සේ තමයි තනි රකින්න කව්රුත් හෙව්වේ. . හෙක් හෙක් .

      Delete
  6. උලක්ද හිලක්ද කියල හොයන්නේ කොහොමද මේ රෙද්ද ලෝඩ් නොවෙනකොට

    ReplyDelete
  7. මාත් ඔහොම වන්දනාවල දෙතුන් පාරක් ගිහිල්ල තියෙනව. දවල් කෑම වෙලාව අල්ලල ගිහිල්ල හොඳ ඩයට් එකක් දාල එන එක තමයි නියම වැඩේ. හැබැයි ඉතිං රිටර්න් එකත් දෙන්න උනොත්නං ටිකක් කේස් වෙනව.

    ඔය මල් දාල අරං එන්නෙ මලක් ගහමු අයියෙ කියන්න වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ කස්ටිය .. කෙල්ලට කැමති නැත්නම් කන්න තියෙන ටික කාල එන එක තමයි කොරන්ට තියෙන්නෙ. . . කපුවෝ කියන බොරු දකින්නෙ ගියාට පස්සෙනෙ. ඒ වෙලාවට දෙන හෙප්පුව අරන් ඔඩොක්කුවේ තියන් විටක් කන්න හිතෙනව... :d

      Delete
  8. මනමාලියෝ බලන්න ගියාම හරි ජොලි නේද? අපේ නැන්දගේ පුතාට මගුල් බලන්න යද්දි ඒ අයියා අපේ ලොකු තාත්තිගේ පුතාටත් කතා කරල තනියට යන්න. ගිහින් ගෙදර ආවම මනමාලිගේ ගෙදරින් දැනුම් දීලා ලොකු තාත්තිගේ පුතාටයි කැමති කියාලා. එක යුද්දයයි නැන්දිලා ගෙදර. පස්සේ කාලේ ලොකු තාත්තිගේ පුතාටත් මනමාලියෝ බලන්න ගියා. දෙතුන් දෙනෙකුට බලන්න එයා ගෙදර අයත් එක්ක ගියේ ඊට පස්සේ නංගිටයි මටයි කතා කරා දවසක්, එනවා යන්න හරි ජොලි ඒ වැඩේ කියලා. අම්මි, ලොකු අම්මි දෙන්නම එක හෙලාම විරෝධය පළකලා. මතකනේ ඉස්සෙල්ල වෙච්ච වැඩේ ඒ වගේ අයියට මනමාලියො බලන්න ගිහින් අපිට නංගිලා එහේ තියලා එන්නයි වෙන්නේ. ඒ නිසා ඔය දෙන්න ගෙදර ඉන්න කියලා. කස්ටිය ගියා.
    අදටත් බලන්න ගිය මනමාලියො මතක් කරල අයියා හිනාවෙනවා

    ReplyDelete
    Replies
    1. ජෝලි කියන්නෙ .. . දෙන්න එක්ක මලකුත් කඩලා එන ඒකනෙ.. මමත් මල්ලියිත් එක්කන් ගියා කිහිපයකට . මම රට හිටිය හින්ද කපුවො මාව වැඩිය මීටර් නැ. ඉතින් මවයි මල්ලිවයි පටලව ගන්නවා. එක සැරයක් ගෙදරකට යන්න කලින් කපුවා කියනවා මල්ලිට. හා, හා, මනමාල මහත්තය යන්න එහෙනම් ඉස්සර වෙලා .. අපි මෙහෙම හිනා උනාට අපි ගිය තැන වල අයත් අපිට හිනා වෙනවද දන්නේ නැ..

      Delete
  9. :D හි..හි.. ඉතුරු කතා ටිකත් ඊලඟ පොස්ට් එකකදී ලියන්න

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා . බදිනකන්ම වෙච්ච රසවත් කතා ටික එනවා ලගදීම..

      Delete
  10. ඉතින් උඹ බලන්න ගියේ කෙල්ලද තාත්තවද???

    ReplyDelete
    Replies
    1. තාත්ත ගැනත් බලන්න එපැයි.. කෙල්ල තාත්තගේ අඩිපාරේ ගියොත් එහෙම . . :o

      Delete
  11. කරපු පවකටද කොහෙද එක කෙල්ලක්වත් බලන්න යන්න බැරි වුණා

    ReplyDelete
    Replies
    1. මෙහෙම යන්න ගියාමත් හිතෙනවා ඇයි කෙල්ලෙක් යාලු කරගත්තෙ නැත්තෙ කියල... . දෙවිදිහම සුන්දරයි බලන් ගියාම.. ඔක්කොම අත්දැකීම් ලබන්න දෙවිදිහම කරන්න ඕනේ..හික් හික්

      Delete
  12. හෙහ් හෙහ්..මගෙ යාළුවෙක් ඔය මගුල් බැලිල්ලට සෑහෙන ගාන වියදන් කරල එපා වෙලා අන්තිමේ ඉන්දියන් කෙල්ලෙක් බැඳගත්ත.

    ReplyDelete
    Replies
    1. බැදපු එක හොදයි. මේවගේ යනකොට දින එකත් එපා වෙනවා.. එකෙන්ම ගොඩ ගියොත් හරි.

      Delete
  13. අනේ අම්මේ මල්කොබා...උඹ විඳලා තියෙන දුක දැක්කම මට බොහොම දුක හිතුනා බං...කොහොමද බං උඹට දන ගහලා වැන්ද දරුවගෙ හිසත් අතගාලා අනේ මම කැමති නෑ කිව්වෙ...මම හිතන්නෙ අපේ උන්ගෙන් රැකෝඩ් තිබ්බෙ ප්‍රියා කොලුවා (බ්ලොග් ලියන ප්‍රියා නෙ‍ාවෙයි) ප්‍රියා ඉතිං උඹෙත් මිත්තරයා නිසා වෙලාවක අහලා බලහංකො කීයද ටෝටල් එක කියලා...එහෙනං අපි ගියාවෙ......

    ReplyDelete
    Replies
    1. ඒ දැරිවි හනිමුන් ගිහිල්ලත් වදින්න අවොත් කියල හිතුන :>) . ප්‍රියත් එච්චර වැඩකාරයෙක්ද.. අහල බලන්න ඕනෙ. . හැබැයි මිනිහට පාඩුවක් නම් උනේ නැ...

      Delete