Wednesday, June 17, 2015

හරකා බොත්තම් සහ ටොයිලට්



හරකා 



අපේ ගෙදරට අල්ලපු වැටේ ඉන්න අක්ක කෙනෙක් අලුතෙන් ස්කුටියක් අරගෙන . ඉතින් මුලදී මුලදී හිමින් ගියාට දැන් නම් අපිටවත් අල්ලන්න බැරි වේගෙන් තමයි යන්නෙ.

ඉතින් මේ සිද්දිය ඔය කියන අක්කට වෙච්ච එකක්.

දවසක හවස් ජාමේ  එයාගේ දුවයි පුතයි එක්ක පන්ති ඉවර වෙලා ගෙදර යනවලු. .  ඔහොම යන අතරේ කොල්ලෙක් බයික් එකක් පාරට දාල හදිස්සියෙන්. . ඉතින් හදිසියේ වෙච්ච දේට කර ගන්න දෙයක් නැති කොට බ්රේක් පාරත් එක්ක පාරේ පත බෑවිලා..

ඉතින් වට පිටේ ආපු මිනිස්සුත් උදව් වෙලා මෙයාලව නැගිට්ටවන්න. වැටිච්ච බයික් එකත් අයිනට කරලා දීල. දෙතුන් දෙනාටම පොඩි පොඩි තුවාලත් සිද්ද වෙලා..

ඔහොම ඉන්නකොට සිද්දිය නොදැකපු සියා කෙනෙක් ඇවිත් එතනට..

පුතේ මොකද උනේ...  සියා අක්කාගෙන් ඇහුවලු.

අක්කටත් තද වෙලා හිටපු හින්ද අර කොල්ලව පෙන්නලා කිව්වලු

අන්න අර හරක හින්ද තමා උනේ  කියල

ඉතින් සියා කිව්වලු

ආ .. ආ... පුතේ හරකෙක් හප්පුනාද බයිසිකලේ..

හරකෙක් නෙමේ අන්කල් අර කොල්ල බයික් එක දැම්ම පාරට ..  කියල මාරු උනාලු.


..............................................

බොත්තම් 

අපේ ගෙදර ඉන්න පුසිත් දාන්ගලේ වැඩි වෙලා බඩකුත් උස්සන්ගෙන ඉදල ගිය මාසේ ලෝඩ් එක බෑව. පැටවූ පස් දෙනෙක් විතර උන්න වගේ මතකයි. දැන්නම් 2 කට අඩු කර ගත්ත දාන්න අවුරුද්දට ගෙදරට අපු උදවියට පින්සිද්ද වෙන්න.. හිස් අතින් යවන්නත් හොද නැති ඒකෙ එක එකා බොහොම අමාරුවෙන් දීල යැව්වා..

ඔන්න දවසක් පොඩි එකෙකුත් එක්ක ආව නෑදෑ වෙන අක්ක කෙනෙකුයි හබියයි... පොඩි එකාටත් ඉන්න බැ දාන්ගලේ..

කොහොම හරි යන්න ලෑස්ති වෙලා  පොඩි එකා එලියට බැස්සම තමයි දැක්කේ පුසී එළියේ නිදන් ඉන්නවා.

අම්මේ....

ඇයි..

අර මොනවද පුසිගේ ඇගේ බොත්තම් වගේ තියෙන්නෙ.

මටත් ඇහුන පාර ඒ දිහා බලලා අක්ක දිහත් බැලුව..

අක්ක සද්ද නැ..

අම්මේ.. මොනවද කියන්නකො ඒ  බොත්තම් වගේ තියෙන්නේ කියල...

ඒ සැරේ කොල්ලගෙන් බේරෙන්න බැ .. අහන්නෙම ඒක..

අක්කටත් හිනා යන්න ඔන්න මෙන්න හින්ද පොඩි එකට කියා දැම්ම පැටවුන්ට කුක්කු දෙන්නෙ ඒකෙන් කියල..


.............................................................................................

ටොයිලට් එක


පහුගිය සතියේදී ඔෆිස් ඒකෙ වෙච්ච දෙයක් මේ කියන්න යන්නේ..

ඔෆිස් එක අතුගාල මොප්  කරන්නේ  විමලසිරි කියල කෙනෙක්. 
 සතියකට සැරයක් විතර කොස්සකුත් අරන් එනවා අතු ගාන්න.. මොප්  කරන්න ගියත් ඇහැට පේන හරිය විතරක් කරලා ශේප් වෙනවා.

ඉතින් කට පොඩ්ඩක් තියෙන  මිනිහට ඕනෑම ප්‍රශ්නෙකට දෙන්න උත්තරයක් නම් තියෙනවා.

ඉතින් මේ කියන දවසෙත් මිනිහ මොප්  කරලා ඉවර වෙක වතුර එක හලන්නද මන්ද ගිහින් තියෙන්නේ ලේඩිස් ටෝයිලට්  එකට.

ඕකෙන් එලියට එද්දිම ඔෆිස් ඒකෙ වැඩ කරන කෙනෙක්ට මාට්ටු උනා..

“විමලසිරි දැන් ලේඩිස් ල යන ටොයිලට් වලටද යන්නෙ.” කියල යාළුවා ඇහුව.

විමලසිරි කියපි..

“ඔව් ඉතින් මන් ගෙදරදීත් යන්නෙත්  ගෑණි යන ටෝයිලට්  එකටමනෙ.”