Tuesday, July 21, 2015

මාමගේ මැච් බැලිල්ල







කලකට පස්සේ වේලකට බැස්සේ කියල හිතාගෙන ගිය ඉරිදා ගෙදර උන්දැලත් එක්ක නෑදෑ ගෙදරක යන්න ලෑස්ති කරගත්ත. පොඩි එකත් අසනීපෙන් හිටිය හින්ද ගිය සති දෙකේ කොහෙවත් යන්න ලැබුනෙත් නෑ.

අපේ මාම කෙනෙක්ගේ ගෙදර තමයි ගියෙ. අම්මනම් කියන්නේ මාම ඇවිදින්නෙ නෙලුම්කොලේ උඩ කොරවක්ක ඇවිදිනවා වගේ කියල. ( දන්නේ නැත්නම්  නෙලුම් කොලයක් උඩ කොරවක්කෙක් තියල බලන්න )

හවස පහට කිට්ටු වෙද්දී මාමගේ ගෙදර ලගට ගියා විතරයි පුටු බලු නාම්බෝ දෙන්නෙක් බෙරිහන් දෙන්න ගත්ත.
කොහොමහරි බලු නාම්බන්ගෙන් බේරිලා ගේ ඇතුලට රිංග ගත්ත බොහොම අමාරුවෙන්.

එදා ක්‍රිකට් මැච් එකත් තිබ්බ හින්ද අපි යනකොට මාම මැච් එක බලනවා අගල් 32 පුළුල් තිරේක..

එතකොට ලකුණු තත්වය  224 විතර. පකිස්තාන් කණ්ඩායමට විකට් තිබ්බ හින්ද ලකුණු 300 කට එහා යන තත්වයක් තමයි තිබ්බේ. 
කොහොමත් එහෙම උනානෙ.

මාමේ ලකුණු 300 නම් ගහයි වගේ නේද..

නෑ නෑ තව 55  දිනන්න ඕනේ .

නෑ මාමේ පකිස්තානෙනේ ඉස්සෙල්ල ගහන්නෙ..

එතකොට මේ ඉස්සෙල්ල ඉනිමද

ඔව්

එතකොට අර පහලින් දාල තියෙන්නෙ 279 කියල මොකද්ද

මාත් බැලුව මොකද්ද ඒ කියන්නේ කියල

බැලින්නම් මෑන් රැවටිලා තියෙන්නේ PROJECTED SCORE එකට.
අම්මප මාම කට බලියාගෙන මැච්  එක බලද්දී මට හිතුන තේරුමක් ඇතුව බලනවා කියල.

මාමේ ඒ තියෙන්නෙ PROJECTED SCORE එක . ඒ කියන්නෙ දැනට තියෙන රන් රේට් එකට ඕවර්ස් 50 ට ගනියි කියල හිතෙන ගාන..

ආ එහෙමද....

මන් උදෙත් බැලුව ටි.වී. ඒකෙ මැච් එක තිබ්බේ නැ.. මන් හිතුවේ පෙන්නන්න නැතුව ඇති කියල..

මාමත් එක්ක මැච් එක ගැන කතා කරන්න ගියොත් මන් අමාරුවේ වැටෙන හින්ද සද්ද නැතුව මැච් එක බැලුව.