Wednesday, January 28, 2015

බිරිදක් හෙව්වා මා සසරේ -1



                   
කල වයස එද්දී කව්රුත් බලන්නේ සහකාරියෙක් හරි සහකරුවෙක් හරි හොයා ගන්න එකනේ. මමත් ඉතින් ඔය වයසට එද්දී වැඩේට එන්ටර් උනා.

ඉතින් මමත් පිටරටක ඉන්න හින්ද කෙල්ලෙක් හොයන්න උනේ ගෙදර කට්ටියට. මන් හිතන්නේ අවුරුදු තුනක් විතර කෙල්ලෝ හෙව්වා හෙව්වා හම්බ උනේ නැ.. මුලදී මට  ලංකාවට එන්න උනේ අවුරුද්දකට සැරයක්. ඉතින් ඒ එන සැරේට කිහිපදෙනෙක් බලන්න යනවා . අන්තිම වෙද්දී නම් හිතුව බදින්න ඕනේ නැ කියල. ඇයි හත් ඉලව්වේ පාරට බැස්සහම කෙල්ලෝ වැහි වැහැල.පනුවෝ කාපු  නැති ඇපල් ගෙඩිත් ඉන්නවා. .මං පනුවට කන්න අපල ගෙඩියක් නැ. රට යන්න කිව්වොත් ගෑනු ළමයි පදුරකට ගැහුවම හොයා ගන්න පුළුවන් වෙයි  කියල හිතුවට මන් හිටියේ කක්ක රටේ හින්ද ඒකට අකමැති වෙන්න ඇති.

අපේ නැදෑ අයිය  කෙනෙකුට නම් මගුල් 57ක් බලන්න ගිහිල්ල 58 වෙනි එක තමයි හරි ගියේ. එකත් අපේ අයියගේ  කපු කමක් හින්ද උනේ.
හැබැයි ඉතින් ඔහොම මගුල් බලන්න යන වැඩේටත්  වාසනාව තියෙන්නේ ඕනේ. ලව් කරහම ඔය වගේ චාන්ස් එන්නේ නැ.මමත් ඉතින් ලලනාවෝ පහළොවක් විතර නම් බලන්න යන්න ඇති.

ඉස් ඉස්සෙල්ලම ගියේ අහල පහල ගමක කෙනෙක් බලන්න . ඔන්න ඉතින් ළමයත් ඇවිත්  සුකුමොල විදිහට කතා කළා. මට ඉතින් පිළිබද සිතක් නම් පහල උනේ නෑ. ටික වෙලාවක් යද්දී කෙල්ලගේ මලයත් ආවා විටක් කකා . 

ඊට පස්සේ පලවෙනි චැප්ටර් එක ක්ලෝස් කළා. 
   
ඊට පස්සේ දවසක මාව දැකපු නැති මනුස්සයෙක් මට කෙල්ලෙක් කතාකරල . මම රට හිටිය හින්ද මාව දැක්කේ නැ.මගේ හැඩ හුරුකම් ගැන කිව්වහම මිනිහත් කිව්වලු එහෙනම් හොදට ගැලපෙයි කියල . ඉතීන් ඔන්න අපේ මමා.පපා,බ්‍රෝ ලත් එක්ක ගියා කෙල්ලව බලන්න.

මගදී තමයි දැනගත්තේ කෙල්ලගේ අයිය පොලිසියේ කියල. කමක් නැ ඉතින්කොහොමත් හිරේ යන ඒකෙ කොයි හිරෙත් එකයි කියල හිත හදාගෙන ගියා.

ගිය ගමන් කෙල්ලව බලන්න බැනේ.
සිරාවටම  ඇයි දන්නේ නැහැ  එහෙම කරන්නෙ. කෙල්ලව දැක්ක ගමන් යි කියලවත්ද දන්නේ නැ.

ඔන්න ඉතින් ගෙදර ඈයො එක්ක ටික වෙලාවක් කතා කර කර හිටියට පස්සේ තමයි කෙල්ල එන්ටර් වෙන්න ලෑස්ති උනේ.

හිතන් හිටියට කලින් ගනු ළමය බුලත් හෙප්පුව නම් ගෙනාවේ නැ. මෙයා  මොනවා ගෙනෙයිද කියල හිත හිත හිටිය.මොකුත්ම අතේ නැත්නම් තමයි හිතට සහනය..

ඉතින් ටික වෙලාවකින් ගෙදර කාමරෙකින් මෙන්න එනවා කෙල්ල මල් දාපු වතුර වීදුරුවක් අරන් .

කෙල්ලට කලින් දැක්කේ වතුර වීදුරුව. ..

අහෝ දෙවියනේ  කව්රුත් කිව්වේ නැනේ මෙහෙම මල් දාපු වතුර වීදුරුවක් අරන්  එනවා කියල. වීදුරුවට මොකද කරන්නෙ. ඒක බොන්න ඕනෙද , ඒක ගන්න ඕනෙද?. මම ලගට ගිහින් බිල එන්න ඕනෙද?බිව්වේ නැත්නම් පොවයිද ?බොන්න උනොත් මල් ටික අහක් කරලවත් බොනවා. .

මෙන්න කෙල්ල ලගටම ඇවිල්ල. හිතුව ඒවා අමතකයි. වීදුරුව මම අරගෙන ස්ටුල් එකෙන් තිබ්බ.ඒ තියල මෙහෙ බලද්දී මෙන්න කෙල්ල මට වදිනවා
                  
මල හතිලව්වයි. මේ මොකද යකෝ මේ . තව ටිකෙන් සුවපත් වේවා කියලත් කියා වෙනවා.බුදු අය්යේ මාව බදින්න එපා කියලවත් ද මේ වදින්නේ , බැදලා ඉක්මනට අරන් යන්න කියලවත් ද , ප්‍රශ්න කෝටියයි.

වැදලා නැගිටලා ගියාම මන් ඉද ගත්තා. ඉද ගත්තා නෙමේ ඉඳ උනා. 

මෙන්න බොලේ මේ කෙල්ල ගිහින්  අම්මටයි ත්ත්තටයි වදිනවා, කමක් නැ දෙමව්පියෝ නෙ කියල හිතුවට මේ කෙල්ල අපේ අයිය  ලගටත් ගිහින් වැන්ද  මෙන්න. 

එහෙම වට වන්දනාවේ ගිහින් ඇවිත් මගේ ඉස්සරහ තිබුණ පුටුවෙන් ඉඩ ගත්තහම තමයි කෙල්ල දැක්කේ.
මමත් ඉතින් කෙල්ල දිහා බැලුව කව්ද බලන්න.
අප්පටසිරි ,මට ගැලපෙනවා කිව්වට ඉතින් මන් වගේ 4ක් එකට තිබ්බොත් නම්  මැච් වෙනවා. 

කපුවට හිතින් බැන බැන හිටිය ඉතින් . මොනවා උනත් කෙල්ල එක්කත් තනිපංගලමේ කතා කරන්නත් හම්බ වෙනවනෙ. 

ඕකනේ මo කිව්වේ මේවට වාසනාව තියෙන්න ඕනේ කියල. "හික්"හික් "

ඒවත් ඉවර කරලා යන්න හදද්දී ආයිත් කෙල්ල කොනක ඉදන් වැදගෙන එනවා.
මමත් නැගිටලා දුවන්න හදද්දී දැක්කේ.මේ සැරේ වැන්දේ අම්මටයි තාත්තටයි  විතරයි.

..................................
ඔය යන යන සැරේට කපුවන්ට සල්ලි දෙන්නත් එපැයි. ඒ  හින්ද අපේ අම්ම කරන්නෙ කපුවගෙන් නම්බර් එක ඉල්ලගෙන කපුවටත් හොරෙන් ගිහින් කෙල්ලව බලල එනවා.

තවත් එක මගුලක් බලන්න ගියා ඔන්න . යනකොට සාදරයෙන් පිළිගත්තා. 
යනකොට බන්දුයි ටෙනියි ඉන්න ෆිල්ම් එකක් යනවා ටීවී ඒකෙ. ඒවා බලන්න බැනේ .ඉන්න එපැයි පිළිවෙලකට  . 

ඔන්න ටික වෙලාවකින් කෙල්ල ආව. කෙල්ල ඇදල  හිටියේ සල්වාර් එකක්. "ආයුබෝවන්" කියල ඇවිත් ඉද ගත්තා.

ඔන්න ඉතින් අපිට නිදහසේ කතා කරන්න දීල අනිත් අය එලියට ගියා.
මූණ දිහා බලල පොඩ්ඩක් දෙන්නම හිනා උනා. 

“ඉන්දියන් විදිහට අදින්න ආසයි වගේ නේද.”

“ඔව්”

“කොහෙද වැඩ කරන්නෙ”

“කොලබ අහවල් ඒකේ” .

ඔහොම ප්‍රශ්න ටිකක් අහල තව  අහන්න ප්‍රශ්න මතක් කර කර හිටිය.මේ වගේ තැන වලදී කෙල්ලෝ ප්‍රශ්න අහනව අඩු හින්ද 

මෙන්න ටික වෙලාවකින් කෙල්ල තනියම හිනා වෙනවා

හි ...හි ....හි ...
හිහ්. හිහි .හිහි ....
                              
මන් බැලුව මේ මොන බූතයෙක් වැහිලද කියල මුනත් බූතය වගේ හින්ද 

මෙන්න යකෝ මේ කෙල්ල බන්දුගෙයි ටෙනියගෙයි ෆිල්ම් එක බල බල හිනා වෙනවා,

මන් සද්ද නෙතුව බලන් හිටිය මොකාටද එන්නේ කියාලා.මේකිට මන් ඉන්නවා කියල ගානක්වත් නැති හැටි.

"ඔය ආස නැද්ද කොමඩි ෆිල්ම් වලට" . කෙල්ල අහනවා
ආසයි ආසයි.

මෙතන කොමඩි ෆිල්ම් දෙකක් යන එකනේ වැඩේ.

ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කොහෙද කියලත් හිතුන. 

කොහොමින් කොහොම හරි පස්සේ පවුල් විස්තර හොයල බලද්දී තමයි දැනගත්තේ කෙල්ලගේ පියාණන් වහන්සේට අග බිසව් දෙන්නක් ඉන්නවා කියල

තවත් කතාවක නිමාව අන්න එහෙම උනා..


ප.ලි
අදට ඇතිනේ තව ටිකක් ලබන පොස්ටුවෙන් ගේන්නම් . කල වයස හරිනම් යන්න රවුමක් . කෙල්ලෙක් හිටියත් කමක් නැ හොරෙන්වත් ගියොත් තමයි මේ වගේ චාන්ස් හම්බවෙන්නේ