Tuesday, March 17, 2015

කඩේ අංකල්



 අන්කල්ගේ බිස්නස්
        
                           
ලන්ච් එකෙන් පස්සේ ඉදල හිටලා යෝගට් එකක රස විදින්න පාරෙන් එහා පැත්තේ තියෙන කඩේට ගොඩ වෙනවා. ඔය කඩේ මුදලාලි නැති වෙලාවට ඉන්නේ මුදලිගේ තාත්තා වගේ ඉන්න වයසක උන්දැ කෙනෙක්.. ඔය අන්කල් ඉන්න වෙලාවේ වෙච්ච් සිද්දි දෙකක් තමයි අද පොස්ටුවෙන් දාන්නේ

එක දවසක් අපි යෝගට් එකක් කකා  ඉන්නකොට කඩේට ආපු මනුස්සයෙක් එක්ක මෙහෙම දෙබසක් යනවා.

“කො අන්කල් අද අයිය  නැද්ද කඩේ.”

“නැ පුතේ පොඩි ගමනක් ගිහිල්ල”

“අන්කල් මට දෙන්නකෝ ස්ර්ප් එක්සෙල් පැකට් එකක්”

“ලොකු එකද ඕනේ පොඩි එකද”

“ලොකු එක දෙන්නකො”

“ආ මෙන්න”

“අන්කල් කියද ගාන..”

“රුපියල් දහයයි..”

“මේකනම් දහයක් වෙන්න බැ අන්කල් ඉන්න බලන්න”

“නැ පුතේ ඔය ගහල තියෙන්නේ දහයයි කියල”

“හික් හික් ඒ අන්කල වෙනද ගානට වැඩිය දහයක් අඩුවෙන් දෙනවා කියල තියෙන්නෙ”

“අප්පොච්චියේ පුතේ මන් උදේ ඉදන් ඕව වික්කේ රුපියල් දහය ගානෙනෙ.”

 .........................................................................................................................................

යෝගට් එක

                                   

කලින්ම දවල් බත් ගෙඩිය කාල ඉවර වුන හින්ද මෙදාත් ඉතින් යෝගට්ටුවක් කන්න කියල හිතාගෙන ගියා කඩේ පැත්තට .
එදත් රියල් මුදලාලි නැ. හිටියේ අන්කල් විතරයි..

අපි යනකොට අන්කල් මොනවදෝ වැඩක්.  .

ඉතින් අපිම ගිහිල්ල ෆ්‍රිජ් එකෙන් යෝගට් අරන් කන්න පටන්  ගත්ත

ටික වෙලාවකින් යෝගට් කන යාලුවෙක්  කැ  ගහගෙන එනව ..

“අන්කල් මේක එක්ස්පයර් වෙලානේ.. මන් බාගේකුත් කැවා.”

“ආ ඔව් ඔව් ඔකේ තිබ්බ එක්ස්පයර් වෙච්ච යෝගට් තුන හතරක් . උදෙත් කව්ද කිව්වා එක්ස්පයර් වෙලා කියල ..”

“කියන්න එපෑ අංකල් “

අන්කල්ට හොම්බට අනින්න බැරි කමට යාළුවා ඉවසගෙන හොද යෝගට් එකක් තෝරාගෙන රසවින්දා.

ජරාව කාල පුරුදු හින්දද කොහෙද බඩේ අවුලක් නම් වුනේ නෑලු..

21 comments:

  1. අන්කල් තව ටික දවසක් හිටියොත් කඩේ අයිය ගුටිකාල, කඩෙත් වහගන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න , අංකල් බුවා දිගටම හිටියොත් කඩේ වහන්න වෙනවා ෂුවර්

      Delete
  2. (ෆෙම්ස් නම් නෑ පුතේ පාන් නම් තියෙනවා කිව්වලු).
    කඩවල වැඩ බලන අංකල්ලා හොඳයි අයිතිකාර අංකල්ලට වඩා. උන්ගෙ හිතේ ඒ කඩවලට නොගියොත් අපි නොකා නොබී මැරෙයි කියලා. එච්චරට රැස්පොට්.

    ReplyDelete
    Replies
    1. හික්ස්. මදාවි මොකද අංකල්ලා එක්ක මෙච්චර තරහ.. ම් ..ම්.. ම් .....

      Delete
  3. තව දෙකතුනක්ම දැම්ම නං තවත් මරු.. හදලාහරි කමක් නෑ, මෙව්වගේ හිනා යනවා නං එච්චරයි...

    ReplyDelete
    Replies
    1. තව යෝගට් ටිකක් කන්න ගියානම් කතා ටිකක් ලියන්න තිබ්බ.. ඔපිස් ඒකෙ එකෙක් කියනවා " මචන් ,උදේට කෑම ගන්න ගියාම අන්කල් හිටියොත් ගාන එක්කො 60 යි නැත්නම් 70 යි. මේ යකාට ගණන් බැරිද කොහෙද "

      Delete
  4. මදි මදි බං, මේවගේ කතා තව තුන හතරක් තිබ්බ නං මරු.

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ අන්කල්ගේ කඩේට වැඩිය කතා තියෙනවා වගේ හික් හික් ..අන්කල් කඩේ ඉන්න දවසට නිවාඩුවක් දාල කඩේට වෙලා හිටියනම් මට මාසයක් බ්ලොග් එක දුවන්න පොස්ට් ටිකක් ලියා ගන්න තිබ්බ .

      Delete
  5. අන්න එහෙම තමයිලු බිස්නස් කරන්නේ.. හැබැයි අර රුපියල් 10ට සර්ප් එක්සෙල් විකුණපු එක ඇරෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට යෝගට් ඒකෙ ගාන අහන්නෙත් අපෙන් 30 එකක්ද 35 එකක්ද කියල ..

      Delete
  6. හි..හි... සර්ප් එක්සෙල් සේල් වගේ කට්ටිය අරගෙන යන්න ඇති නේද ?

    තව කතා ටිකකුත් ලිව්වානම් තමයි හොඳ .. :))

    ReplyDelete
    Replies
    1. කඩේ අයිය හවස ඇවිල්ල බලද්දී සතුටු හිතෙන්න ඇති. කඩේ බදු විකුණලා හින්ද . හික් හික් තුෂානිත් ඇවිල්ල යෝගට් එකක් කාල යන්නකෝ අන්කල්ගේ කඩෙන්.. :p

      Delete
  7. මරු කතා දෙක බං... :-)

    ReplyDelete
  8. අම්මෝ මේ ඔව්වට කියන්නේ බිසිනොස් ට්‍රික්ස් කියලා. ගණන් බැරිකම නෙවි.දැන් බලමුකෝ නොමිලේම මල්කොබාගෙන් අංකල් ට ලැබුන පබ්ලිසිටිය.:P

    ReplyDelete
    Replies
    1. පබ්ලිසිටි .. :-? එහෙමත් උනාද ? .... කුනුවෙච්ච යෝගට් දුන්න එක නම් අන්කල්ගේ බිස්නස් ට්‍රික්ස් තමා

      Delete
  9. අංකල් හොදා ඈ
    එක්ස්පයර් වුනා කියල ඕව අහකට විසිකොරන්නයැ
    අනික බේරුවල් බොක්කට තව කුණු ටිකක් එක් වුණා කියලමක්ක වෙනවැයි හිහි

    ReplyDelete
    Replies
    1. හික්ස් =p~ .. . . .. ඒක තමයි පොරට එක්ස්පයර් වෙච්ච ඒවා කාලත් අවුලක් උනේ නැත්තෙ..

      Delete
  10. ඔහොම අංකල් ලට ඉතුරු දෙන්න ගාන හදාගන්න ගිහින් පැටලුනාම තමයි හොන්දම ආතල් එක... හපෝයි.. හෙහ් හේ..

    ReplyDelete
  11. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete