Monday, March 30, 2015

කැම්ප් ගිහින්



එක සැරයක් අපි ගියා නුවරඑලි කැම්ප් සයිට් එකට.ලංකාවේ තියෙන දෙවැනි බාලදක්ෂ පුහුණු කදවුර තමයි ඒ .පිඩ්රු බාලදක්ෂ පුහුණු කදවුර නමින් තමයි එය හදුන්වන්නේ .දවස් පහක කැම්ප් එකක්  තමයි අපි ගියේ.
එහෙ ගියාම ඉතින් ඉන්න කැබින් තියෙනවා ලී වලින් හදපු. අපි නම දෙනා හිටියේ ඔය කියන එකකින් එකකැ. ඒකෙ තමයි කුස්සිය එහෙමත් තිබ්බේ..
මේ තියෙන්නේ කැම්ප් ඒකෙ පොටෝ එකක්.






රැට ඉතින් සීතලයිනෙ .එහෙ යන්නත්  කලින්ම සීතල දැනුනු අපේ බයියො ටිකට උවමනා දේවල් අරගෙන ගියේ.ඒ කිව්වේ බියර් බෝතලුත් අරගෙන ගියේ.. අහු වුනොත් ඊලග කෝච්චියෙම ගෙදර යන්න බලන් තමයි වැඩේට සෙට් උනේ.

ඔන්න ඉතින් රැ වෙනකොට සීත සුලන් අවට හමන්න ගත්තා. සුදු වලාකුළු කන්දේ හපුනද කියල පෙනුනේ නැ රැ හින්ද

ඔන්න ඉතින් කට්ටිය හිමින් හිමින් වැඩේට සෙට් උනා.
බෝතල් ටිකත් ලගට ගත්තා

අඩෝ ගෙනෙන්කෝ බන් කෝප්ප හරි විදුරු හරි. .  එකෙක් ලග හිටපු එකාට කිව්වා.

ඒවා කොහෙද බන් මෙහෙ. . එකක් දෙකක් නම් ඇති.

එහෙනම් එක එකාට තම එහෙනම් බොන්න වෙන්නේ.

හිටපන් හොද වැඩක් කරන්න. මේ තියෙන්නේ බඩු. කියපු හාදය ගෙනාවේ උයන්න ගෙනාපු පොල් ගෙඩියක් . 

මෙන්න මේක පළල ගමු බන් බැය බැය .

ඔන්න ඉතින් කට්ටියම බැය වල් ටික  අරගෙන ගෙන කස්ටියම සප්පායම් උනා. හීනියට සිංදුවකුත් කියාගෙන වැඩේ කරගෙන ගියෙ .

වැඩේ ඉවර වෙලා පොල් බැ ටික ඇතුලේ තියන්න බැරි හින්ද එක එකා එලියට ගිහිල්ල එහා පැත්තේ තිබ්බ කැලේට වෙන්න විසිකරා. හැබැයි ඉතින් එළියේ මෙලෝ ලයිට් එකක් නෑ. 

ඊට පස්සේ ඉතින් කට්ටිය නිදා ගත්තා..

උදේම අහවල් බර උන  එකෙක් එලියට ගිහිල්ල යුරියා පිට කරන්න

අඩෝ මොනවද තියෙනවා බන් මිදුලේ සුදු පාටට . වරෙන්කො පෙන්නන්න 

කොහෙද බන් , හතු පිපිල වෙන්න ඇති. 

නැ බන්

යමන් බලන්න

යකෝ මේ පොල් බැ ටික.

අඩෝ මෙහෙ වරෙව් , කව්ද බන් මේ පොල් බැ ටිකකැලේට කියල  මිදුලට විසිකලේ. ගිහින් අරන් දාපල්ලා සර් එන්න කලින්.

බැලින්නම් එකාට එකා කරුවලේ පොල් බැ ටික විසි කරලා තියෙන්නේ මිදුල පැත්තට. 

කට්ටියම් සීතලේ ගැහි ගැහි උදේ පාන්දර පොල් බැ විසිකලා.
අරුගේ අහවල් බරට පින් සිද්ද වෙන්න සර්ට මාට්ටු නොවී බේරුනා..

.........................................@@@@@...................................

බොහොමයක් බාලදක්ෂ කදවුරු සදහා අපි ගියෙ මීරිගම තියෙන ලී දසනායක බාලදක්ෂ කදවුරට .ඒක  පොඩි කැලේක තියෙන සුන්දර කදවුරු භූමියක්.ඉදිරි ලිපියකින් ඒ  ගැන විස්තරයක් කියන්නම් . 

කුඩල්ලෝ පිරිච්ච මේකට යනවනම් සබන් වතුර බෝතලයක් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ.

එක දවසක් අපි ප්‍රොජෙක්ට්  එකකට යන්න උනා . දවස් 3ක් විතර නවතින්න බලගේනමයි අපි ගියේ. ඔය ගියාම තමයි දැනගත්තෙ  ජීවිත් රෝදේ ටෙලිනාට්‍ය රූගත කරන්න කස්ටිය ඇවිල්ල කියල  . දන්න කියන නලු නිලියෝ කිහිප දෙනෙක් ඇවිල්ල හිටිය. 

ඉතින් අපේ වැඩ කරගෙන ඉන්න අතරතුර කැම්ප් එක භාරව ඉන්න නීල් සර් ආව

උබල රගපාන්න ආසද 

නැතුව සර්

එහෙනම් වරෙල්ල උබල ඔක්කොම

සර් ඇත්තමද

ඔව් ඔව් 

උබලට තියෙන්නේ බස් හෝල්ට් එකක ඉන්න විදිහට ඉන්න . එච්චරයි
අපි හිතුවේ සර් මේන් රෝල් එක කියල

ඕකනේ ඉතින් උබලට. උබල ඔක්කොටම මේන් රෝල් රගපාන්න බැනේ. මෙන්න මෙහෙ වරෙව්. පරක්කු වෙනවා

ඔන්න අපිත් ගියා වැඩේට 

අපිට එහෙම උනාට අපේ කැම්ප් එක බලාගන්න සර් ට නම් හොද රෝල් එකක් දීල තිබ්බ. මිනිහත් රෙද්දක් පොරවාගෙන බස් එක ඇතුලේ  හිටිය මතකයි 

එදා තිබුනේ බස් එකක් ඇතුලේ කරන දෙබස් වගයක්.

ඉතින් අපිට එළියේ ඉදන් එහෙට මෙහෙට යන්නයි බස් හෝල්ට් ඒකෙ ඉන්නයි තමා  තිබ්බේ.

බස එක යන විදිහ එයාල රුගත කලත් බස් එක තිබ්බේ එක තැන. දෙපැත්තෙන් කිහිප දෙනෙක් කොළ අතු අරගෙන  එහා මෙහා යන එක තමයි කලේ. තව එකෙක් බස් එක හොලවනව. තව එකෙක් ලයිට් කනුව යන විදිහට ලයිට් එකක් අරන් යනවා.. 

ඔන්න ඔහොම තමයි ලාබෙට රුගත කිරීම් කලේ.
එහෙම පොඩි අත්දැකීමකුත් එක්ක අපේ වැඩෙත් අවසන් කළා.

Tuesday, March 17, 2015

කඩේ අංකල්



 අන්කල්ගේ බිස්නස්
        
                           
ලන්ච් එකෙන් පස්සේ ඉදල හිටලා යෝගට් එකක රස විදින්න පාරෙන් එහා පැත්තේ තියෙන කඩේට ගොඩ වෙනවා. ඔය කඩේ මුදලාලි නැති වෙලාවට ඉන්නේ මුදලිගේ තාත්තා වගේ ඉන්න වයසක උන්දැ කෙනෙක්.. ඔය අන්කල් ඉන්න වෙලාවේ වෙච්ච් සිද්දි දෙකක් තමයි අද පොස්ටුවෙන් දාන්නේ

එක දවසක් අපි යෝගට් එකක් කකා  ඉන්නකොට කඩේට ආපු මනුස්සයෙක් එක්ක මෙහෙම දෙබසක් යනවා.

“කො අන්කල් අද අයිය  නැද්ද කඩේ.”

“නැ පුතේ පොඩි ගමනක් ගිහිල්ල”

“අන්කල් මට දෙන්නකෝ ස්ර්ප් එක්සෙල් පැකට් එකක්”

“ලොකු එකද ඕනේ පොඩි එකද”

“ලොකු එක දෙන්නකො”

“ආ මෙන්න”

“අන්කල් කියද ගාන..”

“රුපියල් දහයයි..”

“මේකනම් දහයක් වෙන්න බැ අන්කල් ඉන්න බලන්න”

“නැ පුතේ ඔය ගහල තියෙන්නේ දහයයි කියල”

“හික් හික් ඒ අන්කල වෙනද ගානට වැඩිය දහයක් අඩුවෙන් දෙනවා කියල තියෙන්නෙ”

“අප්පොච්චියේ පුතේ මන් උදේ ඉදන් ඕව වික්කේ රුපියල් දහය ගානෙනෙ.”

 .........................................................................................................................................

යෝගට් එක

                                   

කලින්ම දවල් බත් ගෙඩිය කාල ඉවර වුන හින්ද මෙදාත් ඉතින් යෝගට්ටුවක් කන්න කියල හිතාගෙන ගියා කඩේ පැත්තට .
එදත් රියල් මුදලාලි නැ. හිටියේ අන්කල් විතරයි..

අපි යනකොට අන්කල් මොනවදෝ වැඩක්.  .

ඉතින් අපිම ගිහිල්ල ෆ්‍රිජ් එකෙන් යෝගට් අරන් කන්න පටන්  ගත්ත

ටික වෙලාවකින් යෝගට් කන යාලුවෙක්  කැ  ගහගෙන එනව ..

“අන්කල් මේක එක්ස්පයර් වෙලානේ.. මන් බාගේකුත් කැවා.”

“ආ ඔව් ඔව් ඔකේ තිබ්බ එක්ස්පයර් වෙච්ච යෝගට් තුන හතරක් . උදෙත් කව්ද කිව්වා එක්ස්පයර් වෙලා කියල ..”

“කියන්න එපෑ අංකල් “

අන්කල්ට හොම්බට අනින්න බැරි කමට යාළුවා ඉවසගෙන හොද යෝගට් එකක් තෝරාගෙන රසවින්දා.

ජරාව කාල පුරුදු හින්දද කොහෙද බඩේ අවුලක් නම් වුනේ නෑලු..