Thursday, May 28, 2015

අලුත් ඩයිවර්





කාලෙකට පස්සේ ආයිත් පරණ ඔපිස් ඒකෙ වැඩකරන හින්ද  පරණ අතීතේ මතක් උනා.වැඩ වැඩි හින්ද පොස්ටු දාන්නත් පරක්කු උනා..
මේ කියන්න යන්නේ දැනට අවුරුදු 6 කට විතර කලින් ඔෆිස් ඒකෙ වැඩකරද්දී වෙච්ච සිදුවීමක්.

මන් වැඩකරන කොම්පැනියේ  ප්‍රධාන කාර්යාලේ ඉදන් කර්මාන්තශාලාවට යන්න වෙනම වැන් එකක් දාල තිබුණ ඔපිස් ඒකෙ වැඩකරන අයගේ පහසුව සදහා.. මේකෙ ප්‍රවාහන අංශයෙ  නැති වාහනය ක් නැ.කාර්,වැන්,බස්,ලොරි,ට්‍රැක්ටර්,බැකෝ , . . . .ඉතින්  මේ කියන වැන් ඒකෙ ඉන්න රියදුරු මහතා දවසින් දවස වෙනස් වෙන වෙලාවලුත් තිබුණ. . කට්ටියත් ඉන්න ඒකෙ බය වෙන්න දේකුත් නැනේ.

මේ කියන දවසේ මමත් තවත් කීපදෙනෙක්  ෆැක්ටරියට යන්න වැන් එක එනකන් බලන් උන්න. වෙනද වෙලාවත් පහු වෙලා. මොකද ඒක එන්න ඕනේ ඔපිස් එක ලග තියෙන ෆැක්ටරියෙ ඉදන් . කිලෝමීටර් එකක් වගේ දුරක තමයි ඒක තිබුනේ. .  ඉතින් වෙනද වෙලාවට වැඩිය පැය භාගයක් විතර පරක්කු වෙලා මෙන්න වැන් එක එනවා තටම තටම..

බැලින්නම් වැන් එක එළවන් එන්නෙ  ට්‍රැක්ටරේ එලවන ඩයිවර් උන්නැහෙ .එදා ඩයිවර් ලගේ අහේනියක් හින්ද  මේ මනුස්පය තමයි එවල තියෙන්නෙ .  .

අපිත් යන්න කියල ගොඩ උනා වැන් එකට.

 ට්‍රැක්ටර් වගේද වැන් කියල මෑනුත් යන්න පිටත් උනා

ගියර් එකක් දාන ගානේ වැන් එක ස්ලෝව් වෙනවා. ගත්ත ගම්මෙනුත් වැඩක් නැ. අනිත් ගියර් එක දාද්දි වැන් එක නවතින ගානට ඇවිල්ල.

මොනවා කරන්නද

ඔහොම යන්න යද්දී වාහනයක් ඉස්සර කරන්න වෙලා පොර සුපුරුදු පරිදි හෑන්ඩ් සිග්නල් දැම්ම.

දොහ් ... ...

අපිත් බැලුව මොකද්ද සද්දේ කියල.

පොර ට්‍රැක්ටරේ පුරුද්දට අත දාල . හැබැයි වැන් ඒකෙ විදුරු වහල කියල අමතක වෙලා..

හික්ස්...

සමහර වෙලාවට එහා පැත්තෙන් හය්යෙන් වහනයක් එනවා දැක්ක ගමන් හත් ගව්වක් තියල මෙහෙ අමුඩේ බ්රේක්  ගහල  ඉවරයි .

අපිත් ඉතින් අතට අහුවෙන දෙයක් බදාගෙන තමයි ගමන ගියේ..

ඔහොම ටික දුරක් යද්දී කළු දුමක් දාගෙනම වාහනයක් රේස් කර ගෙන ගියා ඉස්සරහින් . දුම්  වලාව එනවා අපේ වැන් එක දිහාට

අපේ ඩයිවර් උන්නැහේ මොකද දන්නවද කලේ.

දුම මග අරින්න වගේ ඔලුව ටිකක්  පාත් කරගත්ත . හික්ස්

බයිසිකල් වල යන අය දන්නවනේ දුමක් එද්දී කොහොමද එක මැදින් යන්නේ කියල. අන්න ඒ විදිහම තමයි.
ඒ සැරෙත් පොරගේ ට්‍රැක්ටර් පුරුද්ද අතාරින්න බැරි උනා..

පස්සේ කව්දෝ මන්ද  කිව්වා අමතක වෙලා පොර කෙල බෙට්ටකුත්  ගහල වීදුරුව වහල තියෙද්දී ඊලග හයර් එකේදී.

එක සැරේට වහන් මාරු උනාම අපිට උනත් එලවන්න අමරුයිනේ.. මැන් ටත් ට්‍රැක්ටරේ වගේ ෆුල් ඕපන් නැති හින්ද අවුල් යන්න ඇති..
ටික දවසක් යද්දී නම් මිනිහ හොදට වැන් එක එලවන්න ගත්තා. . කොහොම හරි වෙනද පැය භාගෙන් යන ගමනට එදා පැයක් විතර ගත උනා..

ප .ලි.
කාටවත් අපහාසයකට නොලියමි.

Tuesday, May 5, 2015

මලයා






වෙසක් දවසේ වෙසක් බලන්න යමු කියල වයිපරෙගේ ගෙදර කට්ටිය ගෙනාපු යෝජනාව මමත සම්මත කර ගත්තා.
 ඉතින් ස්ත්‍රී පරාන තුනක් එක්ක වාහනේ යන හින්ද තනියට මගේ මලයව සෙට් කර ගත්තා.

ඉතින් එන්න කිව්වනම් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නත් එපැයි. ඉතින් මම බයික් ඒකෙ ගියා අපේ ගෙදර මලයව එක්කන් එන්න.. පාරේ වාහනත් වැඩි හින්ද වෙනදට වැඩිය වෙලා ගියා අපේ  ගෙදරට යන්නම . 

ඔන්න ඉතින් ටක් ටික් ගාල මලයවත් දාගෙන ෂෝර්ට් කට එකකින් දාල යන්න ගත්තා වෙලාව ඉතුරු කරගන්න.

ඒ යද්දී ෂෝර්ට් කට් එකෙත් ට්‍රැෆික් 

බලද්දී බට්ටි ගීත කණ්ඩායමක් ලොරියකට පටවනවා .

පාර පොඩි හින්ද වාහන දෙකක් මරු වෙන්නෙ හරිම අමාරුවෙන්. 

ඉතින් අපිත් ගිහින් එහා පැත්තේ වාහනේ යනකන් හිටිය. ඒ මනුස්සයත් තටම තටම වාහනේ ගන්නවා හිමින්.

මේ පැත්තෙ නම් ඉඩ නැ.. මල්ලි බලන්න එහා පැත්තෙ.
 
මන් බැහැල බලන්නද 

හරි හරි මේ පැත්තෙ වාහනේ ගන්නවා. 

වාහනේ ගත්තට පස්සේ පාරේ ඉඩ ආව. පරක්කු වෙච්ච හින්ද මමත් ඉඩ තිබ්බ තැනින් දාල යන්න පටන් ගත්තා..

 එතන පල්ලමත් පාස් කරලා ඊට පස්සේ තිබ්බ වෙල් යයත් පාස් කරලා කන්දත් නැගල යනකොට  මතක් උනා එනකොට දැක්ක රුකඩ අපාය.

මල්ලි අපායක් තියෙනවා ඉස්සරහ රුකඩ වලින් කරන

.......... උත්තරයක් නැති තැන ආයිත් කිව්ව එත් සද්දයක් නැ.. 

යනගමන්ම සයිඩ් කන්නාඩියෙන් බැලුවට පේන්නෙත් නැ. බැරිම තැන හැරිලා බැලුව.

කො මේ මලය . 

බලද්දී මේ මනුස්පය සිට් ඒකෙ  නැ.. ඒ වෙනකොට කිලෝමීටර් භාගයක් විතර ඇවිල්ල 

හුටා . අතනදී බැහැල බලන්නම් කියල බහින්න ඇති.

ඒක මතක් වෙච්ච  සැරේ  මට ආපු හිනාව 

පනාව දාගෙනම ආපහු මලයව හොයාගෙන ගියා..

ටික දුරක් යද්දී මෙන්න එනවා මගේ මලය පාර දිගේ හෙල්මට් එකත් දාගෙනම 

එතනට ගියාම අපි දෙන්නටම හිනා .ඉතින් කතාව පැත්තක තියල හිනා වෙලා හිටිය

මම කැගැහුව . ඔයා ඇරලා ගියානේ. එතන හිටපු මිනිස්සුත් බැලුව මොකද කියල..

මට ඇහුනේ නෑනේ. හදිස්සියට මමත් ගියා.. දැනුනෙවත් නැ පිටිපස්සේ කව්රුත් නැ කියල.

වෙච්ච දෙයක්