Tuesday, July 21, 2015

මාමගේ මැච් බැලිල්ල







කලකට පස්සේ වේලකට බැස්සේ කියල හිතාගෙන ගිය ඉරිදා ගෙදර උන්දැලත් එක්ක නෑදෑ ගෙදරක යන්න ලෑස්ති කරගත්ත. පොඩි එකත් අසනීපෙන් හිටිය හින්ද ගිය සති දෙකේ කොහෙවත් යන්න ලැබුනෙත් නෑ.

අපේ මාම කෙනෙක්ගේ ගෙදර තමයි ගියෙ. අම්මනම් කියන්නේ මාම ඇවිදින්නෙ නෙලුම්කොලේ උඩ කොරවක්ක ඇවිදිනවා වගේ කියල. ( දන්නේ නැත්නම්  නෙලුම් කොලයක් උඩ කොරවක්කෙක් තියල බලන්න )

හවස පහට කිට්ටු වෙද්දී මාමගේ ගෙදර ලගට ගියා විතරයි පුටු බලු නාම්බෝ දෙන්නෙක් බෙරිහන් දෙන්න ගත්ත.
කොහොමහරි බලු නාම්බන්ගෙන් බේරිලා ගේ ඇතුලට රිංග ගත්ත බොහොම අමාරුවෙන්.

එදා ක්‍රිකට් මැච් එකත් තිබ්බ හින්ද අපි යනකොට මාම මැච් එක බලනවා අගල් 32 පුළුල් තිරේක..

එතකොට ලකුණු තත්වය  224 විතර. පකිස්තාන් කණ්ඩායමට විකට් තිබ්බ හින්ද ලකුණු 300 කට එහා යන තත්වයක් තමයි තිබ්බේ. 
කොහොමත් එහෙම උනානෙ.

මාමේ ලකුණු 300 නම් ගහයි වගේ නේද..

නෑ නෑ තව 55  දිනන්න ඕනේ .

නෑ මාමේ පකිස්තානෙනේ ඉස්සෙල්ල ගහන්නෙ..

එතකොට මේ ඉස්සෙල්ල ඉනිමද

ඔව්

එතකොට අර පහලින් දාල තියෙන්නෙ 279 කියල මොකද්ද

මාත් බැලුව මොකද්ද ඒ කියන්නේ කියල

බැලින්නම් මෑන් රැවටිලා තියෙන්නේ PROJECTED SCORE එකට.
අම්මප මාම කට බලියාගෙන මැච්  එක බලද්දී මට හිතුන තේරුමක් ඇතුව බලනවා කියල.

මාමේ ඒ තියෙන්නෙ PROJECTED SCORE එක . ඒ කියන්නෙ දැනට තියෙන රන් රේට් එකට ඕවර්ස් 50 ට ගනියි කියල හිතෙන ගාන..

ආ එහෙමද....

මන් උදෙත් බැලුව ටි.වී. ඒකෙ මැච් එක තිබ්බේ නැ.. මන් හිතුවේ පෙන්නන්න නැතුව ඇති කියල..

මාමත් එක්ක මැච් එක ගැන කතා කරන්න ගියොත් මන් අමාරුවේ වැටෙන හින්ද සද්ද නැතුව මැච් එක බැලුව.

24 comments:

  1. වාපෙ හුඟක් උන් ඔහොම තමයි. ගණන් ගන්න එපා. ඔහෙ පෙන්නන එක දිහා කට බලියන් බලන් ඉන්නවා. ඒත් ඇහුවාම දන්නෙ නෑ මොකක්ද බැලුවෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සමහරු බැලුව කියල කියන්න බලනවා. . සමහර වෙලාවට මැච් එක කියල බලනවා යන්නේ හයිලයිට්ස් හික්ස්...

      Delete
  2. ඔය ඉලක්කංනං ටැපලෙනවා තමා බං.

    ReplyDelete
    Replies
    1. මදාවිටත් මෙහෙම සීන් කෝන් එකක් වෙලා වගේ.. :d

      Delete
  3. ඔය අස්සෙ බෝලෙන් බෝලෙට කටපාඩම් ඈයොත් ඉන්නවා නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් පිස්සුව උපරිමේ උනාම එහෙම තමා.. එහෙම අයට ටීවී එකෙන් බැරිනම් රේඩියෝ එකෙන් හරි මැච් එක අහන්න ඕනේ..

      Delete
  4. ඔය ගැන කාලෙකට කලිං ලියල තිබ්බ බං හොද කතාවක්... බ්ලොග් එක මතක නෑනෙ... සැක්...
    මරු මරු වැඩ වෙනව මැච් දවස් වල නං හිහි

    ReplyDelete
    Replies
    1. මතක් උනොත් කියන්ට හොදේ... මැච් වලත් හොද හොද ඒවා වෙන ඒකෙ මේවා මොනවද නේද මහේෂ්..

      Delete
  5. මම බැලුවනං ඔයිට අන්ත වෙයි. මොකද ඔය මැච් ගැන මගේ ආසාවක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. එහෙනම් දවසක ප්‍රසන්න එක්ක මැච් එකක් බලන්න එන්නම්. මට පොස්ට් එකක් ලියා ගන්න පුළුවන් වෙයි. :>)

      Delete
  6. මටත් ක්‍රිකට් ගැන මෙලෝ දැනුමක් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමත් කේස් එකක්ද ? බොන්ඩ වෙන ප්‍රශ්නයක්නෙ.. :-?

      Delete
  7. යකෝ ගහන්ඩ එපැයි මුනට....මැඩ් එකක් බලන්ඩ දන්නේ නැති එවුනුත් ලංකාවේ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බන්. මේ දැනුත් ඔෆිස් එකේදී එකෙක් හම්බ උනා..
      අපි මැච් එක අහ අහ හිටිය .පොර ඇවිත් අහනවා

      මචන් මැච් එකේ ලකුණු කියද?

      155 යි බන්

      ඊට පස්සේ මු අහනව එතකොට උන් කීයක් ගැහුවද කියල

      මන් කිව්වා යකෝ මේක ඩේ නයිට් එකක් එකවත් දන්නෙ නැතුවද ලකුණු අහන්න ආවේ කියල :-t

      Delete
  8. මාමලා එක්ක ඕවද බොල කථා කරන්නෙ...අනේ මන්දා උඹලා වගේ උන්...අපි ගියා නම්...පත්තරේ කොලෙන් ඔතාගෙන යන බෝතලේ මේසෙ උඩ තියලා ඒක හිස් කරන ගමන් මැච් එක බලන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔහොම යන්නෙ මැච් බලන්න නෙමෙයිනෙ බන්. මැච් එක දිනුම්ද පැරදුනාද කියල බලන්නේ පස්සේ දවසට ..

      බොන කතාවක් ඕනෙම නම් යාලුවෝ සෙට් එකක් එක්ක කිතුල්ගල ගිය එක ලියන්නම් ..

      Delete
    2. ලියන්න දෙයක් නැත්තං ඒ ගැන වත් ලියහං.....

      Delete
  9. කොබා මිස් වෙලා හිටියෙ ..එල්ලගත්තා...

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය මැච් බැලිල්ල තේරෙන්නෙ නැතුo

      Delete
  11. මල්කොබා මාම මැච් බලල ඉවරද?

    ReplyDelete