Friday, April 24, 2015

රොටිය Vs අමුඩ රෙද්ද


එකමත් එක කඩයක් තුල 
උඩුකය නිරුවත් මිනිසෙක්
පිටි අනමින් ඉන්නවාලු
රොටි හදන්නට තනමින්

අනා තියන පිටි මෝලිය
වසා දමන්නට ගන්නෙත්
කරේ දමාගෙන සිටිනා
ඔහුගේ මේ අමුඩ රෙද්ද

ටික වෙලාවකින් පැමිනිල
යලිත් රෙද්ද කරේ දමා
පටන් ගනී අනන්න යලි
කලින් ඇනුව පිටි මෝලිය

පිසදමමින් දහඩිය බිදු  
ගෙලෙහි කිහිලි වල තැවරුන
නාසය සුරා ගන්නෙත්
කඩය ඉදිරියෙන් ඉදගෙන

අත  තැවරුණු ඉතුරු හොට්ට
පිහ ගන්නෙත් අමුඩ රෙද්දෙ
පිපෙනා තුරු පිටි මෝලිය
වසා තිබ්බේ   ඒ රෙද්දෙන්

සවසට දිය නා ගත් කල
පස්ස ඇතුළු සර්වාන්ගේ
පිසදා ගන්නට තියෙන්නෙ
ඔහුගේ මේ අමුඩ රෙද්ද

අවසානේ අපි ගිහිල්ල  
රොටි කන්නෙ රස කර  කර
රොටියෙ පදම  ආවේ තෙත
අමුඩේ නිසා නොදැන නේද ?

13 comments:

  1. මම මේ ගැන ගහපු ඇඩ් එක දැක්කා.. ඇත්තමයි ඒ වෙලාවෙනම් කෑමත් එක්ක එපා උනා..

    ReplyDelete
    Replies
    1. කඩවල් වල කෑම හදන කුස්සියයි. කෑම හදන මනුස්පයයි දැක්කම කොහොමත් කන්න හිතෙන්නේ නැ තමයි..

      Delete
  2. කොබා මල්ලි දැකල නැද්ද උලුඳු වඩේ හදන හැටි?

    ReplyDelete
    Replies
    1. හුකෑස්.... දනිමි දනිමි..

      Delete
  3. Replies
    1. :-) මොකද තුෂානි බය උනාද ?

      Delete
  4. Replies
    1. එල ද බ්‍රා ... ඇත්ත තමයි .. ෆ්‍රී ඒකෙ හම්බ වෙන ලුණු ඇබුල් පදමට දාල එනකොට තමයි රහ.. හික්ස්

      Delete
  5. කොහේදෝ මන්ද ඔහොම සීන් එකක් දැක්ක මං....

    ReplyDelete
    Replies
    1. සජ්ජා..මේ සීන් එක පත්තරේක තිබ්බ . ඒක තමයි කවියට හරවල ගත්තෙ...

      Delete
  6. උඹ අර උඹ හිටපු රටේ වීඩියෝ එක බලලා නේද මේක ලිව්වෙ...රොටී එච්චර රස ඒවා නිසා තමයි බොල...පෝෂ්‍ය ගුණය උපරිමයි.

    ReplyDelete
    Replies
    1. එහෙ රොටිත් එහෙම තමයි බන්. ඒවා පුච්චන්නෙ අගුරු ගොඩේ දාල.. යට පැත්ත බලලා කෑවේ නැත්නම් අගුරු කැල්ලක් එක්ක තමයි රොට්ට කන්න වෙන්නෙ.

      Delete