Wednesday, April 8, 2015

ලෝකන්තේ බලන්න ගියා -2




කලින් ලිපියේ කිව්වනේ ලෝකන්තේ ගිය ගමන. බැලුවේ නැත්නම්මෙතනින් බලමු.


අද කියන්න යන්නේ ඉතුරු ටික.

ඔන්න ඉතින් පහුවදා හිරිගල්පොත්තේ යන්නේ නැතුව අපි තීරණය කලානේ අවට පරිසරේ සුව විදින්න ..ඉතින් උදේ කෑමෙන් පස්සේ මමත් තව දෙන්නෙකුත් එක්ක ගියා එලියට එහෙම ගිහින් පාරෙන් එහා පැත්තේ ගස් අතරින් පොඩි තණ බිස්සක් තිබ්බ තැනකට ආව. 

එතනට ඈත ඉන්න ගෝන්නු රංචුවක් පේනවා. එක හින්දම අපි ඒක බල බල වාඩියක් දා ගෙන හිටිය.. .



ටිකක් වෙලා ඉදල ඇති උන හින්ද අයිත් කැබින් එකට යන්න පිටත් උනා.

පාර ලගට යනකොට දැක්කේ කැබින් ඒකෙ දොර ලග ඊයේ දැකපු තඩි ගෝන.අන්දෙකත් තියෙනවා සැහෙන උසට.  


දැන් මොකද කරන්නෙ .යන්නත් බැහැනේ. කැගැහුව කැබින් එක ඇතුලේ ඉන්න අයට..
ගෝන ඔලුව උස්සල බැලුව ඇරෙන්න අපේ මොන යකෙක්වත් එලියට ආවේ නැ.


ඔහොම බලන් ඉන්නකොට ගෝන එනවා අපි ඉන්න පැත්තට.

දුවපන්

ආපහු පාර එහාපැත්තට දුවල ගිහිල්ල ගහක් ලග නතර උනා..

එහෙ තියෙන ගස් දන්නවනේ. තෙත බරියන් වෙච්ච දිය සෙවල පිරිච්ච පොඩි ගස්  පහල පින්තුරේ වගේ  වගේ                                                                                                

ගහ ලගට ඇවිත් නැවතුනාට බැ.. ගෝන එනවා ටිකෙන් ටික මේ පැත්තට..ඇන්නොත් කාට කියන්නද

ගස්වලට මුවා වේවි හිටිය .

ගෝන එහෙට මෙහෙට යනකන් ඉදල අපි ආයිත් එලියට ආව

ඒ එනකොටම මෙන්න අයිත ගෝන ඔලුව උස්සල බලලා මේ පැත්තට එනවා

දුවපන් දුවපන්  .නැගපන් ගහකට

ඔන්න ඉතින් බඩගාගෙන දිය සෙවල නාගෙන එකෙක් නැග්ග අත්තක් උඩට

මාත් කකුලක් තියාගෙන හිටිය නගින්න බලාගෙන.

අනික බිම

වලහගේ කතාවේ අංක දෙක  වගේ දැන් සින් එක

ඔහොම ඉන්නකොට පාරේ යන්න එනවා ලෝකන්තේ වැඩකරන සෙට් එකක්. අපි බාලදක්ෂ කට්ටිය කියල දන්නවා මුලින් දවසක හම්බ වුන  හින්ද.

උඩ නැගල හිටපු එකාබැස්ස ටක් ගාල . අපිත් මොකුත් නොදන්නා ගානට ඇහුව එන කට්ටියගෙන් 

අය්යේ අර ගොනෙක් ඉන්නවනේ කැබින් එක ලග.  

ආ මල්ලි ඕකා හිලෑ එකෙක්. ඔය කව්රු හරි දැක්කහම කන්න ඉල්ලන් ලගට එනවා..ඕකා නොකන දෙයක් නැ. පාන් බත් ඕනෑ එකක්.

මල්ලිලා බැය නැතුව යන්න.

හරිම කුජීතයි , විලි ලජ්ජා හතයි වෙච්ච වැඩේට.. වෙලාවට වෙච්ච දේවල් කිව්වේ නැ

ඊට පස්සේ තමයි  තමයි ඇගට ලෙ ටිකක් ඉනුවේ.ඊට පස්සේ  ඌව මග ඇරලා කැබින් එකට ගියා. . පස්සේ ඉතින් උයන දේවල් කන්න දෙන හින්ද ගෝන අපේ කැබින් එක ලගම තමයි. පස්සේ දවසක පත්තරෙත්  දැක්ක මේ පාන් කන ගෝන ගැන..

හවස් වරුවේ ඉන්නකොට වතුර වැටෙන සද්දයක් එන හින්ද එකෙක් කුස්සියට ගිහින් බැලුව මොකද්ද සද්දේ කියල. ගිය එකා හිනා වේවි එනවා. ඒක හින්ද සැරින් සැරේ කට්ටියම ගිහින් බලලා ආව.

මොකද දන්නවද සීන්  එක, අපේ සර් ජොකෙකුත් ගහගෙන මේ පට්ට සීතලේ නාන්න ලෑස්ති වෙනවා.

ඉතින් ආපහු හවස් යාමේ කට්ටියම එක්ක ආපහු රවුමක් දැම්ම.
එදා දවසත් ගත උනා . ගිය කට්ටියත් හවස් වෙද්දී ආව. පස්සේ දවසේ යන්නත් ඕනෑ හින්ද බඩු  මුට්ටු බෑග් ලෑස්ති කරගෙන තියාගත්තා.

පහුවදා හවස තමයි යන්න පිටත් උනේ. මොකද කෝච්චිය තිබුනේ උදේම . රැ මහතුන්ගෙ කාමරේට වෙලා ගතකලා.. සනි අය්යත් එක්කම වගේ  ආපු කෝච්චියෙන් අපි යන්න පිටත් උනා.සනි අයියත් හිටපු හින්ද අවට සුන්දරත්වය නරබගෙනම ආව.

ඔන්න ඔහොම තමයි ට්‍රිප් එක ඉවර උනා කියන්නෙ..






14 comments:

  1. චාරිකා සටහන හොදයි....

    ReplyDelete
  2. යකෝ ඉල්ලං කන ගෝන්නුත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මදාවි, ගෝනටත් මිනිස්සුන්ගෙන් බෝවෙලා වෙන්න ඇති..

      Delete
  3. //රැ මහතුන්ගෙ කාමරේට වෙලා ගතකලා.. // හි හි මේ ෆොටෝ හරිම ලස්සනයි ඔයාද ගත්තේ.. මාත් ආස ට්‍රිප් යන්න ට්‍රේන් එකේ තමයි

    ReplyDelete
    Replies
    1. පොටෝ ටික මම තමයි ගත්තෙ , ඉන්ටෙර්නෙට් එකෙන් . . :d . ට්‍රිප් යනවනම් ඉතින් ට්‍රෙන් තමයි...

      Delete
  4. අපෝ ඔය ගෝන තඩියම වෙන්න ඇති අපි යන දවස් වලත් හිටිය. කැබින් එකේ ජනේලෙන් ඔලුව දානව ඇතුලට. හැබැයි උගෙන් කාටවත් කරදරයක් නෑ.
    මේ ඉන්නෙ බුවා

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න , ඔය ඉන්නෙ මෑන් වෙන්න ඕනෙ. හැබැයි අපි දැක්ක එකාගේ අං දෙක ලොකුයි. මේ ඒකාගේ මාර්ගේ යන තව එකෙක්ද දන්නේ නැ.. :-)

      Delete
  5. මම ලෝකාන්තෙට ගිහිල්ලා හරි සාටර් වැඩක් බොල උනේ...උඹ දන්නවනෙ ඉතිං මට ‍ඔය පොදු වැසිකිළි පෙන්නන්න බැරි ලෙඩක් තියෙනවා නොවැ. පුරුෂ සහ කාන්තා වැසිකිලි දෙකම එක ලග. පුරුෂ පෝලිම කොටයි..කාන්තා පෝලිම දිගයි. මමත් පෝලිමේ අගට සැට් වෙලා ඇතලට ගියා කියමුකො. කලින් දවසෙ රාත්තිරියෙ රහමෙර වලින් තැම්බිලා කුජීත වෙලා තිබ්බ බඩ බුරුල් වෙලා. හිතේ ගතේ අතන මෙතන තිබ්බ සියලු බර එක සැනින් නිදහස් කොලා. අනේ මල්වෙඩි පත්තු උනා වගේ සද්දෙ. එළියෙ හිටිය ගෑණු පෝලිමම හිනා වෙනවා ඇහුනා...මම වැසිකිළියෙ දොර අැරගෙන ටී ෂර්ට් එකෙන් මූණ වහගෙන බොල වාහනේට ආවෙ. ඔය කියන ගෝන ජෝඩුව අපේ ලගටත් ආවා. දෙන්න දෙයක් නැතුිකොට මස පොඩ්ඩක් තිබ්බ අඹ ඇටයකුයි බත් කන්න තිබ්බ පපඩම් දෙක තුනකුයි දුන්නා. පපඩම් කන්න රුසියො උන්.

    ReplyDelete
    Replies
    1. ඒ ගෝන සෙට් එකම තමයි එහෙනම් . නොකන දෙයක් නෑ.... උබ සද්ද දාන කොට හිතන්න ඇති මේ කොල්ලගේ පු* කටේ සැර කියල ..

      Delete
  6. මරු මරු.. අපි කොහොමත් මේ චාරිකා සටහන් කියවන්න කැමතියි..

    ReplyDelete
    Replies
    1. තැන්කියු දිනේෂ්..

      Delete
  7. ගහ ලෙස්සුවේ දිය සෙවල වලට කියල ශුවර් ද? නැගපු එකාට මුකුත් පහ වෙලා එහෙම නෙමෙයි නෙ? හෙහ් හෙහ් හේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ කාටවත් නෙමෙයි .ෂුවර්.. හැබැයි අපිට කලින් ගස් නගපු එකෙක්ගේ ඒවාද දන්නෙත් නැ . :>)

      Delete