Monday, February 23, 2015

බිරිද හමුවුණා - 1



                                         
කලින් කොටස් දෙකක කිව්වනේ බිරිදක් හොයන්න ගිය කතා.බැලුවේ නැත්නම්  මෙතනින් බලන්න පලවෙනි කොටස , දෙවැනි කොටස . හොයන්න ගියා විතරද ඇයි හම්බ උනේ නැද්ද කියල බලනවා ඇතිනේ. අද කියන්න යන්නේ හොයාගත්ත කතාව තමයි.

අවුරුදු තුනක් පමණ කාලයක් බදින්න කෙනෙක් හොයල හෙම්බත් වෙලා හිටියේ.මට වැඩිය ගෙදර උදවිය තමයි හෙම්බත් උනේ කෙනෙක් හෙව්වද කියල මම අහද්දී උත්තර දීලම . මමත් රට හිටිය හින්ද වැඩේ ටිකක් අමාරු උනා. බැරිම තැන මාස 6න් 6 ට යන්න එන්න පටන් ගත්තා අතින් වියදම් කරගෙනම..

එහෙම ඇවිල්ලත් ගොන් කපුවන්ගේ බොරු වලට අහුවෙලා ගිහින් ආපහු එන්නත් සිද්ද උනා.. පස්සේ එකත් නවත්තල මම නැතුව ගෙදර අය ඉස්සෙල්ල ගිහින් කෙල්ලව බලලා එන වැඩේ පටන් ගත්තෙ. එතකොට හොදනම් විතරක් මම එන්න හිතාගෙන. කෙල්ලෝ රට යන්න ආස උනත් මම කක්ක රටේ ඉන්න හින්දද කොහෙද අකමැති වෙන්න ඇති.නැත්නම් මට එහෙම යන්න හිතන් ඉන්න ගැටිස්සියෝ හම්බ වෙන්න නැතුව ඇති.මුලින් රට යන කැමති අය හෙව්වත් පස්සේ එකත් අත ඇරලා ටික කාලෙකින් ලංකාවට එන පොරොන්දුව පිට කෙල්ලෙක් හොයන්න ගත්තා 

ඔය අතරේ තමයි අපි දන්න කියන කෙනෙක් යෝජනාවක් ගෙනත් තියෙන්නෙ
 
අක්කෙ, අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් ඉන්නවා. කතා කරන්නද.

කොහොම කෙනෙක්ද ? මොනවද විස්තර කියල අම්මත් අහල 

සුදුයි , පොඩියි, එහෙ නංගිලා දෙන්නෙක්ම ඉන්නවා . නිවුන්නු. . අහවල් කොම්පැනියේ වැඩ කරන්නෙ.මල්ලිට නම් ගැලපෙනවා. 

එහෙනම් කතා කරලා බලන්නකො . කේන්දර කොපියක් ගෙනත් දෙන්න බලවන්න. කැමතිනම් අපේ කොපියත් අරන් යන්න .
  
-----{@   -----{@   -----{@   -----{@   -----{@  -----{@  -----{@
 
ඔනන ඉතින් අය්යත් නෝනගේ ගෙදරටත් කතා කරලා කියල විස්තරේ.
මන් කිව්වනේ මට නම් බැ දැන්ම බදින්න.

බදින්න බැ කියල හරියනවද. දෙන්නටම හොයන්නත් එපැයි. නංගි කැම්පස් යන හින්ද ඔයාට තමයි හොයන්නේ ඉස්සෙල්ල

එයා එකපාරට ඔයාව බදින්නේ නැ. එයාල ඉස්සෙලා මෙහෙ
 එන්න ඕනෙනෙ. කේන්දර ගැලපෙනවද බලල හොද නම් එන්න කියමු.

ඔන්න ටික දවසකින් අපේ ගෙදරිනුත් කේන්දරේ ගැලපෙනවා කියල . . 

මටත් ඉතින් ලාවට ලාවට ආරංචියක් දුන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. නිවාඩුවට ආවම බලන්න යමු කියල.


ඔන්න මමත් මාසෙක නිවාඩුවට ලංකාවට ආවා . කෙල්ලෙක් හොයන්න යන්නත් එක්ක.

ඇවිල්ල දවස් දෙකකට පස්සේ ගැණු ලමයව බලන්න ගියා. මාත් එක්ක අයිය මල්ලි ඇතුළුව ඔක්කොමල ගියා.

ගෙදරට ඇතුල් වෙලා ඉතින් මමත් ඉඩ තියෙන තැනකින් වාඩි උනා.

දැන් ඉතින් සියල්ලෝම දෙපැත්තේ විස්තර කතා කර ගන්නවා . ඔය අතරේ ඕප දුප ටිකකුත් මැද්දට වැටෙනවා.

ඔය අතරේ හමා ගිය හුලන් පාරකට  පින්සිද්ද වෙන්න ගෙදර කාමරේක දොර රෙද්දක් උඩ ගියා.

කව්ද බොලේ මේ ඇලිස්. පැත්තෙන් පෙන්නේ ජෝසි වගේ  අනේ අම්මප ඇත්තට කව්ද බොලේ මේ ඇලිස්.

                                            
ජනෙලෙකින් පාර දිහා බලන් ඉන්නේ. එයා වෙන්න ඇති කෙල්ල.

ඊට පස්සේ හුලන් පාරවල් එනකන් මම මග බලන් හිටිය මූණ බලා 
ගන්න. කෙල්ල නම් රවාගෙන වගේ ඉන්නේ. වස ද දන්නේ නැ.

කතාවට සම වැදිලා හිටපු අයට මාව මතක්  උනා ටික වෙලාවකින්. 

ඉන්න මන් දුවට එන්න කියන්නම් කියල අම්මා ගියා ඇතුලට.
දුවේ මේ තේ අල්ලන්න ගිහින් 

මට බැ යන්න

යන්න බැ කියල හරියනවද දැන්. ඒ මිනිස්සු ඇවිල්ල ඉන්නේ 

මට බැ.

මේ ළමය මොනවා කියවනවද මන්ද

ඔය අතරේ මෙයාලගේ නෑදෑ වෙන කපු අයියත් ආවා එතනට

නංගි යන්න ඕකත් අරන්

මට බැ

මට බැ කියල හරියනවද . යන්න නේද කිව්වේ

මට බැ යන්න

මගේ යකා අවුස්සගන්නේ නැතුව යනවද නැද්ද. . . 

ඔන්න බැය වෙච්ච සැරේට කරන්නම්කො මොකක්හරි එපාවත් වෙන්න හිතාගෙන ඇවිල්ල ඉස්සරහට

කොල්ලෝ තුන් දෙනාගෙන් කව්ද මනමාලය කියල හොයා ගන්න බැරි හින්ද අපේ කපු අයිය මේ ඉන්නේ මනමාලය කියල පෙන්නුවේ අපේ මලයව. මාත් බැලුව මේ බයියට මාව මරු උනා ඩ කියල. පොඩි විහිලුවටත් එක්ක තමයි එහෙම කියල තියෙන්නෙ.

අනේ ඉතින් මල්ලි තමයි මනමාලය කියල හිතාගෙන වැඩේ මෙතැනින්ම එපා වෙන්නත් එක්කම ලොකූ කැත හිනාවක් දැම්මලු 

                                        
එයා නෙමෙයි මනමාල මහත්තය මෙයා කියල මාව පෙන්නුවා
මල්ලිට හා කිව්වොත් කියල බය වෙන්න ඇති.

වැඩේ පොඩ්ඩක් ගැස්සුනා හින්ද නෝනත් සද්ද නැතුව ඉදල..

ඔන්න ටික වෙලාවකින් මල් කැඩීමේ හෝරාව ලං උනා..

මේ දෙන්නට පොඩ්ඩක් කතාකරගන්න කියල යමු නේද අපි එලියට

අනේ වාසනාවන්. . .  දැන් මල් කැඩීමේ වෙලාවයි.

දෙන්නට දෙන්න ඉතින් පොඩි පොඩි විස්තර කතා කර ගත්තා. . 

මාත් ඉතින් මෙයාවත් කක්ක රටට එක්ක යන්න පුලුවන්ද කියල බලන්න ඇහුවා 

ඔයා ඉන්දියා යන්න  කැමතිද

අම්මගෙන් අහල බලන්න ඕනෙ. .

කෙල්ලත් ලස්සන හින්ද බලන්න ගිය ඒවයෙන් හොදම කෙනා හින්ද 
මගේ හිත ගියා. ඒ හින්ද ගෙදර ගිය ගමන් කිව්වා මගේ හිතේ තිබ්බ දේ
අම්මේ එයා නම් හොදයි වගේ. අහල බලන්න එයාලත් කැමතිද කියාල.
ඔන්න ඉතින් ටිකක් හවස් උනාට පස්සේ කපු අයියට කතා කරලා.

මල්ලි , මේ අහවල් ගෙදරින් කතා කරන්නෙ. දුව මොකද කියල තියෙන්නේ කැමතියි  කියලද

පොඩි ප්‍රශ්නයක් අක්කෙ

ඒ මොකද්ද

මල්ලි අහලානේ රට යන්න කැමතිද කියල
ඉතින්

ඉතින් නංගිගේ අම්ම කැමති නෑ රට යනවට.රට යන්න දෙන්න බැ කියනවා

එහෙමද. එහෙනම් කමක් නෑ.

අම්මත් අවුලෙන් වගේ ටෙලිෆෝන් එකත් තියල විස්තරේ මටත් කිව්වා.

මගේ ගොන් කට වහගෙන ඉන්න බැරි උනානේ . ඕනේ නැති මගුලක් අහන්න ගියා. මොනවා කරන්නද ඉතින් කියල මමත් හිටිය .


           
ඔහොම දවස් දෙකකට පස්සේ මම උදේ ටි. වී. එක බල බල හිටිය. ඒකෙ කියනවා සතියේ ලග්න පලා පල . මේ සතිය කුජීත වී ගෙන යන හින්ද මමත් අහගෙන හිටිය ලග්නෙ පලාපල

කුම්භ ලග්න හිමියාට මේ සතියේදී එතරම් සුබ දායක නැහැ. තමුන්ගේ කට නිසා පාඩු සිද්ද කර ගන්නවා. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කරන්න

ඔය කියන්නෙ. පොඩ්ඩක් කට වහගෙන ඉන්න බැරි උනානෙ. අම්මත් කොහේදෝ ඉදන් ඒකැ අහන ඉදල කියනවා..

මට හිනා යන්න ආවත් . තරහ පෙන්නගෙන මමත් හිටිය.

හරි හරි මමනේ ඒක කර ගත්තෙ. . කෝ දැන් අනිත් හෙව්වා කියපු ඒවා. ඒවා දැන්නෙ හොයන්නෙ . කියල මමත් තරහ පෙන්නගෙන හිටිය .

එහෙම කියල ටි.වී. එකත් නිවල ගියා එලියට.

පස්සේ ඉතින් නිවාඩු මාසේ තවත් කෙල්ලෝ දෙක තුනක් බලන්න ගියා. වැඩේ හරි ගියේ නැ..

සුපුරුදු පරිදි ඒ නිවාඩුවත් ඉවර කරලා ආයිත් විදේශ ගත උනා..

එයින් පස්සේ තමයි තීරණය කලේ ගෙදර අය ගිහින් බැලුවට පස්සේ හොදනම් විතරක් ලංකාවට එන්න.

කොහොමින් කොහොම හරි මාස කිහිපයක් ගත උනා..

 ඒ ටික ගත වෙනකන් ටිකක් ඉම්මු  එහෙනම්  .......























23 comments:

  1. අපරදෙනෙ යකෝ...
    මදැයි අර නන්ගිලා දෙන්නගෙන් එකක් ඉල්ලන්න හැදුව.....

    ReplyDelete
    Replies
    1. :o කල්හාන් බැදලා නැ වගේ... බදින්න කලින් නම් ඔහොම හිතෙනවා .. :>)

      Delete
    2. සිරාවට බදින්ඩ එපා යකුනේ

      Delete
    3. මාත් ඒකගයි.................. කාටවත් කියන්න ඒපා......................

      Delete
  2. එතකොට එයාවද මැරි කලේ ? (h)

    ReplyDelete
    Replies
    1. මෙයාට කතාව ඉවර වෙනකන් ඉන්න බැරි හැටි.... එයාව තමයි... :d

      Delete
    2. මම කියන්නද මල්කොබා වෙච්ච සන්තෑසිය එතන ඉදගෙන...බොට ලියන්න කථාවක් නැතුව යනවා එහෙම උනොත්...

      Delete
    3. දැන් ඉතින් කියල වැඩක් නැ වගේ . තුෂානි ඇහුවනේ අන්තිම ප්‍රශ්නෙ. :-?

      Delete
  3. මොන හුන්නස්ගිරියක්ද බං, මේ හොඳම ටිකට හුඃඟල ටියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. හොදම ටික ලගදීම... එතකන් බොමු (c)

      Delete
  4. දොර රෙද්ද මිසක් වෙන වෙන රෙදි උඩ යනකල් බලාහිටියෙ නෑනේද?

    දාමුකො බලන්න ඉතුරු ටිකත්

    ReplyDelete
    Replies
    1. ඒවා උඩ යන්නෙ තව ඉස්සරහටනෙ.... :>)

      Delete
  5. යකෝ බොලාට මාස ගාණක් බලගං ඉන්න වුණාට අපිට පාං ද....
    සෙද්ද
    දැං ඉතිං ඉතුරු ටික කියවන්න අවුරුද හැට හුට හමාරක් බලං ඉන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් ලගදීම දානවා. මන් කාපු කට්ට කන්න ඉඩ තියන්නේ නැතෝ....

      Delete
  6. නම මල් කොබා. ලවක් නෑ... ප්‍රොපෝසල්. හයියෝ, නමටත් ලැජ්ජයිනෙ මල්ලි.

    ReplyDelete
    Replies
    1. මඩු මදාවි ලොකු අක්කේ .. ඒ කාලේ ලව් නැතුවට දැන් මම මාර ලව්.. x-) ඒ කාලේ ලව් කරන්න ගියානම් මට මේ තත්වෙට එන්න බැ.. එක හින්ද ඒ ගැන මම පසු තැවෙන්නෙත් නැ.. ලජ්ජා වෙන්නෙත් නැ... මන් සතුටු වෙනවා ප්‍රොපෝසල් එකකින් මට මන් හිතපු සුන්දර බිරිදව හම්බ වුන එක ගැන :>) .. ඉතින් මම දැන් සතුටෙන් නෝ වොරි නෝ සොරි :d

      Delete
  7. බුදුන් උපන් දේශයට / මහත්මා ගාන්ධි වගේ මහා පුරුෂයන් ඉපදුන රටට කක්කා රට කියන්න එපා බං...අවංකවම මට අවුල්...ඉන්දියාව කියන්න‍ෙ රටක් නෙමෙයි...මුලු ලෝකයක්...

    උඹට අවුරුදු 3 ක් ගියාද ගැටයක් ගහන්න...මමත් එහෙනම් දැන්ම පටන් ගන්නම් නේද බං...එතකොට 40 විතර යන්තං බැදගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක දන්නවා බන්.. ඒ උනාට එහෙ හිටිය මට එහෙ මිනිස්සුන්ගේ වැඩ දැක්කහම ඒ නම තමයි හරි යන්නෙ. . සුරපුරයි අපායයි දෙකම දකින්න පුළුවන් රටක්...මිනිසුන් වැඩි කම තමයි ඔවුන්ට තියෙන ප්‍රශ්නේ, අනික කුල භේදය. එක හින්ද දියුණු වෙන්න බැරි කොටසකුත් ඉන්නවා.. . . . බුදුන් වැඩ උන්නු දැන් නමින් බිහාර් ප්‍රාන්තය , ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්ත වලින් එකක්.. එහෙ ගිය කෙනෙක් තමයි ඔය නම කිව්වේ..

      Delete
    2. කක්කා කියද්දි නිකං කිසි ගතියක් නෑ නිකං ...උඹට එහෙම කියන්න ඕන‍ෙ නම් එක්කො ඒකට කියන වෙඩි වගේ සිංහල වචනෙ කියපං නැත්තං නිකා ඉදහං...

      Delete
  8. බලලා බලලා අන්තිමට නාකි ගෑනියෙක් බඳින්න වෙයි ඉක්මණට තීරණයක් ගන්න වෙයි. මේ රසවත් පෝස්ටු දැක්කෙ දැන්. කලින් ලිපි දෙකත් කියෙව්වා. වැඩේනම් පංකාදුයි මල්කොබා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි .සාදරයෙන් පිලිගන්නවා පොල්වත්තට . . දැන්නම් මතක් වෙද්දී පංකාදුයි. ඒ කාලේ කෙල්ලෙක් හොයා ගන්න නැතුව වින්ද දුකක්... @-)

      Delete
  9. මල්වත්තෙ ගෙදර පොල් කොබා
    අලුත් පෝස්ට් එක කෝ බබා

    ReplyDelete
    Replies
    1. මොකද කැ ගහන්නේ සුදා
      ඉන්නකො පොඩ්ඩක් නොදොඩා
      අද දාන්න හැදුවේ වැඩ දා.
      කල්ගියා බොගේ අවුලක් හින්දා

      Delete