Tuesday, January 20, 2015

බාලදක්ෂ ජිවිතේ -3- හොර වැඩ




මේ අප පාසලේ ප්‍රදර්ශනයක් සදහා අප සුදානම් වන කාලයේ සිදුවූ සිදුවීම් ටිකක්.
බාලදක්ෂයින් උනාම  පුවක් ගසුයි උණ ගසුයි පෙන්න බැ  මොකද අපි හදන හැමදේටම උණ පතුරුයි පුවක් පටි තමා ඕනේ. ඉතින් ඔය කාලේ අපි යනවා අහල පහලින් පුවක් ගසුයි උණ ගසුයි හොයන්න. ලග පාත නැත්නම් දුරිනුත් හොයා ගන්නවා.හොයාගන්නම බැරිම උනොත් ඉතින් හොරෙන්වත් කපන් එන්න සිද්ද වෙනවා. ඒක තමයි මරුම මරු ගේම. ඔය කාලෙට ඉතින් අපි රැ එළිවෙනකන් වැඩ. වැඩ නැතත් වැඩ.
ඔන්න ඉතින් අපි කැම්ප් එකට ලෑස්ති වෙන අතරේ උණ පුවක් ගස් හිගයක් එන බව තේරුණා. දැන් ඉතින් කොහොම හරි ගස් හොයා ගන්න ඕනේ. ඔය අතරේ අපේ සීනියර් අයියා  කෙනෙක් කිව්වා එයාලගේ අල්ලපු ගෙදර උණ ගස් තියෙනවා රැ වෙලා යන්  කියල.මිනිහගේ නම අනුප. මිනිහගෙ නමත් එක්ක අයිය  කියන එක ප්‍රසිද්ධ ස්ථානවලදී තහනම් කරන්න සිදු උනා. (තේරුනෙම නැතිනම් “අනුප අයියා ” කියල එක දිගට කියවන් යන්නකො)




ඔන්න ඉතින් එදා රැ 12 විතර වෙද්දී අපි 8 දෙනෙක් විතර වැඩේට සෙට් උනා.ගමන පිටත් උනා.බල්ලන්ගෙන් කරදර නොවෙන්න වග බලා ගත්තා. මොකද බල්ලෙක් කැ ගහන්න ගත්තොත් ගමේ බල්ලෝ ඔක්කොම ෆෝම් වෙන හින්ද. 

කොහොමින් කොහොම හරි අපි උණ පදුර තියෙන තැනටම ආවා. ගෙදරත් පෙනෙන මානේ තමයි මේක තියෙන්නේ. උණ පැදුරෙන් එහා පැත්තේ වෙල් යාය. වෙලෙන්ම ගස් ටික ඇදගෙන පාරට යන්න තමයි ප්ලෑන් එක.

ඔන්න ඉතින් හිමින් සීරුවේ  අපි උණ ගස් කපන්න ගත්තා. සද්ද කරන්නත් බැරි හින්ද අපි කපන්න ගත්තේ යකඩ කපන කියත් පටි.ටික වෙලාවයි ගියෙ

බුහ්... බුහ් ....

"මලා" , "බලු තඩියෙක්   බුරනවා" . . ඔහොම්ම පත් වෙලා සද්ද නොකර ඉදපල්ලා  .. ." ලොකු අයියාගෙන් අණකි.

ඉව වැටුනොත් බල්ලා නවතින්නේ ලොකු අයිය ලග හින්ද පොරත් බය වෙලා හිටියේ.
මහ කරුවලේ අපිත් වත්තක් මැද ඔන්න ඔහොම ඉදල බල්ලා සද්දේ නවත්තුවට පස්සේ ආයි වැඩේ  පටන් ගත්තා.
යන්තම් එක ගහක් කොටා බා ගත්තා . වෙල පැත්තටම බා ගත්තේ එතැනින්ම ගෙනියන්න ලේසි වෙන්න.
වැඩි වෙලා යන්න උනේ නැ ආයි බල්ලා බුරනවා. ඒ සද්දෙට ගෙදර ලයිට් එකින් එක වැටෙන්න ගත්තා.

"දුවපල්ලා වෙලා පැත්තට". ආයිත් අණකි.

ගේ අයිතිකාරයා එලියට එන්න කලින් එක එකා වෙලා පැත්තට යන්න පටන් ගත්තා. එක තැනකදී ඔක්කොම එක ගොඩේ හිර වෙලා.යන්න බැ. බැලින්නම් ඉස්සෙල්ල ගිය මනුස්පය  එරිලා .

"යකෝ මෙතන කොහිල වලක් ". . 

"කොහිල නෙමේ නරා වලෙන් හරි ගොඩ පලයව් "

සමහොරු සෙරප්පු ටිකත්  කොහිල වලට පුජ කරලා වෙලට පැන්න. ඔක්කොමල කොහිල කටුත් ඇනගෙන වෙලට එන්ටර් උනා.
                                                         
ඔන්න ඉතින් ටිකක් වෙලා ඉදල  ,කට්ටියක් වෙලේ ඉදල ගස් කපන අය  විතරක් කොහිල වලෙන්  එගොඩ වෙලා ගියා. ඊට පස්සේ අපි ගස් තුනක් විතර කපාගෙන වේලටම ඇදල වෙලේම සුද්ද කරගෙන බම්බුව කරේ තියාගෙන යන්න පටන් ගත්තා. ඒ වෙනකොට වෙලාව පාන්දර 2 ට විතර ඇති. අපේ වාසනාවට කපා  ගත්ත ගස් ටික ඉස්කොලෙටම ගෙනාව.

ඔන්න ඉතින් ඊලග දවසේ අල්ලපු ගෙදර මනුස්සයාගේ නෝනා ගිහිල්ල අපේ සීනියර් අය්යලගේ ගෙදර ගිහින්  කියල

“කව්ද මන්ද ඊයේ අපේ ගෙදට උණ ගස් හොරෙන් කපලනේ. “.බල්ලත් බිරුව දෙතුන් සැරයක්.”

එහෙම වෙලා ඉන්න උනේ නැ. පස්සේ දවසේ අයිතිකාරයෝ  ආවා අපේ ඉස්කොලෙටත්.. ආරංචිය අහපු ගමන් ඔක්කොම ගස් ටික කැලි කපල හැංගුව අපේ බාලදක්ෂ කාමරේ. මේවා වෙන්නෙ සර් ටත් හොරෙන් හින්ද හොර පාරෙන්ම තමයි හැම දේම කලේ.

ඔන්න ඔහොම කරලා ඒ වැඩෙන්  යන්තම් ගොඩ ගියා..
…………………………………………………………..............
ඔන්න ඉතින් අපි අයත් දවසක් හොරෙන් උණ ගස් කපන්න කියල ගියා. මේ පාරේ තියෙනවා ඒ පැත්තේ ප්‍රසිද්ද පිට්ටනියක්.ඒකට හැරෙනපාර ලග  තියෙන ගෙදරක තමයි මේ උණ පැදුර තිබ්බේ. අපි කට්ටිය 8ක් විතර ගියා වැඩේට.
තුන් දෙනෙක් ගියා කියත් පටිත් අරගෙන ගස් කපන්න. වෙලාවත් රෑ 12 ට 1 ට  විතර ඇති. . ඔන්න ඉතින් එයාල ගස් ටික කපනකන් අපි පාර අයිනට වෙලා හිටිය. ඔන්න ඉතින් වැඩේ හිමිහිට යනවා . ඔය අතරේ එක සැරේට වාහනයක එළියක් එනවා.
හැන්ගෙමු වාහනයක් එනවා, පොලිසියෙන්ද දන්නෙත් නැ.
තුන් දෙනෙක් එහා පැත්තේ තිබ්බ පදුරු අස්සට පැන්නේ උඩට ඇදන් හිටපු ටී ෂර්ටුත් ගලවාගෙන.මුන්නේ යකෝ නියම හොරු. මෙච්චර මොලයක් මුන්ට තියෙනවා කියල දැනගත්තේ එදා තමයි.
ඉතුරු මමයි මගේ යාළුවයි.
අපි දෙන්න ට යන්න තිබ්බේ අර පිට්ටනියට යන පාරේ විතරයි.
  
          

අපිත් ඉතින් එහෙට හැරිලා යනවා මොකුත් දන්නේ නැති ගානට. ආපු වාහනෙත් දිගටම යයි කියල තමා  හිතුවේ.

මෙන්න යකෝ අර පර ගිය වාහනේ හැරෙව්වා පිට්ටනිය පැත්තට.

"කව්ද බන් මේ රැ  පිට්ටනියට යන්නේ "

"අනේ මන්ද බන් "

"ඩේ නයිට් මැච් එකක්වත් ද "

ඔන්න ඉතින් ආපු වාහනේ  නැවැත්තුව අපි දෙන්න ලග

අම්මටහුඩු  පොලිසියෙන්

"තමුසෙලා කොහෙද යන්නේ"

"ගෙදර යනවා සර්"

"මෙහෙ කොහෙද අයිසේ ගෙවල්"

"සර් අහවල් පාරේ මෙතනින් යන්න පොඩි අඩි  පාරක් තියෙනවා. මගේ යාළුවා ගජරාමෙට උත්තර දෙනවා

"තමුසෙගෙ අතේ මොනවද"   පොලෝසියේ එකෙක් මගෙන් අසයි.
 
අතේ ඉතින් ඇගිලිනේ තියෙන්නේ වෙන මොනවා තියෙන්නද හිත හිත අතේ මොනවද කියල මාත්  බැලුව.

අම්මටහුඩු මහ පිහියක්.

කව්ද යකෝ මගේ අතට මහ පිහියක් දුන්නේ. මෙලෝ සිහියක් නැතුව එකත් ඉස්සරහට දාගෙනනේ ඉදල තියෙන්නෙ.දැන් ඉතින් කොරන්න දෙයක් නැ දීපන්කො උත්තර.

සර් අපි මේ අහවල් ඉස්කෝලේ බාලදක්ෂ කරන කට්ටිය කැම්ප් එකක් තියෙන හින්ද රැ වෙනකන් වැඩ. ඉතින් යාළුවොත් එක්ක ගෙදර යන ගමන්. 
අහවල් ඉස්කෝලේ කිව්වට ඒක අපේ ඉස්කෝලේ නෙමේ. ඒ කිට්ටුව තියෙන ඉස්කෝලෙක නමක් තමයි කිව්වේ. 

තවත් හරස් ප්‍රශ්න කිහිපයකටත්  උත්තර බදින්න උනා

"හා හා  යනවල යනවල එහෙනම් ."

ඔන්න ඉතින් අපි දෙන්නත් යන්න ගත්තා. අපි යනකන් මුන් ටික බලන් ඉන්නවා . යාළුවා පස්සෙන් මාත්  යනවා මොකද මන් දන්න පාරකුත් නැ.
පොලිසිය හින්දයි  ආවේ හොර වැඩකට හින්දයි බයටම අපි දෙන්න පාර දිගේ ගියා.
කොහොමින් කොහොම හරි කිලෝමිටර් 5 ක් විතර රවුමක් ගහල අපි දෙන්න ඉස්කෝලෙට ආව.
ඊටත් පස්සේ මෙන්න එනවා අපේ නඩේ. බිම බඩ ගාල. එරමිණිය ගාල් අස්සේ රිංගල කටු ඇනගෙන.
අර අඩි පාර හදපු එකාට පින් සිද්ද වෙන්න මේ සැරෙත් බේරුනා..
......................................................................................................

2 comments: