Tuesday, January 6, 2015

බාලදක්ෂ ජිවිතේ -1 - ( අපේ සර් )



       

හැමෝටම අමතක වෙන්නේ නැති පාසල් ජිවිතය හා බැදුණු සුන්දර මතකයන් ටිකක්  තමයි අද කියන්න යන්නෙ..

මම අපේ ඉස්කෝලේ බාලදක්ෂ සමුහයට බැදුනේ 1992 දී ඒ කියන්නේ පාසලේ 6 වසරේදී.
“පාසලේ බාලදක්ෂ කණ්ඩායමට  බැදීමට කැමති සිසුන් අහවල් දින ප.ව 2.00 ට පාසලේ ප්‍රධාන ශාලාව වෙත පැමිණෙන්න." කියල පන්තිවලට ඇවිත් කියල ගියා.
අපේ පන්තියෙන්ම 20 ක් විතර යන්න ලෑස්තිවෙලා හිටිය.

යාළුවොත් ඉන්න එකේ මගේ කැමැත්තත් තිබ්බ හින්ද මමත් වැඩේට සෙට් වෙන්න තීරණය කළා.

අදාළ දවසේ පාසල ඉවරවුණු ගමන්  අප ගියේ ප්‍රධාන ශාලාවට. .පලවෙනි දවසෙම  දිනයේදී 6 වසරෙන් 200 කට අසන්න පිරිසක් බාල යක්ෂයෝ වෙන්න ඇවිල්ල.
සැම බාලදක්ෂ රැළියකදිම (බාලදක්ෂ රැස්වීම) . එහි සිටිය යුත්තේ අශ්ව ලාඩමක හැඩයටයි. . කණ්ඩායම් අනුව උසේ පිළිවෙලට තමයි ඉන්න ඕනෑ..200 කින් අශිව ලාඩමක් හැදෙන්න පිටනියක්ම එපෙයි.ඊට පස්සේ කියන දේ ඇහෙන්නත් එපැයි. ඔය ප්‍රශ්න හින්ද කස්ටිය පෝලිම් දෙකකට ලාඩම් හැදුනා. සැම සදුදා දිනයකදීම මේ සදහා සහභාගී විය යුතු උනා..2000 වසර වන විට  200 ක් විතර හිටපු අයගෙන් කීයද දන්නවද ඉතුරු උනේ. හරියටම 9 දෙනයි..අනෙක් සියල්ලෝ බාල අදක්ෂයෝ වෙලා වෙන ඒවට දක්ෂයෝ වෙලා හිටියා. NINE HEARTS කියල  අප විසින් හදුන්වාගත් වෙන කව්රුත් නොදත් අප 9 දෙනා වයසේ පිළිවෙල අනුව එකිනෙකට උදව් කරමින් අපගේ සිහිනය වූ ජනාධිපති බාලදක්ෂ සම්මානය වෙත සාර්ථකව ගමන් කළා..
ඒ පැමිණි ගමනේ දුක, සැප සියල්ල කැටිව තිබිණි. ඉතා සුන්දර කාල පරිච්චේදයක් වූ ඒ කාලයේ බොහොමයක් සුන්දර මතකයන් තියෙනවා.එහෙම අතරේ අපේ සර් වත් අමතක කරන්න බැනේ. මේ කියන්න යන්නේ එයා  ගැන පොඩි පොඩි සිද්දි ටිකක්.


                                                          
............................................................................................
කලාපයේ බාලදක්ෂ කණ්ඩායම් අතරින්   මුල් තැන ගත්තේ අපේ ඉස්කෝලේ තමයි.  ඉස්කෝලේ ඉස්සරහ  පාර අයිනේ කොටසක් බාලදක්ෂ කණ්ඩායමේ ක්‍රියාකාරකම් වලට වෙන් කරල තිබුණ. ඒකෙ  ගසක කුඩාරමක් , සමර් හට් එකක් පොඩි පාලමක්, දිය ඇල්ලක්.(දිය අල්ලේ වතුර එන්න නම් ඉතින්  වහින්නම ඕනෑ. )

ඉතින් අපි 9 දෙනාටත් ඔය චාන්ස් එක ආව. පන්තියේ ඉන්නත් ඕනේ හින්ද පලවෙනි පීරියඩ් එකෙන් පස්සේ අපිට ඕනෑ දවසට අපිට ඕනේ වෙලාවට  කෙලින්ම යන්නේ අපේ බාලදක්ෂ කාමරේට. ආම්පන්න ටිකත් අරගෙන පොඩි කයියක් දාලම පොඩියට වැඩේ  පටන් ගන්නවා.
සර් එහෙමත් එවිල්ල යනවා අපි වැඩ කරනවද බලන්න. .
ආවහම ඉතින් අපේ වාසිය ගැනත් බලන්න එපැයි.

"සර් , අපිට තේ බොන්නත් ඕනේ"

"හා හා උබලට මහන්සිත් ඇතිනේ . ගිහින් කැන්ටින් එකෙන් සල්ලි ගෙවල  බිල වරෙන්."

"එහෙම නෙමේ සර් , කන්නත් මොන හරි ඕනෑ වෙයි."

"ඔහොම ඉතින් සර්ට පොඩි බෝලයක් එහෙම දාල බලනවා".

"හරි හරි මම කැන්ටිමෙන් ගෙනත් දෙන්නම් උබල වැඩ කරපල්ලා" .

අපෙ කැම ගැන දන්න නිසාදෝ සර් ම කැම ගෙනත් දෙන්න පොරොන්දු වුණා.

ඔන්න ඉතින්  ඉස්සෙල්ලම අපේ සර් කැන්ටින් එකෙන් අලයි. පානුයි ගෙනත් දුන්න.

බොහොමයක් දවස් වලට අපිට කැන්ටින් එකෙන් කන්න මොනවා හරි අවසර දුන්න.එක්කෝ ඇට නැති පරිප්පුයි. අලයි තමා  තිබ්බේ.

එක දවසක් සර්  ගෙදරින්ම හොද්දක් හදන ඇවිල්ල .එදා ගෙනාවේ අල හොද්දක්. 

ඔහොම ඉතින් දවස් දෙක තුනක් හොදි ගෙනාව .ගෙනාපු තරමක් ගෙනාවේ  අල හොදි.

" අල ලාබද බන් මේ දවස්වල .  හැමදාම අලයි පානුයි"

"ඔව් බන්. මේ අල ගේන හැටියට සර් ට කියන්න ඕනේ අල පාන් කියල "

කව්දෝ කල යෝජනාව ස්ථිර උනා.

එදා ඉදන් සර්ගේ නික් නේම් එක තමයි අල පාන්
....................................................................................

අපිට කදවුරු වලදී උයන පිහන ඒවත් කොරගන්න එපැයි. ඔය එක කදවුරකදී තමයි මේ සිද්දිය උනේ.
උයන දේවල් ලෑස්ති කරන්නත් ඕනෑ හින්ද  තමයි සර්ගෙන් හෙට උදේට  කන්නේ මොනවද අහන්න ගියේ. 

 “සර්, මොනවද හෙට  උදේට  හදන්නේ “

“සම්බෝලයි බතුයි ඇති බන් හොද කරවල හොද්දකුත් එක්ක.”


           
                   
.........................................................................................
ඔන්න ඉතින් එක සැරයක් අපේ සර්ගේ ගෙවල් පැත්තෙන් පුවක් ගස් දෙන්නම් කියල එන්න කිව්වා .

අපිත් ඉතින් දුම්රියෙන්ම යන්න පිටත් උනා. අපිව එක්ක යන්න එක්කෙනෙක් එවන්නම් කිව්වා හින්ද යන පාර පිළිබද ගැටළුවක් උනේ නෑ.

ස්ටේෂන් එකෙන් බැස්සහම ටිකක් වයසක පුද්ගලයෙක් හිටිය අපිව එක්ක යන්න. ඔන්න ඉතින් පයින්ම ගමන ආරම්භ කළා.

ඔහොම යද්දී  එකිනෙකාට මඩ ගහ ගහ තමයි ගියේ. ඔය අතරේ අපේ සර් ටත් මඩ ගැහුවා. සර් ගේ පොඩි දුවට ලයින් දාපු එකෙකුත් හිටිය. මු ඇත්තට දැම්මද බොරුවට දැම්මද කියල තාම හොයා ගැන බැ. හැබැයි කොයි වෙලෙත් ඒ ලමයව මතක් කරකර තමයි හිටියේ ඒ කාලේ.

ගෙදරට ගියාට පස්සේ අපිව එක්ක ආපු අමුත්තා අදුන්වල දුන්න

"මේ තමයි අපේ තාත්තා."

එකාට එක මූණ බැලුවේ වෙච්ච වැඩේ බරපතල කම තේරුණා හින්ද. 

හිනා වෙන්න ඕනේ උනත් පස්සේ දවසක හිනා වෙනවා කියල හිතාගෙන කට්ටියම හිනාව හන්ග ගෙන හිටිය.

නමුත් ප්‍රශ්නයක් නම් ඇති උනේ නම් නැ.

ඔන්න ඉතින් ගස් තියෙන තැන පෙන්නන්න් අපේ සර් එක්කම යනවා. එහෙම ගිහින් වෙල අයිනේ වත්තකට එන්ටර් උනා.
"මේකෙ තියෙන ගස් ටික කපා ගනිල්ලා"

"සර් ඔක්කොම"

"කමක් නැ බන්"

යකෝ සර් මාර පින්වතෙක් නෙ  කියල තමයි අපි ඔක්කොම හිතුවේ.

"සර්  ගෙද  මේ ඉඩම සර්."

"නැ බන් මේක අයිතිකාරයා අපිත් එක්ක තරහයි.ඌ එන්න කලින් කපාගනිල්ලා."
................................

ප.ලි.
සර් ට තියෙන ගෞරවේ හැමදාම අපි අතර තියෙනවා. එඅ මොකද තමුන්ගේ දේවල් කැප කරලා අපේ පාසලේ බාලදක්ෂ කණ්ඩායම ඉහලට ගෙන්න උපරිම උත්සාහයක යෙදුන පුද්ගලයෙක් හින්ද.

1 comment:

  1. happy to see that.. we share this on-- https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete