වෙසක් දවසේ වෙසක් බලන්න
යමු කියල වයිපරෙගේ ගෙදර කට්ටිය ගෙනාපු යෝජනාව මමත සම්මත කර ගත්තා.
ඉතින් ස්ත්‍රී
පරාන තුනක් එක්ක වාහනේ යන හින්ද තනියට මගේ මලයව සෙට් කර ගත්තා.
ඉතින් එන්න කිව්වනම් ට්‍රාන්ස්පෝර්ට්
දෙන්නත් එපැයි. ඉතින් මම බයික් ඒකෙ ගියා අපේ ගෙදර මලයව එක්කන් එන්න.. පාරේ වාහනත්
වැඩි හින්ද වෙනදට වැඩිය වෙලා ගියා අපේ ගෙදරට
යන්නම .
ඔන්න ඉතින් ටක් ටික් ගාල
මලයවත් දාගෙන ෂෝර්ට් කට එකකින් දාල යන්න ගත්තා වෙලාව ඉතුරු කරගන්න.
ඒ යද්දී ෂෝර්ට් කට් එකෙත්
ට්‍රැෆික්
බලද්දී බට්ටි ගීත
කණ්ඩායමක් ලොරියකට පටවනවා .
පාර පොඩි හින්ද වාහන දෙකක් මරු වෙන්නෙ හරිම අමාරුවෙන්.
ඉතින් අපිත් ගිහින් එහා
පැත්තේ වාහනේ යනකන් හිටිය. ඒ මනුස්සයත් තටම තටම වාහනේ ගන්නවා හිමින්.
මේ පැත්තෙ නම් ඉඩ නැ..
මල්ලි බලන්න එහා පැත්තෙ.
මන් බැහැල බලන්නද
හරි හරි මේ පැත්තෙ වාහනේ
ගන්නවා.
වාහනේ ගත්තට පස්සේ පාරේ
ඉඩ ආව. පරක්කු වෙච්ච හින්ද මමත් ඉඩ තිබ්බ තැනින් දාල යන්න පටන් ගත්තා..
එතන
පල්ලමත් පාස් කරලා ඊට පස්සේ තිබ්බ වෙල් යයත් පාස් කරලා කන්දත් නැගල යනකොට මතක් උනා එනකොට දැක්ක රුකඩ අපාය.
මල්ලි අපායක් තියෙනවා
ඉස්සරහ රුකඩ වලින් කරන
.......... උත්තරයක්
නැති තැන ආයිත් කිව්ව එත් සද්දයක් නැ..
යනගමන්ම සයිඩ්
කන්නාඩියෙන් බැලුවට පේන්නෙත් නැ. බැරිම තැන හැරිලා බැලුව.
කො මේ මලය .
බලද්දී මේ මනුස්පය සිට්
ඒකෙ නැ.. ඒ වෙනකොට කිලෝමීටර් භාගයක් විතර
ඇවිල්ල
හුටා . අතනදී බැහැල
බලන්නම් කියල බහින්න ඇති.
ඒක මතක් වෙච්ච සැරේ මට
ආපු හිනාව
පනාව දාගෙනම ආපහු මලයව
හොයාගෙන ගියා..
ටික දුරක් යද්දී මෙන්න
එනවා මගේ මලය පාර දිගේ හෙල්මට් එකත් දාගෙනම
එතනට ගියාම අපි දෙන්නටම
හිනා .ඉතින් කතාව පැත්තක තියල හිනා වෙලා හිටිය
මම කැගැහුව . ඔයා ඇරලා
ගියානේ. එතන හිටපු මිනිස්සුත් බැලුව මොකද කියල..
මට ඇහුනේ නෑනේ.
හදිස්සියට මමත් ගියා.. දැනුනෙවත් නැ පිටිපස්සේ කව්රුත් නැ කියල.
වෙච්ච දෙයක්





