Wednesday, April 8, 2015

ලෝකන්තේ බලන්න ගියා -2




කලින් ලිපියේ කිව්වනේ ලෝකන්තේ ගිය ගමන. බැලුවේ නැත්නම්මෙතනින් බලමු.


අද කියන්න යන්නේ ඉතුරු ටික.

ඔන්න ඉතින් පහුවදා හිරිගල්පොත්තේ යන්නේ නැතුව අපි තීරණය කලානේ අවට පරිසරේ සුව විදින්න ..ඉතින් උදේ කෑමෙන් පස්සේ මමත් තව දෙන්නෙකුත් එක්ක ගියා එලියට එහෙම ගිහින් පාරෙන් එහා පැත්තේ ගස් අතරින් පොඩි තණ බිස්සක් තිබ්බ තැනකට ආව. 

එතනට ඈත ඉන්න ගෝන්නු රංචුවක් පේනවා. එක හින්දම අපි ඒක බල බල වාඩියක් දා ගෙන හිටිය.. .



ටිකක් වෙලා ඉදල ඇති උන හින්ද අයිත් කැබින් එකට යන්න පිටත් උනා.

පාර ලගට යනකොට දැක්කේ කැබින් ඒකෙ දොර ලග ඊයේ දැකපු තඩි ගෝන.අන්දෙකත් තියෙනවා සැහෙන උසට.  


දැන් මොකද කරන්නෙ .යන්නත් බැහැනේ. කැගැහුව කැබින් එක ඇතුලේ ඉන්න අයට..
ගෝන ඔලුව උස්සල බැලුව ඇරෙන්න අපේ මොන යකෙක්වත් එලියට ආවේ නැ.


ඔහොම බලන් ඉන්නකොට ගෝන එනවා අපි ඉන්න පැත්තට.

දුවපන්

ආපහු පාර එහාපැත්තට දුවල ගිහිල්ල ගහක් ලග නතර උනා..

එහෙ තියෙන ගස් දන්නවනේ. තෙත බරියන් වෙච්ච දිය සෙවල පිරිච්ච පොඩි ගස්  පහල පින්තුරේ වගේ  වගේ                                                                                                

ගහ ලගට ඇවිත් නැවතුනාට බැ.. ගෝන එනවා ටිකෙන් ටික මේ පැත්තට..ඇන්නොත් කාට කියන්නද

ගස්වලට මුවා වේවි හිටිය .

ගෝන එහෙට මෙහෙට යනකන් ඉදල අපි ආයිත් එලියට ආව

ඒ එනකොටම මෙන්න අයිත ගෝන ඔලුව උස්සල බලලා මේ පැත්තට එනවා

දුවපන් දුවපන්  .නැගපන් ගහකට

ඔන්න ඉතින් බඩගාගෙන දිය සෙවල නාගෙන එකෙක් නැග්ග අත්තක් උඩට

මාත් කකුලක් තියාගෙන හිටිය නගින්න බලාගෙන.

අනික බිම

වලහගේ කතාවේ අංක දෙක  වගේ දැන් සින් එක

ඔහොම ඉන්නකොට පාරේ යන්න එනවා ලෝකන්තේ වැඩකරන සෙට් එකක්. අපි බාලදක්ෂ කට්ටිය කියල දන්නවා මුලින් දවසක හම්බ වුන  හින්ද.

උඩ නැගල හිටපු එකාබැස්ස ටක් ගාල . අපිත් මොකුත් නොදන්නා ගානට ඇහුව එන කට්ටියගෙන් 

අය්යේ අර ගොනෙක් ඉන්නවනේ කැබින් එක ලග.  

ආ මල්ලි ඕකා හිලෑ එකෙක්. ඔය කව්රු හරි දැක්කහම කන්න ඉල්ලන් ලගට එනවා..ඕකා නොකන දෙයක් නැ. පාන් බත් ඕනෑ එකක්.

මල්ලිලා බැය නැතුව යන්න.

හරිම කුජීතයි , විලි ලජ්ජා හතයි වෙච්ච වැඩේට.. වෙලාවට වෙච්ච දේවල් කිව්වේ නැ

ඊට පස්සේ තමයි  තමයි ඇගට ලෙ ටිකක් ඉනුවේ.ඊට පස්සේ  ඌව මග ඇරලා කැබින් එකට ගියා. . පස්සේ ඉතින් උයන දේවල් කන්න දෙන හින්ද ගෝන අපේ කැබින් එක ලගම තමයි. පස්සේ දවසක පත්තරෙත්  දැක්ක මේ පාන් කන ගෝන ගැන..

හවස් වරුවේ ඉන්නකොට වතුර වැටෙන සද්දයක් එන හින්ද එකෙක් කුස්සියට ගිහින් බැලුව මොකද්ද සද්දේ කියල. ගිය එකා හිනා වේවි එනවා. ඒක හින්ද සැරින් සැරේ කට්ටියම ගිහින් බලලා ආව.

මොකද දන්නවද සීන්  එක, අපේ සර් ජොකෙකුත් ගහගෙන මේ පට්ට සීතලේ නාන්න ලෑස්ති වෙනවා.

ඉතින් ආපහු හවස් යාමේ කට්ටියම එක්ක ආපහු රවුමක් දැම්ම.
එදා දවසත් ගත උනා . ගිය කට්ටියත් හවස් වෙද්දී ආව. පස්සේ දවසේ යන්නත් ඕනෑ හින්ද බඩු  මුට්ටු බෑග් ලෑස්ති කරගෙන තියාගත්තා.

පහුවදා හවස තමයි යන්න පිටත් උනේ. මොකද කෝච්චිය තිබුනේ උදේම . රැ මහතුන්ගෙ කාමරේට වෙලා ගතකලා.. සනි අය්යත් එක්කම වගේ  ආපු කෝච්චියෙන් අපි යන්න පිටත් උනා.සනි අයියත් හිටපු හින්ද අවට සුන්දරත්වය නරබගෙනම ආව.

ඔන්න ඔහොම තමයි ට්‍රිප් එක ඉවර උනා කියන්නෙ..






Monday, April 6, 2015

ලෝකාන්තෙ බලන්න ගියා -1






කලින් ලිපි වල කිව්වනේ මම බාල යක්ෂයෙක් කියල . ඉතින් අපේ පාසලේ බාලදක්ෂයින්ගේ වාර්ෂික චාරිකාව අනිවාර්යයෙන්ම සංවිධානය වන දෙයක්.මේ චාරිකාව වෙන් වුනේ ජේෂ්ඨ සාමාජිකයින්ට විතරයි. . මේ කියන්න හදන සැරේ යන්න තීරණය උනේ ලෝකාන්තය සහ හිරිගල්පොත්ත යන්න.. කස්ටිය විසි දෙනෙකුට වැඩි පිරිසක් හිටිය මේ ගමන යන්න.

ඉතින් එකට අවශ්‍ය කෑම බිම , හට්ටි මුට්ටි , උයන පිහන උපකරණ ආදිය අපිම ගෙනියන්න ඕනෑ හින්ද ඒවත් හිමින් සැරේ ලෑස්ති කර ගත්තා.. ට්‍රිප් එකක් කිව්වට කැම්ප් එකක් යනවා වගේ තමයි යන්න උනේ කදමලු කර ගහගෙන . ඉතින්  දවස් තුන හතරක්  ඉන්න හින්ද එකටත් අවසර එහෙමත් ගන්න සිද්ධ උනා. ලෝකාන්තයේ තියෙන කැබින් එකක් වෙන් කර ගත්තා අපේ නවාතැන් සදහා ...

රැ අටකුත් ගානට කොලබ කොටුවෙන් තිබ්බ බදුලු කෝච්චියෙන් තමයි අපේ ගමන ගියෙ. ඉදගෙනම යන්න ඕනේ හින්ද හවස් වෙලා ඔක්කොම කස්ටිය ගම්පහ ඉදන් කොටුවේ ඉස්ටෙෂන් යන්න පිටත් උනා.. අපේ කණ්ඩායමේ හිටිය මොරේගේ තාත්ත රේල්ලුවේ හින්ද අපිට බදුලු කෝච්චිය කොටුවට යන්නත් කලින්ම මරදානේදීම ගොඩවෙන්න පුළුවන් හින්ද මරදානෙන් බැහැල අපි සිට් ටික අල්ල ගත්තා.

ඔන්න ඉතින් කදමලු ටිකත් එක්ක අපිත් හරිබරි ගැහිලා යන්න පිටත් උනා.. කන බොන ඒවායින් නම් අඩුවක් තිබ්බේ නැ.. ඔය අතරේ අපේ සර් එහෙමත් එනවා සරින් සැරේට අපේ වැඩ බලන්නද කොහෙද.. මෑන් ඉතින් දෙවෙනි පන්තියේ තමයි ගමන් කලේ.. අපි ඉතින් 2 පන්තියේ වැඩ කරන්නෙ නැති හින්ද තුනේ පන්තියේ තමයි ගියේ..



කෝච්චියේ යනකන් නම් කෑම වලින් අඩුවක් උනේ නැ, ඉස්සෝ වඩේ එපා වෙනකන්ම කන්න හම්බ උනා .. සනි අයිය බැහැල ගියාට පස්සේ එළියේ තියෙන මොනවත්ම පෙන්නේ නැතුව ගියා. කට්ටිය සැරින් සැරේ නිදා ගත්තත් එක දිගට නිදා ගන්න නම් හම්බ උනේ නැ. මොකද නිදා ගන්න දුන්නේ නැති හින්ද. කොහොමින් කොහොම හරි කදු නගිද්දී කොඡ්චිය යන්නෙ අපි පයින් යන ගානට . ස්ටේෂන් එකක නවත්තන්න හදන්නේ කියල තව ටිකෙන අපේ එකෙක් බහිනවා කෝච්චියෙන්.

තව ටික දුරක් යද්දී රැක් ඒකෙ තිබුණ පොඩි බෑග් එකක් පහලට වැටිලා කෙලින්ම ජනේලෙන් එලියටම වැටුන.



 මොකද්ද වැටුන හින්ද උඩ බැලුවහමයි දැක්කේ බෑග් එකක් වැටිලා තියෙන්නේ කියල.මොනවා කරන්නද කියල යාළුවා හිත හදාගත්ත. මොකද කොඡ්චිය නවත්තල බලන්නයැ . සනි අය්යත් නැති කොට..



පාන්දර හතර හමාරට විතර අපි ඔහිය දුම්රිය පොලෙන් බැහැල . සනි අයිය  එනකන් මහතුන්ගෙ කාමරේට වෙලා පොඩි ඇලට් එකක් දැම්ම.. සනි අයිය එනකොට අපි උදේට කන්න ගෙනාපු පානුයි ලු   සීනි සම්බලුයි කාල යන්නත් ලෑස්ති උනා..

කට්ටි කට්ටි, ගෙනාපු කදමලු ටිකත් අරගෙන හිමින් සැරේ යන්න පිටත් උනා.. මට මතක හැටියට කිලෝමීටර් එකොළහක් විතර අපිට කන්ද නගින්න තිබුණ.

එකට පටන් ගත්තට කට්ටියගේ වේගේ අනුව කට්ටිය වෙන් වෙලා කෑලි තුනේ හතරේ කණ්ඩායම් වලට කැඩුන..ඔය අතරේ සමහරු ලෝකන්තේ බලන්න යන වාහන වලට ඇත දාල එකට රිංගගෙන ගිහිල්ලත් තිබුණ. එහෙම යනකොට යන්නේ හොරෙන් නෙමෙයි. මග යන උන්ට සැලියුට් එකක් එහෙම දාල. ඉතින් පයින් බඩ ගාන අපිට මරු ජුවල්.

කොහොමින් කොහොමහරි අපි නවාතැන් ගන්න කැබින් එකට ආව. ඒ වෙද්දීත් කස්ටියක් ගිහිල්ල තිබ්බ හින්ද අපහසුවක් නැතුවම තැන හොයා ගත්තා..

එදා දවස අපි කැබින් ඒකෙ තමයි ගතකලේ. ගමන් මහන්සියටත් එක්ක කට්ටියම නින්දට වැටුන..

රැට උයාගෙන කාල එහෙම කට්ටිය සෙට් උනා කාඩ් ගහන්න .

කාඩ් කිව්වම මතක් උනේ කතාවක්. සමහරවිට දන්නවත් ඇති. ඔන්න දවසක්  කට්ටියක් කඩ සෙල්ලම් කරන්න ගත්තලු.

මචන් ත්‍රී නෝට් ෆෝර් ගහමුද..

තුන්දෙනෙක් හා කිව්වලු.

එකෙක් කිව්වලු මම නම දන්නේ නැ බන් කියල

හරි හරි බන් කියා දෙන්නම්

කියා දුන්නොත් නම් මම එන්නම් කියල වැඩේට සෙට් උනාලු.

ටික වෙලාවක් යද්දී මිනිහට තෙරුනලු මිනිග දාන්න ගේම් එකක් කියල

ඉතින් මිනිහ කිව්වලු

අඩෝ මේ තුන්සිය හතරනෙ බන් ..

කතාව ඉවරයි. අපෙත් හිටිය  ඕමි නොගහ බුරුව ගහන්න ඕනැ එකෙක් . ඉතින් මිනිහ එක්ක බුරුව ගහන්න කැමති කව්රුත් හියේ නැ. මිනිහල් කලේ දන්නැති එකෙක් අල්ලාගෙන බුරුව උගන්න උගන්න බුරුව ගහපු එක.

රුපිලයේ දෙකේ කාසි වලට ඔට්ටු අල්ලලා තමයි වැඩේ හීනියට ගිහින් තියෙන්නෙ. නොදන්නා එකාට වෙච්ච දේ කියන්න ඕනේ නැනේ.

පස්සේ දවසේ අපි උදෙන්ම ලෝකන්තේ බලන්න යන්න පිටත් උනා. සරින් සැරේට මීදුමක් එක්ක එන හිරිපොද වැස්ස හින්ද කට්ටියම වැහි කබා දාගෙනම තමයි ගමන පිටත් උනේ.  .



කොහොමින් කොහොම හරි ලෝකාන්තය බේකර්ස් ඇල්ල බලල සුන්දරත්වය විද ගත්තා..




ලෝකන්තෙට ගිහින් එන අතර තුර අපට ගෝන්නු විශාල වශයෙන් ගැවසෙනවා දැක ගන්න පුළුවන් උනා..කැබින් එකට පෙනෙන මානෙත් එකෙක් එහෙ මෙහෙ යනවා දැක්ක හින්ද අපිත් ටක් ගාල කැබින් එකට රිංග ගත්තා..

පස්සේ දවසේ හිරිගල්පොත්ත බලන්න යන්න ලෑස්ති උනත් අපේ නම දෙනා වැඩි කැමැත්තක් තිබ්බේ නැ.. සර් යන්නත් නැ කිව්වා හින්ද අපි පස්සේ දවසේ අවට නරබන්න තීරණය කළා.

පස්සේ දවසේ මොකද උනේ....

ඊලඟ ලිපියෙන් කියන්නම් .