Wednesday, June 17, 2015

හරකා බොත්තම් සහ ටොයිලට්



හරකා 



අපේ ගෙදරට අල්ලපු වැටේ ඉන්න අක්ක කෙනෙක් අලුතෙන් ස්කුටියක් අරගෙන . ඉතින් මුලදී මුලදී හිමින් ගියාට දැන් නම් අපිටවත් අල්ලන්න බැරි වේගෙන් තමයි යන්නෙ.

ඉතින් මේ සිද්දිය ඔය කියන අක්කට වෙච්ච එකක්.

දවසක හවස් ජාමේ  එයාගේ දුවයි පුතයි එක්ක පන්ති ඉවර වෙලා ගෙදර යනවලු. .  ඔහොම යන අතරේ කොල්ලෙක් බයික් එකක් පාරට දාල හදිස්සියෙන්. . ඉතින් හදිසියේ වෙච්ච දේට කර ගන්න දෙයක් නැති කොට බ්රේක් පාරත් එක්ක පාරේ පත බෑවිලා..

ඉතින් වට පිටේ ආපු මිනිස්සුත් උදව් වෙලා මෙයාලව නැගිට්ටවන්න. වැටිච්ච බයික් එකත් අයිනට කරලා දීල. දෙතුන් දෙනාටම පොඩි පොඩි තුවාලත් සිද්ද වෙලා..

ඔහොම ඉන්නකොට සිද්දිය නොදැකපු සියා කෙනෙක් ඇවිත් එතනට..

පුතේ මොකද උනේ...  සියා අක්කාගෙන් ඇහුවලු.

අක්කටත් තද වෙලා හිටපු හින්ද අර කොල්ලව පෙන්නලා කිව්වලු

අන්න අර හරක හින්ද තමා උනේ  කියල

ඉතින් සියා කිව්වලු

ආ .. ආ... පුතේ හරකෙක් හප්පුනාද බයිසිකලේ..

හරකෙක් නෙමේ අන්කල් අර කොල්ල බයික් එක දැම්ම පාරට ..  කියල මාරු උනාලු.


..............................................

බොත්තම් 

අපේ ගෙදර ඉන්න පුසිත් දාන්ගලේ වැඩි වෙලා බඩකුත් උස්සන්ගෙන ඉදල ගිය මාසේ ලෝඩ් එක බෑව. පැටවූ පස් දෙනෙක් විතර උන්න වගේ මතකයි. දැන්නම් 2 කට අඩු කර ගත්ත දාන්න අවුරුද්දට ගෙදරට අපු උදවියට පින්සිද්ද වෙන්න.. හිස් අතින් යවන්නත් හොද නැති ඒකෙ එක එකා බොහොම අමාරුවෙන් දීල යැව්වා..

ඔන්න දවසක් පොඩි එකෙකුත් එක්ක ආව නෑදෑ වෙන අක්ක කෙනෙකුයි හබියයි... පොඩි එකාටත් ඉන්න බැ දාන්ගලේ..

කොහොම හරි යන්න ලෑස්ති වෙලා  පොඩි එකා එලියට බැස්සම තමයි දැක්කේ පුසී එළියේ නිදන් ඉන්නවා.

අම්මේ....

ඇයි..

අර මොනවද පුසිගේ ඇගේ බොත්තම් වගේ තියෙන්නෙ.

මටත් ඇහුන පාර ඒ දිහා බලලා අක්ක දිහත් බැලුව..

අක්ක සද්ද නැ..

අම්මේ.. මොනවද කියන්නකො ඒ  බොත්තම් වගේ තියෙන්නේ කියල...

ඒ සැරේ කොල්ලගෙන් බේරෙන්න බැ .. අහන්නෙම ඒක..

අක්කටත් හිනා යන්න ඔන්න මෙන්න හින්ද පොඩි එකට කියා දැම්ම පැටවුන්ට කුක්කු දෙන්නෙ ඒකෙන් කියල..


.............................................................................................

ටොයිලට් එක


පහුගිය සතියේදී ඔෆිස් ඒකෙ වෙච්ච දෙයක් මේ කියන්න යන්නේ..

ඔෆිස් එක අතුගාල මොප්  කරන්නේ  විමලසිරි කියල කෙනෙක්. 
 සතියකට සැරයක් විතර කොස්සකුත් අරන් එනවා අතු ගාන්න.. මොප්  කරන්න ගියත් ඇහැට පේන හරිය විතරක් කරලා ශේප් වෙනවා.

ඉතින් කට පොඩ්ඩක් තියෙන  මිනිහට ඕනෑම ප්‍රශ්නෙකට දෙන්න උත්තරයක් නම් තියෙනවා.

ඉතින් මේ කියන දවසෙත් මිනිහ මොප්  කරලා ඉවර වෙක වතුර එක හලන්නද මන්ද ගිහින් තියෙන්නේ ලේඩිස් ටෝයිලට්  එකට.

ඕකෙන් එලියට එද්දිම ඔෆිස් ඒකෙ වැඩ කරන කෙනෙක්ට මාට්ටු උනා..

“විමලසිරි දැන් ලේඩිස් ල යන ටොයිලට් වලටද යන්නෙ.” කියල යාළුවා ඇහුව.

විමලසිරි කියපි..

“ඔව් ඉතින් මන් ගෙදරදීත් යන්නෙත්  ගෑණි යන ටෝයිලට්  එකටමනෙ.”


22 comments:

  1. විමලසිරියා ආදර්ශෙට අරං තියෙන්නෙ විමලිසිරි ගම්ලත්වද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. කිචී. ඒකනම් අහල බලන්න වෙනවා .. :-?

      Delete
  2. අර ස්කෟටි අක්කලගෙන් තරං වෙන කාගෙන්වත් කරදරයක් නෑබං. බොලාට කියන්න බහුතරයක් සුකූටි පදින ඇංටිල කරන්නෙම වමට සිග්නල් දාල දකුණට හරෝන එකමයි. කෝම හරි මේළගදි දවසක කෑගල්ල ටවුම මැද්දෑවෙ ඔහොම සීන් එකක් වෙලා කොාල්ලෙක් නන්න වුණා. අක්ක ට ත් බැණුම් වරුසාාාාාවයි

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද ඔය ගෑණු ගිහිල්ල නවත්තල තියෙන වාහන වලත් හප්පන එකේ.

      Delete
    2. ස්කුටි නෙමෙයි වාහන උනත් එහෙමයි. පිස්සු කෙලින වාහනයක් යනවා දැක්කොත් ෂුවර් එකට එලවන්නේ ගනු පරානයක් තමයි. යනකොට යනවා ඇරලා. බ්රේක් ගහන්න උනාම කන්ට්‍රෝල් නැ.. ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරන්න යනවා වගේ කකුල් දෙකත් දෙපැත්තට ගෙන තමයි ස්කුටිය නවත්තන්න යන්නේ.

      Delete
  3. විමලය කියල තියෙන කතාව ඇත්තනෙ. ගෙවල් වල ලේඩීස්, ජෙන්ට් කියල වෙන වෙනම ටොයිලට් තියෙන්නෙ නැති එකේ මොන ලබ්බකට ඔෆිස් වල ඔහොම වෙන්කරල තියෙනවද මන්ද.

    බොගේ මවුස් පොයින්ටර් එකට පොල් මයිටාවෙක් බෝවෙලාද කොහෙද. :d

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න උගේ කතාවනම් ඇත්ත. ඔය යකා කට ඇරියොත් ඉතින් ඔහොම කතාවක් තමයි . හැබැයි කදීය වගේ වැඩ.

      :-) පොල්වත්තේ ඉන්නකොට ඉතින් මයිටෝ බෝ වෙනවනෙ.

      Delete
  4. හි හි විමලෙත් මං වගේ ඩයල් එකක් :p

    ReplyDelete
    Replies
    1. :-? බැරිද දන්නේ නැ දෙන්නව මරු කර ගන්න

      Delete
  5. ලේඩීස් ටොයිලට් මදිවට කොබා මල්ලි ලේඩිබර්ඩ් කෙනෙකුත් එල්ලගෙන.
    ඇයි බං එක ආච්චිකෙනෙක්ව හප්පගෙන ගියාලු හෙන සද්දෙට මියුසික් දාගෙන ගිය ත්‍රී වීලර් එකක්.
    ආච්චි පස්සෙ සාක්කි දුන්නලු “තඩී රේඩියෝ එකක් මාව හප්පං ගියා පුතේ...“ කියලා.

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබුණ තමයි ගමටම ඇහෙන්න සද්දේ දා ගෙන යන ත්‍රි විල් .. දැන්නම් ටිකක් අඩු වෙලා වගේ..

      Delete
  6. පොඩි එවුන්ගෙන් ඉතින් බේරෙනවා බොරු..

    දැන් හැමෝම විමලසිරියව ආදර්සෙට ගනීවිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කට තියෙන පොඩි උන් එක්ක කොහේ හරි ගියහම පරිස්සමින් ඉන්න ඕනේ. කොයි වෙලේ අපේ සායම හොදියි ද දන්නේ නැ..
      එක සැරයක් වේඩින් එකකදී අයිය කෙනෙක්ගේ පොඩි එකා ගැන කතා වේවි හිටිය. ටික වෙලාවකින් පොඩි එකා එයාගේ තාත්තට රහසක් කිව්වා. පොඩි එක කියල තියෙන්නේ, : තාත්තේ මාව අපහසුතාවයට පත් කරන්න එපා " කියල

      Delete
  7. ස්කූටි වල යන ගෑණු උදවිය සමහර වෙලාවල මයෙ කාර් එකත් ඉස්සර කරගෙන යනවනෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්... මේ ලගදි දවසක වන්ගුවක වැන් එකක් ඉස්සර කරගෙන බයික් එකක් ආව . බැලින්නම් කෙල්ලෙක්.

      අනේ ඉතින් මේ නංගිට බුද්ධං සරණේ සරණයි කියල හිතා ගත්තා.

      Delete
    2. මූණට මූන හම්බුණා නං “හනේ ඉතිං අපි දෙන්නට“ කියලා හිතාගන්නම තිබුණා... :-)

      Delete
  8. හි..හි... ශෝක් කතා ටික :D

    ReplyDelete
    Replies
    1. හි හි .. ෂෝක් දත් ටික..

      Delete
  9. හම්මෝ ස්කූටර් අක්කලා ගැන නම් කියන්න එපා...මගෙ ඇග තවමත් හීතල වෙනවා කඳානෙදි පාර අයිනෙ හිටිය නැන්දා කෙනෙක් එක පාරටම දැම්මෙ නැතෑ මගෙ ඉස්සරහට...අම්මෝ මගෙ අසරණ ඇන්ටික් ස්කූටර් රාජයා පාර මැදට අරගෙන වෙට්ටුවක් දාලා යන්තං ඇන්ටියව බේරගත්තෙ...පිටිපස්සෙන් බස් රාජයෙක් එහෙම ආවා නම් මම ඔන්දස්පොට්...කාන්තා පරාණවලට ක්ෂණිකව හොදට ප්‍රතිචාර දක්වන්න බෑ. බයික් එකේ යද්දි හදිස්සියෙ කවුරු හරි දැම්මා නම් අනිවා පතබෑවෙනවම තමයි.

    අර පූසන්ගෙ ගොඩේ උඹේ මූණ වගේ තියෙන එකෙකුත් හිටියා කියන්නෙ ඇත්තද....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි. ඉස්සරහින් ගැනු පරානයක් එලවනවානම් අපි පරිස්සමින් යන එක අගට ගුණයි. එක තැන බ්රේක් ගහන්නෙ.

      ඒ පුසට සිරා කියල නම දැම්ම . හැක් හැක්

      Delete
  10. පොඩි වුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා ලේසි ටොමියාට සිංහල උගන්නනවා...
    එල ද බ්‍ර

    ReplyDelete
  11. එකෙන්ම....අායේ මොටද එක වැසිකිලියක් දෙවර්ගයකට බෙදන්නේ??
    පොඩි උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.... මෙන්න මේකත් බලපන්..ඊට හපන් මේකා...
    http://ganaandura.blogspot.com/2015/06/blog-post.html

    ReplyDelete