Thursday, May 28, 2015

අලුත් ඩයිවර්





කාලෙකට පස්සේ ආයිත් පරණ ඔපිස් ඒකෙ වැඩකරන හින්ද  පරණ අතීතේ මතක් උනා.වැඩ වැඩි හින්ද පොස්ටු දාන්නත් පරක්කු උනා..
මේ කියන්න යන්නේ දැනට අවුරුදු 6 කට විතර කලින් ඔෆිස් ඒකෙ වැඩකරද්දී වෙච්ච සිදුවීමක්.

මන් වැඩකරන කොම්පැනියේ  ප්‍රධාන කාර්යාලේ ඉදන් කර්මාන්තශාලාවට යන්න වෙනම වැන් එකක් දාල තිබුණ ඔපිස් ඒකෙ වැඩකරන අයගේ පහසුව සදහා.. මේකෙ ප්‍රවාහන අංශයෙ  නැති වාහනය ක් නැ.කාර්,වැන්,බස්,ලොරි,ට්‍රැක්ටර්,බැකෝ , . . . .ඉතින්  මේ කියන වැන් ඒකෙ ඉන්න රියදුරු මහතා දවසින් දවස වෙනස් වෙන වෙලාවලුත් තිබුණ. . කට්ටියත් ඉන්න ඒකෙ බය වෙන්න දේකුත් නැනේ.

මේ කියන දවසේ මමත් තවත් කීපදෙනෙක්  ෆැක්ටරියට යන්න වැන් එක එනකන් බලන් උන්න. වෙනද වෙලාවත් පහු වෙලා. මොකද ඒක එන්න ඕනේ ඔපිස් එක ලග තියෙන ෆැක්ටරියෙ ඉදන් . කිලෝමීටර් එකක් වගේ දුරක තමයි ඒක තිබුනේ. .  ඉතින් වෙනද වෙලාවට වැඩිය පැය භාගයක් විතර පරක්කු වෙලා මෙන්න වැන් එක එනවා තටම තටම..

බැලින්නම් වැන් එක එළවන් එන්නෙ  ට්‍රැක්ටරේ එලවන ඩයිවර් උන්නැහෙ .එදා ඩයිවර් ලගේ අහේනියක් හින්ද  මේ මනුස්පය තමයි එවල තියෙන්නෙ .  .

අපිත් යන්න කියල ගොඩ උනා වැන් එකට.

 ට්‍රැක්ටර් වගේද වැන් කියල මෑනුත් යන්න පිටත් උනා

ගියර් එකක් දාන ගානේ වැන් එක ස්ලෝව් වෙනවා. ගත්ත ගම්මෙනුත් වැඩක් නැ. අනිත් ගියර් එක දාද්දි වැන් එක නවතින ගානට ඇවිල්ල.

මොනවා කරන්නද

ඔහොම යන්න යද්දී වාහනයක් ඉස්සර කරන්න වෙලා පොර සුපුරුදු පරිදි හෑන්ඩ් සිග්නල් දැම්ම.

දොහ් ... ...

අපිත් බැලුව මොකද්ද සද්දේ කියල.

පොර ට්‍රැක්ටරේ පුරුද්දට අත දාල . හැබැයි වැන් ඒකෙ විදුරු වහල කියල අමතක වෙලා..

හික්ස්...

සමහර වෙලාවට එහා පැත්තෙන් හය්යෙන් වහනයක් එනවා දැක්ක ගමන් හත් ගව්වක් තියල මෙහෙ අමුඩේ බ්රේක්  ගහල  ඉවරයි .

අපිත් ඉතින් අතට අහුවෙන දෙයක් බදාගෙන තමයි ගමන ගියේ..

ඔහොම ටික දුරක් යද්දී කළු දුමක් දාගෙනම වාහනයක් රේස් කර ගෙන ගියා ඉස්සරහින් . දුම්  වලාව එනවා අපේ වැන් එක දිහාට

අපේ ඩයිවර් උන්නැහේ මොකද දන්නවද කලේ.

දුම මග අරින්න වගේ ඔලුව ටිකක්  පාත් කරගත්ත . හික්ස්

බයිසිකල් වල යන අය දන්නවනේ දුමක් එද්දී කොහොමද එක මැදින් යන්නේ කියල. අන්න ඒ විදිහම තමයි.
ඒ සැරෙත් පොරගේ ට්‍රැක්ටර් පුරුද්ද අතාරින්න බැරි උනා..

පස්සේ කව්දෝ මන්ද  කිව්වා අමතක වෙලා පොර කෙල බෙට්ටකුත්  ගහල වීදුරුව වහල තියෙද්දී ඊලග හයර් එකේදී.

එක සැරේට වහන් මාරු උනාම අපිට උනත් එලවන්න අමරුයිනේ.. මැන් ටත් ට්‍රැක්ටරේ වගේ ෆුල් ඕපන් නැති හින්ද අවුල් යන්න ඇති..
ටික දවසක් යද්දී නම් මිනිහ හොදට වැන් එක එලවන්න ගත්තා. . කොහොම හරි වෙනද පැය භාගෙන් යන ගමනට එදා පැයක් විතර ගත උනා..

ප .ලි.
කාටවත් අපහාසයකට නොලියමි.

23 comments:

  1. පටුපාරවල් වලට දාන කොට පස්ස හැරිල බැලුවෙ නැද්ද හිටං?

    ReplyDelete
    Replies
    1. අඩේ එකත් ඇත්ත තමා. මතක නැනේ ගත්ත විදිහ. සුවර් එකට මැන් ඈතින් කපල ගන්න ඇති.

      Delete
  2. එක වාහනයක් දිගටම පුරුදු උනාට පස්සෙ ඕක කාටත් වෙනව.
    අපේ ගෙවල් ළඟ තියෙන ලොරිය එලවන්න ගන්නකොටම ඒකෙ ඩ්‍රැයිවරය කරන්නෙ වෑන් එක වගේ නෙමෙයි මේකෙ සයිඩ් කණ්නාඩි එලියෙ තියෙන්නෙ, පස්ස දිග වැඩියි වගේ උපදෙස් මාලාවක් දෙන එක. නැත්තං ලොරියත් වෑන් එක වගේ අඩි දෙකක් ඉඩ තියෙන අස්සෙනුත් රිංගවනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... දැනුවත් කරන එක හොදයි.. නැත්නම් ඉතින් මොන විච්චුම්බරයක් කර ගනීද දන්නේ නැනේ.

      Delete
  3. පරන ග්‍රාමසේවක මහත්තෙයෙක් ජනාදිපති උනාම ඔන්න ඔය වගෙ ටැට්ටර් වැඩ නේ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම තමයි හිටං.. බලමුකෝ ටේලර් එක ගලවල ට්‍රැක්ටරේ එලවයිද කියල...

      Delete
    2. මාතලන් ජූනි පලවෙනිදා දාලා තිබුන පෝස්ට් එකේ තිබුන‍ වගේ ස.රසා නම් උග්‍ර බයියෙක්ම තමයි.කොහෙන් ගියත් මහින්දයටමයි කඩේ යන්නේ!

      Delete
  4. ආතල් යැ.. ආතල් යැ.. කලාතුරකින් තරු හෝටල් වල හැඳි ගෑරුප්පු හටන් කොරනකොට හැමදාම ඕවයෙ යන උන්ට අපිවත් ඒ වගේම පේනවා ඇති.. හපෝයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැදී ගරුප්පු වලින් කද්දී මේවා මොනවද කියල හිතෙනවා. මාත් ලගදී ගිය වෙඩිමක ඩාන්ස් එකට ලයිට් ඔෆ් කරපු ගමන් ඇන්න කුකුලට දෙක තුනක් ලයිට් වැටෙන්න කලින්ම ගිලල දැම්ම..

      Delete
  5. ඩ්‍රයිවිං සීට් එක උඩ උඩ පැන පැන ගියේ නැද්ද බං?
    පුරුද්ද අරවංට බෑ වගේමයි අලුත් එකක් හරියට නොදැන හසුරුවංට අමාරුයි. කාලයක් තමංගෙ වාහනයක් පැදලා වෙන එහෙකට ගොඩ වුණාම කාටත් ඔය ටික වෙයි...හැක්...හැක්...

    ReplyDelete
    Replies
    1. හික් හික් ..අපි නම් උඩ ගිහින් හිටියේ මෑන් එක්ක යද්දී.. වාහන සින් එක නම් මටත් වෙනවා.

      Delete
  6. අනේ බං. :-) හිනා වෙන්න පණ නෑ...

    ReplyDelete
  7. කට්ටිය අඬ අඬ වාහනෙන් බහින්න ඇති නේද හිනා වෙලා වැඩිකමට හි..හි... :-)

    ReplyDelete
    Replies
    1. :) ඩ්‍රයිවර් පව් හින්ද කට තද කරගෙන ගියා. එලියට බැහැල නම් හිනා උනා ඇතිවෙන්න..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. හෙහ් හෙහ්, කාලයක් පුරුදු උන දේවල් එක පාරම වෙනස් වෙන්නේ නෑ කියනවනේ.. මේකත් අන්න ඒ වගේ තමයි..

    ReplyDelete
  10. අනේ බොල මල්කොබෝ...තොපිලව ඒ මනුස්සයා ඔහොම හරි අරගෙන ගිය එක මදිද....නරකද උඹේ අලුත් කාර් එකෙන් නංගිලා ටිකටවත් ට්‍රාන්ස්පෝට් දුන්නොත්...

    ReplyDelete
  11. පව් යකෝ ඔහමත් මඩ ගහනවද?
    එල ද බ්‍රා

    ReplyDelete
  12. මල් කොබා.....බොලා එක්ක යන්න තිබුනෙ ටෙලරේ ක දාගෙන....

    ReplyDelete