Monday, March 30, 2015

කැම්ප් ගිහින්



එක සැරයක් අපි ගියා නුවරඑලි කැම්ප් සයිට් එකට.ලංකාවේ තියෙන දෙවැනි බාලදක්ෂ පුහුණු කදවුර තමයි ඒ .පිඩ්රු බාලදක්ෂ පුහුණු කදවුර නමින් තමයි එය හදුන්වන්නේ .දවස් පහක කැම්ප් එකක්  තමයි අපි ගියේ.
එහෙ ගියාම ඉතින් ඉන්න කැබින් තියෙනවා ලී වලින් හදපු. අපි නම දෙනා හිටියේ ඔය කියන එකකින් එකකැ. ඒකෙ තමයි කුස්සිය එහෙමත් තිබ්බේ..
මේ තියෙන්නේ කැම්ප් ඒකෙ පොටෝ එකක්.






රැට ඉතින් සීතලයිනෙ .එහෙ යන්නත්  කලින්ම සීතල දැනුනු අපේ බයියො ටිකට උවමනා දේවල් අරගෙන ගියේ.ඒ කිව්වේ බියර් බෝතලුත් අරගෙන ගියේ.. අහු වුනොත් ඊලග කෝච්චියෙම ගෙදර යන්න බලන් තමයි වැඩේට සෙට් උනේ.

ඔන්න ඉතින් රැ වෙනකොට සීත සුලන් අවට හමන්න ගත්තා. සුදු වලාකුළු කන්දේ හපුනද කියල පෙනුනේ නැ රැ හින්ද

ඔන්න ඉතින් කට්ටිය හිමින් හිමින් වැඩේට සෙට් උනා.
බෝතල් ටිකත් ලගට ගත්තා

අඩෝ ගෙනෙන්කෝ බන් කෝප්ප හරි විදුරු හරි. .  එකෙක් ලග හිටපු එකාට කිව්වා.

ඒවා කොහෙද බන් මෙහෙ. . එකක් දෙකක් නම් ඇති.

එහෙනම් එක එකාට තම එහෙනම් බොන්න වෙන්නේ.

හිටපන් හොද වැඩක් කරන්න. මේ තියෙන්නේ බඩු. කියපු හාදය ගෙනාවේ උයන්න ගෙනාපු පොල් ගෙඩියක් . 

මෙන්න මේක පළල ගමු බන් බැය බැය .

ඔන්න ඉතින් කට්ටියම බැය වල් ටික  අරගෙන ගෙන කස්ටියම සප්පායම් උනා. හීනියට සිංදුවකුත් කියාගෙන වැඩේ කරගෙන ගියෙ .

වැඩේ ඉවර වෙලා පොල් බැ ටික ඇතුලේ තියන්න බැරි හින්ද එක එකා එලියට ගිහිල්ල එහා පැත්තේ තිබ්බ කැලේට වෙන්න විසිකරා. හැබැයි ඉතින් එළියේ මෙලෝ ලයිට් එකක් නෑ. 

ඊට පස්සේ ඉතින් කට්ටිය නිදා ගත්තා..

උදේම අහවල් බර උන  එකෙක් එලියට ගිහිල්ල යුරියා පිට කරන්න

අඩෝ මොනවද තියෙනවා බන් මිදුලේ සුදු පාටට . වරෙන්කො පෙන්නන්න 

කොහෙද බන් , හතු පිපිල වෙන්න ඇති. 

නැ බන්

යමන් බලන්න

යකෝ මේ පොල් බැ ටික.

අඩෝ මෙහෙ වරෙව් , කව්ද බන් මේ පොල් බැ ටිකකැලේට කියල  මිදුලට විසිකලේ. ගිහින් අරන් දාපල්ලා සර් එන්න කලින්.

බැලින්නම් එකාට එකා කරුවලේ පොල් බැ ටික විසි කරලා තියෙන්නේ මිදුල පැත්තට. 

කට්ටියම් සීතලේ ගැහි ගැහි උදේ පාන්දර පොල් බැ විසිකලා.
අරුගේ අහවල් බරට පින් සිද්ද වෙන්න සර්ට මාට්ටු නොවී බේරුනා..

.........................................@@@@@...................................

බොහොමයක් බාලදක්ෂ කදවුරු සදහා අපි ගියෙ මීරිගම තියෙන ලී දසනායක බාලදක්ෂ කදවුරට .ඒක  පොඩි කැලේක තියෙන සුන්දර කදවුරු භූමියක්.ඉදිරි ලිපියකින් ඒ  ගැන විස්තරයක් කියන්නම් . 

කුඩල්ලෝ පිරිච්ච මේකට යනවනම් සබන් වතුර බෝතලයක් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ.

එක දවසක් අපි ප්‍රොජෙක්ට්  එකකට යන්න උනා . දවස් 3ක් විතර නවතින්න බලගේනමයි අපි ගියේ. ඔය ගියාම තමයි දැනගත්තෙ  ජීවිත් රෝදේ ටෙලිනාට්‍ය රූගත කරන්න කස්ටිය ඇවිල්ල කියල  . දන්න කියන නලු නිලියෝ කිහිප දෙනෙක් ඇවිල්ල හිටිය. 

ඉතින් අපේ වැඩ කරගෙන ඉන්න අතරතුර කැම්ප් එක භාරව ඉන්න නීල් සර් ආව

උබල රගපාන්න ආසද 

නැතුව සර්

එහෙනම් වරෙල්ල උබල ඔක්කොම

සර් ඇත්තමද

ඔව් ඔව් 

උබලට තියෙන්නේ බස් හෝල්ට් එකක ඉන්න විදිහට ඉන්න . එච්චරයි
අපි හිතුවේ සර් මේන් රෝල් එක කියල

ඕකනේ ඉතින් උබලට. උබල ඔක්කොටම මේන් රෝල් රගපාන්න බැනේ. මෙන්න මෙහෙ වරෙව්. පරක්කු වෙනවා

ඔන්න අපිත් ගියා වැඩේට 

අපිට එහෙම උනාට අපේ කැම්ප් එක බලාගන්න සර් ට නම් හොද රෝල් එකක් දීල තිබ්බ. මිනිහත් රෙද්දක් පොරවාගෙන බස් එක ඇතුලේ  හිටිය මතකයි 

එදා තිබුනේ බස් එකක් ඇතුලේ කරන දෙබස් වගයක්.

ඉතින් අපිට එළියේ ඉදන් එහෙට මෙහෙට යන්නයි බස් හෝල්ට් ඒකෙ ඉන්නයි තමා  තිබ්බේ.

බස එක යන විදිහ එයාල රුගත කලත් බස් එක තිබ්බේ එක තැන. දෙපැත්තෙන් කිහිප දෙනෙක් කොළ අතු අරගෙන  එහා මෙහා යන එක තමයි කලේ. තව එකෙක් බස් එක හොලවනව. තව එකෙක් ලයිට් කනුව යන විදිහට ලයිට් එකක් අරන් යනවා.. 

ඔන්න ඔහොම තමයි ලාබෙට රුගත කිරීම් කලේ.
එහෙම පොඩි අත්දැකීමකුත් එක්ක අපේ වැඩෙත් අවසන් කළා.

19 comments:

  1. බාලදක්ෂ වැඩේ මම නං කොරල නෑ. ඒත් අපේ පන්ති වල එවුන්ගෙ ලොග් පොත් නං ආසාවෙන් බැලුව මතකයි.. ගැට වර්ග එහෙම අලවල තිබ්බ මතකයි.

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තා දවස්වල තරගෙට ලොග් පොත් හදනවා.. . . වැඩි හරියක්ම තියෙන්නේ ගැට වර්ග තමයි. . ගැට ගහ ගන්න බැරි උනොත් බැජ් පාස් වෙනවා බොරු.

      Delete
  2. මල් කොබත් බාලදක්ශයෙක්ද? මෙන්න මගේ වම් අත.. අපි නම් කෑම්ප් යන කාලෙ අමධ්‍යපයි.පස්සෙ ඉතිං ඇරියස් කවර් කළා.උඹලට උයන්න වෙනම පොල් ගේන්න උනේ නැතෙයි??
    සෝයි කතා දෙක..
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. එල . මෙන්න මගෙත් වම අත... ඒ කාලේ අපේ හිටිය වැඩි හරියක් මද්‍යප .හැබැයි බියර්. වැඩිපුරත් එක්ක පොල් ගෙනත් තිබ්බේ.ඒ හින්ද අවුලක් උනේ නෑ.

      Delete
  3. කොහොමද අර බියර් බීපු පොල් බෑ ටික ගාලා අරන් සම්බෝලයක්වත් හදලා කෑම්ප් එකෙ උන්ට දුන්න නම්............

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කොහොමත් කැම්ප් ඒකෙ හදන කෑම මෙලෝ රහක් නැනේ. . කිව්වත් වගේ වෙනසකටත් එක්ක දෙන්න තිබ්බේ.

      Delete
  4. බියර් බොන්න තිබුණනෙ යකෝ බෝතලේ කටේ ගහගෙන? ආයි මොටෝ පොල් බෑ?
    ඉස්සර බාල යස්ස වැඩ කොලා. පස්සෙ අයින් වුනා සර් කාරයාගෙ කල්කිරියාව හොඳ නෑ කියලා ආරංචි වුන නිසා.

    ReplyDelete
    Replies
    1. එකාට එක ගානේ බෝතල් තිබ්බේ නෑනේ. එකනේ මේ ප්‍රශ්නේ උනේ.. මොකද සර් කාරය කල් ගාරයෙක් ද?

      Delete
  5. හොඳ වෙලාවට බියර් බීල හුජ්ජ බර හදාගත්තෙ. නැත්තං ඉතිං පොල් බෑ ටික බොලාගෙ ඔළුවෙ තමයි පහුවෙනිදට.

    ReplyDelete
    Replies
    1. ඕක දැක්කේ නැත්නම් උදේට හුජ්ජ බර හැදෙන්න අහගන්න වෙනවා ... :-)

      Delete
  6. මොන හේතුවකටද මන්දා මම ඔය බාලදක්ෂ වැඩේ කලේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ජීවිතේට දෙයක් ඉගෙන ගන්න තියෙන හොද බාහිර ක්‍රියාකාරකමක්. . .

      Delete
  7. කෑම්ප් ගිය හැටි මතක් වුනා මේක කියෙව්වහම... :-)

    ReplyDelete
    Replies
    1. තුෂානි මොනවද කලේ . ගයිඩ් කෙනෙක්ද ? :-?

      Delete
    2. ඔව්. ප්‍රසිඩන්ට් ගයිඩ් වෙනකන් කලාලුනේ... :-)

      Delete
  8. මමත් ඔය බෑන්ඩ් කෙරුවාවට ගාල් වෙන්න කලින් බාලදක්ෂ කලා නොවැ. මමත් ඔය ලී දසනායක කඳවුරට ගිහින් තියෙනවා..නීල් සෑර්වත් මට මතකයි...මීරිගම ඒ ලග තියෙන කඳු මුදුන නේද ගම්පහ දිස්ත්‍රික්කයේ උසම ස්ථානය කියලා කියන්නෙ. අපි පොඩි රවුමක් දැම්මා ඩුකුලා කියලා කුරුල්ලෙක් ඉන්නවා ලංකාවට ආවේණික...ඒකත් ඔය හරියෙම තමයි ඉන්නවා කියන්නෙ. අපිට නම් දකින්න ලැබුනෙ නෑ.

    අපේ පාසලේ බෙනට් රත්නායක මහතාගෙ කළු හංසයෝ රූගත කරනකොට මමත් සෙසු චරිතයක් කලා බං. ටීවී එකේ යද්දි ආනේ ඒ කෑල්ල යන්තං එඩිටර් මල්ලිගෙ කතුරට කැපෙන්නෙ නැතුව බේරිලා තිබුනා.

    මට නම් කූල් නැති බියර් බොන්න බෑ බං...වස තිත්තයි.

    ReplyDelete
    Replies
    1. බොට කියන්න බැරි උනා නොවැ. 1992 ඇතුගල්පුර පවත්වපු ජාත්‍යන්තර ජම්බෝරියටත් මම ගියා බොලං..ගෙදරින් වියදමට කියලා මගේ අතේ තිබ්.බ රුපියල් 50 නැති වෙලා මම ඇඩුවත් එක්ක...මට තවම මතකයි ඒ හරිය.

      Delete
  9. අදයි මේ පැත්තට ආවෙ... දිගටම එන්නම්..

    ReplyDelete
  10. අගෙයි. දිගටම ලියන්න...
    බාලදක්ෂයන්ට දකින්න මෙහි ශෙයා කරන්නම් -
    https://www.facebook.com/groups/ScoutingBloggers/

    පීඩෲ ගැන වැඩියෙන් දැනගන්න නම් මෙකට යන්ඩ -
    https://www.facebook.com/PedroScoutCamp/?ref=bookmarks

    ReplyDelete