Sunday, February 8, 2015

සේසතම කොල්ලකෑ ‘ස්වීප් එක’




අද මම කියන්න යන්නේ මගේ කතාවක්නම් නෙමෙයි. සමාජෙට වැදගත් වෙයි  කියල හිතෙන පණිවිඩයක් දෙන කතාවක්.මේක උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතෙන්.සටහන් ලියල තියෙන්නේ කුමාරි හේරත් මහත්මිය.


2014 වසර අවසන් වෙලා 2015 වසර ආරම්භ වුණා. ඒ ඡන්ද උණුසුමත් සමඟ. මේ දවස්වල බොහෝ කතා ඇසෙනවා. ඇතැම් පිරිස් කාන්තා අතවර, ළමා අපයෝජන ඡන්දයට වාසි කරගෙන කතා කරනවා. ඒත් ආදරණීය අම්මලා තාත්තලා සිතිය යුතු දෙයක් තියනවා. රටක කුමන ආණ්ඩුවක් ආවත් ගෙදර ආරක්ෂාව සපයාගත යුත්තේ තමන්ම බව. දරුවෝ අනාරක්ෂිත කරලා, කාන්තාවන් තාක්ෂණයේ හෝ ආදරයේ අතරමන්වෙලා ජීවිත විනාශ කරගන්නවාට වඩා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම කාලීනයි. අපයෝජන අඩුවෙන රටක වෙනසක් හොය හොයා ඔබ ගෙදර ආරක්ෂාව නොසලකා හැරියොත් පසුතැවිලිවෙන්න වෙන්නේ ඔබටමයි.
 

අදත් මා අකුරු කරන්නේ තාක්ෂණය භාවිතයේ පැවතිය යුතු අරපරෙස්සම් බව නැති නිසා අතරමන් වූ තවත් එක් යුවතියකගේ කතාවක්.
ඇය ගංගා. හම්බන්තොට ප‍්‍රදේශයේ දිළිඳු පවුලක යුවතියක්. අම්මයි තාත්තයි කුලී වැඩ කරලා හරිහම්බකරගත් මුදල් ගංගාගේ අධ්‍යාපනයට වියදම් කළේ, කුසගින්නට වතුර බීලා. ගංගා මව්පියන්ගේ දහඩිය මහන්සිය අපතේ ඇරියේ නැහැ. හොඳින් උසස් පෙළ පාස්වුණා. ගමෙන් සරසවි වරම් ලැබූ එකම ශිෂ්‍යාවත් ඇය වුණා. ඒ නිසාම ගමේ බොහෝදෙනා ඇයට සරසවි යාමට උදව් කළා.

ගංගා සරසවි අධ්‍යාපනයත් හොඳින් නිම කළා. අධ්‍යාපනය ලබන කාලයේදීම හොඳ ටියුෂන් ගුරුවරියකුත් වුණා. ඒ නිසා ඇගේ අධ්‍යාපනයටත්, මව්පියන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමටත් අවශ්‍ය මුදල් හොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වුණේ නැහැ.

රජයෙන් උපාධි පත්වීම් දෙනතුරු ඇය ඇගේ ටියුෂන් පංති සාර්ථකව පවත්වාගෙන ගියා. ඉන් ලැබුණු මුදල් ටික ටික එකතු කරලා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත්තේ එය ටියුට් සැකසීම සඳහා ඇයට බොහෝ ප‍්‍රයෝජනවත් වන බැවින්.

ගංගා ඇතැම් දරුවන්ට අවශ්‍ය පාඩම් මාලා යවන්න ඉන්ටනෙට් එකත් භාවිත කළා. දවසක් ගංගාට අපූරු ඊමේල් පණිවිඩයක් ලැබී තිබුණා. එහි සඳහන් වෙලා තිබුණේ මේ වගේ දෙයක්.

ඔයාට ලොතරැයි දිනුම් ඇදීමක් වැටිලා තියෙනවා. එතන කෝටි දෙකක ලොකු මුදලක් තියනවා. ඒ මුදල් එවීමට ඔයාගේ පෞද්ගලික තොරතුරු එවන්න. ඒත් මේ

ගැන කාටවත් කියන්න එපා. මේ දිනුමෙන් ඔයාට ලොකු මුදලක් වැටී ඇති බව දැනගත්තොත් ඔයාට අනිත් අයගෙන් කරදර එයි.
ගංගා ඇත්තටම පුදුම වුණා. වේලක් ඇර වේලක් කාලා ජීවත්වෙච්ච ඒ අඳුරු යුගය ටික ටික නිමාවෙමින් තිබුණා. සරසවි අධ්‍යාපනයෙන් පසු ටියුෂන් කිරීම ඒ දුෂ්කර ජීවිතයට සමුදෙන්න රුකුලක් වුණා.

අම්මේ අප දුක් විඳපු කාලය ඉවරයි අම්මේගංගා සතුටින් කෑගැසුවා. කිසිවක් තේරුම්ගත නොහැකි ගංගාගේ මහලූ අම්මයි තාත්තයි දියණිය මෙපමණ සතුටින් කෑගැසීමට කරුණු කුමක්දැයි විමසුවා.

අපට ලොකු දිනුමක් වැටිලා අම්මේ. පොඩි ගාණක් නෙවෙයි කෝටි දෙකක්. අපට ලස්සන ගෙදරක් හදාගෙන, අපේම කියලා වාහනයක් අරගෙන සතුටින් ඉන්න පුළුවන් අම්මේ

ගංගා ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් කියවාගෙන ගියා.

කෑ ගහගහ කියවන්න එපා දුවේ. කාටහරි ඇහෙයි. ඔය දිනුම ගැන කාටවත් කියන්න එපා. ගමේ උන් දැන්ම ඉඳලම ණයට ඉල්ලන්න එයි.ගංගාගේ අම්මා ගංගා ළඟට විත් හෙමිහිට කෙඳිරුවා. මගේ දුවට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයිගංගාගේ තාත්තා ඇගේ හිස අතගෑවා.

ගංගාත් ඊxතැපැල් පණිවිඩයේ තිබූ ආකාරයටම කටයුතු කළා. කිසිවකුටත් මේ දිනුම පිළිබඳ නොකියූ අතර ඇගේ සියලූ විස්තර ඔවුන්ට ලැබීමට සැලැස්සුවා.
ඊට පසු ඇයට යළිත් මෙවැනි ඊ-ලිපියක් ලැබී තිබුණා.

ඔබේ සියලූ තොරතුරු අපි ලොතරැුයි සමාගමට දී අවසන්. ඔබේ මුදල ලැබීමට පෙර අපි එවන ගිණුම් අංකයට රුපියල් ලක්ෂයක් දමන්න. ඔබ තහවුරු කරන සත්‍ය කරුණු මත ඉක්මනටම ඔබේ දිනුම ඔබ අතට ලැබේවි.

ගංගා ගොඩක් දුර කල්පනා කළේ නෑ. ඇය උගුර ලේ රහ වෙනකම් කෑගසමින් දරුවන්ගේ නෙත් පාදා හරිහම්බ කරගත් මුදල් එකතු කර එම ගිණුම් අංකයට යැව්වා.

ඊට දවස් දෙකකට පසු යළිත් ඇයට මෙවැනි පණිවිඩයක් එනවා.

ඔබේ මුදල ලැබුණා. මේ ඔබේ ගිණුම් අංකය මේ බැංකුවෙන් ඔබේ දිනුම ලබා ගන්න

ගංගා අසීමිතව සතුටට පත්වුණා. ලිපියේ සඳහන් ආකාරයටම සිය මව්පියන් සමඟ ආරක්ෂාකාරීව බැංකුවට යන්නේ තෑගි මුදල ලබා ගැනීමට. එම ගිණුම් අංකය දී තෑගි මුදල පිළිබඳ කතාව ඇය බැංකුවේ කළමනාකාරතුමාට පවසනවා. ඒත් එවැනි ගිණුම් අංකයක්වත් එවැනි තෑගි මුදලක්වත් බැංකුවට ලැබී නැති බව ඔවුන් පවසනවා.

ගංගාගේ හිස කැරකෙන්නට වෙනවා. තමා රැවටිලිකාරයෙකුට හසුවූවාදැයි සිහිවෙනවා.

ඔයා මොනාහරි දිනුම් ඇදීමකට සම්බන්ධ වුනාද?”

බැංකු කළමනාකරු ගංගාගෙන් අසනවා.

නෑගංගා පිළිතුරු දෙනවා.

එහෙනන් කොහොමද මේ ලොතරැුයි කතාවයි දිනුමයි පිළිබඳ කතාවට ඔයා සම්බන්ධ වුණේ
මට ලොතරැුයි දිනුමක් ඇදිලා කියලා ඊxතැපැල් ලියුමක් ආවා.

ඉතින් ඔය ළමයා දිනුම් ඇදීමකට දැම්මේ නැත්නම් කොහොමද මේ නොදාපු දිනුමක් ආවේ කියලා හිතුවේ නැද්ද? කළමනාකාරතුමාගේ ප‍්‍රශ්නවලට ගංගාට පිළිතුරු දිය නොහැකි වුණා. ඇය කාට හෝ හොඳටම රැවටී ඇති බව නම් තේරුම් ගත්තා. තමාට උපාධියක් තිබුණට, ටියුෂන් කළාට, තාක්ෂණය පිළිබඳව හා සමාජය පිළිබඳ ලබා ඇති දැනුම මදි බව ඇය තේරුම් ගත්තා.

කවුරුන් හෝ වංචාකාරයකු ලස්සන හීනයක් ඇයට පෙන්නා ඇය එම හීනයේ අතරමන් කර ඇගේ මූල්‍යමය දේපල කොල්ලකා ඇති බව ඇය තේරුම් ගත්තා.

ඒ වගේම එම නොදන්න වංචාකාරයාට තමන්ගේ සියලූ පෞද්ගලික තොරතුරුත් දී අවසන් බව සිහි වූ ඇය තව තවත් කලබලයට පත්වුණා. ඒ නිසයි ඇය පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ පිහිට පතා ගියේ. ඇතැම්විට ගංගාට සේ ඔබටත් මෙවැනි ඊ-තැපැල් පණිවිඩ ආ හැකිය. එම පණිවිඩ මත කොතරම් සුන්දර සිහින තිබුණත් ඒවාට ඔබ නොරැවටී සිටිය යුතුය.

කිසිවිටකත් මෙවැනි ඊමේල් පණිවිඩවලට පිළිතුරු ලෙස තමන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය, ඔබ ගනුදෙනු කරන බැංකුව සහ බැංකු ගිණුම් අංකය, හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත‍්‍ර අංකය, හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපත් ආදී පෞද්ගලික තොරතුරු සහ වෙනත් රහසිගත තොරතුරු යැවීමෙන් වළකින්න.
 
  •  මෙවැනි වංචා සිදු කරන පුද්ගලයන් බොහෝවිට ඔබට පවසන්නේ ඔබ ත්‍යාගය ඔබ අතට ගන්නා තෙක් කිසිවකුට නොපවසන ලෙසය. මෙසේ කියන්නේ බොහෝවිට ඔබ නොමග යැවීමට පමණි. එය සැබෑ ආයතනයක් නම් කිසිවිටකත් ඔබට එසේ රහසිගතව කටයුතු කරන ලෙස උපදෙස් දෙන්නේ නැත.
 
  •  මේ ආකාරයට වංචා සහගත දේ කරන පුද්ගලයන් බොහෝවිට පිළිගත් ආයතනවල නාම මේ කටයුතු සඳහා යොදාගනී. එය පිළිගත් ආයතනයක් නම් බොහෝදුරට ඔවුන්ට ඔවුන්ගේම ඩොමේන් (Domain) නාමයක් තිබිය යුතුය. උදාහරණ ලෙස එම ආයතනයේ නම xyz නම් එම ආයතනයේ ඊමේල් ලිපිනය අවසන් වන්නේ  @xyz.com fyda @xyz.org fyda @xyz.net fyda @xyz....... ආකාරයට විය යුතුය. යම් හෙයකින් එම ආයතනයේ ඊමේල් ලිපිනය නොමිලයේ සපයන ඊමේල් සේවාවක ලිපිනයක් නම් Gmail, Yahoo, Hotmail ලෙස දර්ශනය වේ. එය බොහෝදුරට ව්‍යාජ ඊමේල් ගිණුමක් විය හැකිය. එනිසා එවැනි ඊමේල් පණිවිඩයකට පිළිතුරු යැවීමට ප‍්‍රථම එම ආයතනය ගැන සොයා බැලීම අවශ්‍ය වේ.
 
  •  අන්තර්ජාලය මඟින් ඔබට ත්‍යාගය ලබාදෙන ආයතනයේ වෙබ් අඩවිය සොයාගෙන එහි ඇති ඊමේල් ලිපින ඔබට මේල් ලැබෙන ඊමේල් ලිපින සමඟ සසඳා බලන්න. ඒවායෙහි සත්‍යතාව තහවුරු කරන්න.
 
  •  ඔබට එම සංවිධානයෙන් හෝ ආයතනයෙන් දුරකථන පණිවිඩ ලැබේනම් එම දුරකථන අංක එම ආයතනයට අදාළ ඒවාදැයි පරීක්ෂා කර බලන්න. එම ආයතනයේ සත්‍ය දුරකථන අංක සොයාගෙන ඔවුන් අමතා එසේ තරගයක් තිබේ දැයි තහවුරු කර ගන්න.
 
  •  ඔබට ත්‍යාගය ලබාදෙන ආයතනයේ වෙබ් පිටුවට ගොස් එවැනි තරගයක් එම ආයතනයේ පවත්වනවාද? එම තරගයේ ජයග‍්‍රාහකයන් කවුද? ඒ අතර ඔබේ නම, ඊමේල් ලිපිනය තිබෙනවාද? යනාදිය සොයා බලන්න. එවැනි තරගයක් සැබැවින්ම පවතින්නක් නම් එය අනිවාර්යයෙන් ඔවුන්ගේ වෙබ්අඩවියේ සඳහන් විය යුතුය.
 
  • ඔබට ත්‍යාගය ලබා දෙන ආයතනය හෝ සංවිධානය ගැන විස්තර සොයා බලන්න. එම නමින් ආයතනයක් පවතී ද යන්න සොයා බලන්න. මේ සඳහා අන්තර්ජාලය පමණක් භාවිත කිරීම ප‍්‍රමාණවත් නොවේ. අන්තර්ජාලයේත් ව්‍යාජ වෙබ්අඩවි පවත්වාගෙන යාහැකිය.
 
  •  එය සැබෑ ටිකට් පතක් නම් ඔබට ත්‍යාගය ලබා ගැනීමට පෙර කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත.

12 comments:

  1. ගොඩ දෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කළාට ඔය වගේ අවස්ථාවකදි සිහි කල්පනාවෙන් කටයුතු කරන්න දන්නෙ නෑ. ඒ හින්ද තමයි ඔය වගේ දේවල්වලට අහුවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ ආධුනිකයන් තමයි ගොඩක් වෙලාවට මේවට අහුවෙන්නෙ. ඒ නොදැනුවත්කම නිසා..

      Delete
  2. ඕකෙන් මට ඇදුනේ පවුම් වලින්ම මිලියනයක්........ තාම ගන්න ගියේ නෑ එක ගන්න ගෙවන්න ඕනා පවුම් 2500 තාම හොයාගන්න බැරි උන නිසා

    ReplyDelete
    Replies
    1. :-? මැලේ උන්නැහේ ට්‍රයි කොරල බලන්න පවුම් ටික හොයා ගන්න බැරි වෙන එකක් නෑ.. (b)

      Delete
  3. බොහොම වටින දැනුවත් කිරීමක්. අද වෙනකොට මේ වගේ ජාවාරම් හැම තැනම ව්‍යාප්ත වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තුෂානි. . දැන් කාලේ හැම දේටම වංචාව . . වංචාවෙන් තමයි ධනය උපයන්න හදන්නේ. .

      Delete
  4. මටත් මේ වගේ ඒවා කෙස් ගානට ලැබිලා ඇති බං...දැන් එහෙම ඒවා ලැබුනම මම රිප්ලයි එක විදියට එකම කුණු හරුපයක් හැමදාම යවනවා....

    ReplyDelete
    Replies
    1. කුණු හරුපයක් යවලත් තවම මේල් එවන්නේ මොකද දන්නේ නැ.. ෂුවර් එකට සිංහලෙන් ටයිප් කරලා යවන්න ඇති..

      Delete
  5. හරි ටත් ඔය වගේ සිද්දියකට මුහුණ දෙන්න සිදුවුන කතාවක් ලියල තිබ්බ
    ඒකත් එයාට නෙවී.... අල්ලපු ගෙදරකෙනාට... මේ දවස් වල ඔය එන්නෙ එක එක ස්පෑම් මැසෙජ් ඊ මේල් අන්න ඒකක් ගැන...
    ඒක බොරුවත් අහුවෙන්න එපා කීව කියල තාම බැනුං අහනව ලු
    හිහි

    ReplyDelete
    Replies
    1. සල්ලි මල්ල දැකල ඉරිසියාවට කියනවා කියල හිතන්න ඇති. 8-)

      Delete
  6. අනේ යන්න නිකන් බොරු කියන්නේ නැතුව. මට ඔය ජාතියේ ලියුම් ගොඩාරියක් ආව. ඒ මදිවට කීපදෙනෙක්ම එයාලගේ පවුම් කෝටි ගණන් දේපල මගේ හරවන්න පොරකනවා. මට ඔව්වට වෙලාවක් නැහැ අනේ.. මගේ මේ අක්කර ගානක තේ වතු , රබර් වතු එහෙම බලල ඇතිවෙලා ඉන්නේ මට. තව මන්දිර බද්දත් තියෙන එකේ කරගහපල්ලකෝ ඔය දේපල වලට... ( මමත් මේවා කාටවත් කිව්වේ නැහැ. ඉරිසියාකාරයෝ හැම තැනම!)

    ReplyDelete
    Replies
    1. අදනේ දන්නෙ උපේක්ෂාගේ ජොබ් එක වතු මුර කරන එක කියල . . :>) ඒක නෙමේ ලියුම් එනවා කිව්වේ ප්‍රපෝසල් ද? පවුම් ගණනක ඩවුරියකුත් එක්ක.. ෂෝක්නෙ එතකොට ඔයාගේ වතු බලාගන්න බ්‍රිටිෂ් වලින් සුද්දෙක් ඉම්පෝර්ට් කරලා පවුම් වලින් පඩි ගෙවන්නත් පුළුවන්. . ඊට පස්සේ මන්දිරේට වෙලා ඉතුරු ලියුම් ටික කියව කියව ඉන්න පුළුවන්. . .

      Delete