Friday, December 26, 2014

ඩියුටි ෆ්‍රී



ආයු බොහෝ වේවා.. ඔන්න ඉතින් මමත් බොගක් ලියන්න ගත්තා මගෙ උපන් දිනේ දවසෙම . මගේ ඉස්කෝලේ මිතුරෙක් වෙච්ච සිරා කොලුවගෙ බොලොග් එක  දැකල තමයි ( සිරාගේ කාමරේ ) මටත් මේක පටන් ගන්න හිතුනෙ. . ඔන්න ඉතින් පොල්වත්තෙන් කඩපු පලවෙනි කුරුම්බෙ සිරා කොලුවට.
අඩුපාඩු එහෙම තියෙනවනම් , ලියන ඒවා තේරෙන්නේ නැත්නම්  පොල්වත්තේ ගෙදරට ලියල එවන්න.




මේ සිද්දිය උනේ කටුනායක එයාර්පෝට් එකේදී.ඩියුටි ෆ්‍රී එකෙන් බඩු  වගයක් ගන්න හිතාගෙන ආවා. හැබැයි මම මාස 3 කට කලින් ගිහින් තිබුණ  හින්ද මගේ ලිමිට් එක උනේ ඩොලර් 600 වගේ ගානක් . හැබැයි මට ගන්න ඕනෑ බඩු වල වටිනාකම ඩොලර් 800 ටත් එහා.

එයාර්පෝර්ට් ඒකෙ ඉමිග්රේෂන් (ආගමන) එකෙන් පස්සේ තියෙන්නේ ඩියුටි ෆ්‍රී ෂොප්.

ඩියුටි ෆ්‍රී එකත් දැන් වර්ල්ඩ් මාකට් එක වගේ වෙලා. එතැනින් යන්න බැ මල් කෙල්ලෝ වගේ කැ ගහනවා.

"සර් බඩු  මොකුත් ගන්නේ නැද්ද."

"එන්න සර් මෙහෙන් ගම්මු මොනවා හරි."

"සර්, චොක්ලට් ගන්නවානම් එන්න සර්. හොද ඔෆර් තියෙනවා" කියල කුඩෙකුත්   අරන් කෙල්ලෝ පස්සෙනුත් එනවා.

භාණ්ඩ  ගන්නවානම් කස්ටම් එකෙන් ෆෝම් එකක් ෆිල් කර ගන්න ඕනේ. අපේ අතේ තියෙන සල්ලි ගාන සදහන් කරලා.
ඉතින් ඕක අතේ තියෙනවා දැක්කොත් බේරිල්ලක්ම නැ.

ඒ මදිවට දැන් අවුරුද්දකට කලින් විතර චොකලට්,ලිකර් තියෙන ෂොප් දෙකක් දාල . ඉමිග්රේෂන් එක පාස් කරන්  එන අය අල්ල ගන්න කෙල්ලෝ පොර කනවා.

"සර් මෙහෙන් එන්න", "

"මැඩම් එන්න ඔෆර් තියෙනවා"


"එන්න මිස් මේ පැත්තෙන් තමා බැගේජ් ගන්න යන්නේ."


"නැ මිස් මේ පැත්තෙනුත් යන්න පුළුවන්".  අනෙක් පැත්තේ එකත් කැ ගහනවා.

මිනිස්සුවත් කඩේ යව යව කරන  මේ විකාර බල බල තමයි   මම ඉමිග්‍රෂන් පෝලිමේ හිටියේ.

මෙන්න මේ වගේ තමයි කට්ටිය හිටියේ කස්ටමර්ස්ලා එනකන් . මේක නම් මෙහෙ එකක් නෙමෙයි.




ඔන්න ඉතින් මම ගිහින් ගිහින් ගත්තා LED TV එකක් . ගාන ඩොලර් 580 එකත් ඉතින් බාගෙන් කරලා තමයි ඔය  ගානට ගත්තේ. නැත්නම් ඩොලර් 599 ක් වෙනවා.

අපේ නෝනටත් පුලුවන්නම් මහන මැෂිමක් ගෙන්න කියල ඕඩර් එක දීල තිබ්බ.ඒක ඉතින් බැරි උනත් ගෙනියන්න එපැයි. නැත්නම් ගෙදරක් කුලියට ගන්න ඕනේ. ගෙවල් හොයන්න බැරි හින්ද මැෂින් එකකුත් ගන්න ට්‍රයි එකක් දුන්න.

"අය්යේ  , මට මහන මැෂින් එකක් ගන්නත් ඕනේ. හැබැයි මගේ ලිමිට් එක 600 . "


"ඒක කීයක් වෙනවද."

  
"ඩොලර් 235 ක් විතර"


"ආ .. එහෙමද. ලිමිට් එකනම් පනිනවා."


"ඉන්නකෝ බලන්න පල්ලෙහා මහත්තයෙක් ඉන්නවා ෆ්‍රිජ් එකකුත් ගෙනියන්න තියෙනවා එයාගේ."


"පොඩ්ඩක් ඉන්න මන් කතාකරල බලන්නම්" .කියල කාටද කෝල් එකක් ගත්තා.

"මල්ලි ,ඔයා එන්නකෝ යන්න පල්ලෙහට ගිහින් කොලේ අත්සන් කරන්න."

ඔන්න ඉතින් මාත්  එක්ක ගිහින් කාකි ඇදුමක් ඇදන් හිටපු එකෙක්ට කිව්වා විස්තරේ. මිනිහා මා එක්ක ගිහින් කස්ටම් ඔෆිසර් කෙනෙක්ට කිව්වා මෙය මගේ නෑදෑ වෙන කෙනෙක් මේ උදව්ව කරලා දෙන්න කියල.
 ඔන්න ඉතින් මගෙන් විස්තරේ අහල කොලේට අත්සන් කරලා දුන්න

ආයිත්  උඩට ගිහිල්ල මැෂින් එකත් තෝරාගෙන ටි.වී එක ගන්න තැනට යද්දී ට්‍රොලි දෙකක ෆ්‍රිජ් එකකුයි වොෂින් මැෂින් එකකුයි. එතකොට මගේ ටි.වී. එකයි. මහන මැෂින් එකයි.

යකෝ මේවත් අරන් කොහොමද එලියට යන්නේ. ඩියුටි ෆ්‍රී එකම උස්සන් යනවා වගේ.

"අය්යේ කව්ද එන්නේ මේවා අරගෙන . බඩු ගොඩක් තියෙනවනේ මෙතන"


"ආ මල්ලි බැය වෙන්න එපා. අර පල්ලෙහා ඉන්න සර්ගේ. බැය නැතුව යන්න .එක්කෙනක් මේ ටික අරන් එයි."

කොහොමින් කොහොම හරි ට්‍රොලි හතර තුනකට අඩු කර ගත්තා. බිල් ඔක්කොටමත් මම අත්සන් කරලා ගියා එලියට යන්න

යනකොට ඉතින් පෙන්නන්න එපැයි. මන් කිව්වේ ගත්තා ඒවා.

"කාගේද මේ බඩු ටික"


"මගේ සර්"


"මේ ඔක්කොම ඔයගේද"


"ඔව් සර් ,  යකෝ මු දන්නේ නැ වගේ අහන හැටි. කොළෙත් අත්සන් කරලා "


"ඔක්කොම ගාන කියද "


"ඩොලර් 1300 ක් විතර."


"කවද්ද අන්තිමට ගියේ මෙහෙන් "


"2012 අග විතර  සර්" ( කොලේ අත්සන් කරන වෙලේ පරණ දිනයක් දාල තම අත්සන් කලේ)

ලග කට්ටිය ඉන්න හින්ද බොරු සෝබන දාල මට යන්න දුන්න.

එලියට යනකොට පන්නපු බඩු ටික ගන්න කට්ටිය සැදී පැහැදී ඉන්නවා. එයාලගේ ජොබ් එක තමයි එහෙම එන බඩු එතැනින් එහාට ගෙනියන එක.

මට කරපු උදව්වත් එක්ක උගේ  වැඩත් කෙරුණා., මගේ වැඩෙත් කෙරුණා නෝනගේ වැඩෙත් කෙරුණා.






4 comments:

  1. ජීවිතේට රට ගිහිං නැති නිසා අසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. සජ්ජා.. දැන්නම් අඩුවට පැකේජ් තියෙනවා . . රවුමක් ගිහින් එන්න වෙනසකටත් එක්ක..

      Delete
  2. යකෝ මේවා මෙහෙම දාලා ඔන්න මයිත්‍රී මාමා ඩියුටි ෆ්‍රී එකේ යහපාලනේ ඇති කළොත් සැට් එකටම බඩු බනිස් වෙයි ඈ.

    ReplyDelete
  3. කෙල උනොතින් නම් ගල් පල්ලි යන්න වෙයි නෙ බං? අනික අනුන්ගෙ බඩු නං එලියට ගෙනියන්න හොඳ නෑ...
    එල..

    ReplyDelete