Saturday, February 14, 2015

අවුරුදු තෑග්ග සහ රිටන් එක






ඔන්න ඉතින් තව අවුරුදු  කෑමකට යන්නත් තිබුණ හින්ද කස්ටිය අපේ ගෙවල් පැත්තට සේන්දු උනා. යන්න තිබුනේ අපේ පුන්චිලගේ ගෙදරට

අද පාටියට හොද තෑග්ගක් ගෙනියන්න ඕනේ.

මොනවද  ගෙනියන්නෙ .. .

නිකන්ම දෙයක් බැ . . දෙන්න අයිඩියාස් ..

ගෙනියන දෙකට මොනවහරි දාල ගෙනියමු.

එහෙනම් එලාම් ඔරලෝසුවක් දාමු ගෙනියන දෙකට. හැබැයි හොදට පැක් කරන්න ඕනෙ. එලාම් එකත් 9.00 ට විතර තියන්න.

අන්න වැඩේ. හැබැයි ඕක විතරක් මදි  දෙන්න තව අයිඩියාස්..

වැඩක් තියනව . චොර වැඩක් ..

මොකද්ද

නැත්ද ගොම්බෙට්ටක් හොයා ගන්න. 

උබ දාපුවා නැද්ද . 

@#$%@#$#@@@

ඒ මොකටද

ඒක කේක් පෙට්ටියකට දාල පොඩ්ඩක් සරසල දෙමු කේක් එකක් වගේ. 

අම්මල අතේ යවන්නත් පුළුවන්. අහුවෙන්නෙත් නැ.

ඔන්න ඉතින් අලුත බාපු බෙස්ටකුත් හොයාගෙන අයිසින් කේක් පෙට්ටියකට දැම්ම.
මෙන්න මේ වගේ බෙස්ටක් තමයි හොයා ගත්තෙ

ඊට පස්සේ වත්තෙන් හොයා ගත්ත මල් වලින් පොඩි සරසිල්ලකුත් කළා..
තව හැඩ වැඩ ටිකක් දැම්මහම අයිසින් කේක් එක වගේ ආව.

ඒ අතරේ එලාම් ඔරලෝසුවත් වෙනත් තෑග්ගකට තියල හොදට පැක් කළා.

මේවා ගෙනියන කාර්යයට වැඩිහිටියෝ යොදා ගත්ත.

ඔන්න ඉතින් අවුරුදු කෑමට එන්ටර් උනා.. වැඩේ සාර්ථකව යනවා..
කට්ටියම බලන් ඉන්නෙ 9 වෙනකන්..

ඔන්න ඉතින් 9 වෙද්දීම එලාම් එක වදින්න ගත්තා.. දුන්න තෑගි ඔක්කොම ගෙනිහින් කාමරෙකින් තියල..

අම්මේ අන්න එලාම් එකක් වදිනවා කියල නංගි කැ ගහනවා
 
අනේ දුවේ බලන්නකෝ 

කොහෙද තිබ්බේ 

කාමරේ ඇති..

ඒකෙ නෙමේ වදින්නේ

එහෙනම් කොහෙද

පොඩ්ඩක් බලන්නකෝ

කොහෙද මන්ද අනේ. එහෙන තැනක් හොයන්න බැ..
මෙන්න මේ පාර්සල් ගොඩෙන් එන්නෙ.

මෙන්න මේ මැට්ටෝ ටික තමයි කරන්න ඇත්තේ ඕක

අපි මොනවා කරන්නද කියල මාරු වෙලා ආව එලියට..

කොහොම හරි දැනගත්ත අපි කලේ කියල. ඒ උනාට එලාම් එක නවත්තන්න තෑගී කිහිපයක්ම දිගහරින්න  කරන්න සිද්ද වෙලා..

එලියට බැහැපු අපිටත් නිකන් ඉන්න බැනේ. . 

යමුද රන්ජි  අන්කල් ලගේ ගෙදර. 

එයාල මෙහෙ ඇවිල්ලනේ .

එක හින්ද තමයි යන්නේ.

යමුකෝ නිකන් ඉන්න ඒකෙ.

මොකක් හෝ ජිල්මාට් එකක් ඇදීමේ බලාපොරොත්තුවෙන් රන්ජි 
අන්කල් ගේ ගෙදර යන්න පටන් ගත්තා.

ගෙදරට යන පාර අයිනේ පුවක් ගසක් කඩන් වැටිලා තිබුණ.



ඒ මේක දාමු පාර හරහා . .

අපි දැම්මට මේක අදින්න වෙන්නෙ රන්ජි  අන්කල්ටම තමා. 

කමක් නැ බන්. දැනෙන්න දේකුත් එපැයි.

මොකද එහෙ ඉන්නේ දුවල දෙන්නෙක් නිසා. අනිවාර්යෙන් මේක අදින්න වෙනවා මොකද හෙට උදේම වැන් එක ගන්නත් ඕනේ හින්ද 

තුන් හතර දෙනා එකතු වෙලා පුවක් කොටේ දැම්ම පාර හරහා. .  දාල අපහු පාටිය තියෙන ගෙදරට ආව.

මේ ඔක්කොම ගෙවල් තියෙන්නේ එක ලග හින්ද වෙලාව ගැන ප්‍රශ්නයක් උනේ නෑ..

මොකුත් නොදන්නා ගානට ගිහින් එළියෙන් වැඩිවෙලා චැටක් දාගෙන් හිටිය.. .

ඔය අතරේ පාටිය තිබ්බ ගෙදර නංගි කෙනෙකුයි.. තව නංගි කෙනෙකුයි එනවා හොරෙන් හොරෙන් කොහේ හරි ගිහිල්ල.

මොකද හොර ගල් අහුලන්නේ. .

මොකුත් නැ. අපිට එළියේ ඇවිදින්න හොද නැද්ද..

ඇවිදින්න හොදා.. ඇවිදින විදිහ තමා හරි නැත්තෙ..

වැඩිය  හොයන්න ගියේ නැත්තෙ කෙල්ලෝ දෙන්න මේ රැ කොහේ යන්නද කියල හිතපු හින්ද..

රැ වුන හින්ද කට්ටියත් යන්න ලෑස්තිය. .  ටොනි අන්කලුයි අපියි තව අපේ ගේ ලග උදවියයි යන්න පිටත් උනා.. 

ප්‍රධාන පාරට ආවට පස්සේ අපේ ගෙවල් වලට යන්න  වමටත්  රන්ජි  අන්කල් දකුණු පැත්තට තමයි යන්නේ . ඒ හැරෙන තැන ඉදන් බැලුවම රන්ජි  අන්කල්ගේ ගේ පේනවා හොදට 

එයාලට යන්න දීල අපි හිටිය පුවක් කොටේ අදිනවා බලන්න

ඔන්න ඉතින් රන්ජි  අන්කල් ගේ ලගට යනවා පෙනුනේ ටෝච් එළියෙන්
එක පාරට පුවක් ගහ ලග ටෝච් එලිය නැවතුනා..

 කරුවලේ පේනවා ටොනි අන්කල් තනියම පුවක් කොටේ තල්ලු කරනවා..

කට්ටියම එකතු වෙලා හොද හුවකුත් දීල යන්න පිටත් උනා..

මහන්සියි නිදිමතයි හින්ද ඇදට වැටෙන්න බලන් තමයි ගෙදරට එන්ටර් උනේ. 

ගෙදරට යන්න හම්බ උනේ නෑ අම්ම කැ ගහනවා  “මේ මල් පෝච්චි ඇද්දේ කව්ද”

කෝ

මේ දොර ලග ගොඩ ගහල තියෙන්නෙ

සුවර් එකටම ඕක කරන්න ඇත්තේ අර නංගිල . අපි දැක්ක හොර ගල් අහුලා අහුලා ඉන්නවා.

මුන් ටික වගේ කෙල්ලෝ ටිකක්.

මොනවා කරන්නද දිට්ට ධම්ම වේදනීය කර්මයට අහු වුන අපි නිදි මත පැත්තක තියල මල් පෝච්චි ටික එලියට ඇද්ද..

ටික වෙලාවකින් පහල ගෙදරින් කෝල් එකක් එනවා.

ඇන්ටි අර නංගිලා ඇවිල්ල අපේ ගෙදර තිබ්බ මල් පෝච්චි ගෙයි දොර ලග ගොඩ ගහලනේ.

ඔව් පුතේ අපේ ගෙදරත් එහෙම තමා.

ඇන්ටි .. අපේ ගෙදර ගේට්ටුවත් වහල තිබ්බේ. උඩින් පැනල ඇවිල්ලද මන්ද.. මේකට නම් දෙන්න වෙනව හොද රිටන් එකක්. හි .. හි .. 

පස්සේ දවසේ ආරංචි උනා අපි ගෙනිච්ච ගොම කේක් එක දැකල  පුංචිට උදේම වමනෙත් ගිහිල්ල කියල. 



හැබැයි ඒවට බනින්න ආවේ නැත්තෙ එයාලත් ඕවගේ ඒවට හවුල් වෙන හින්ද. ඔය විදිහට ගොම පාර්සල් කිහිපයක්ම ගෙවල් කීපයකට යැව්වා..

මොලේ මෝරන වයසේදී ඔයවගේ ලාමක ටින් ටින් වැඩත් කොරල තියෙනවා ඔන්න..

ප.ලි
ඔයාලගේ ලාමක ටින් ටින් වැඩත් තියෙනවනම් කියමු බලන්න... නැති වෙන්න නම් බැ..

Wednesday, February 11, 2015

අවුරුදු කෑම



               
කාලෙකට ඉස්සර ඒ කිව්වේ මා බාල කාලේ .. අපේ අසල්වැසියෝ එකතු වෙලා අමුතු අමුතු වැඩ කොටසක් කළා. ඒ මොකද සම  වයස් වල , පාසල් යන කස්ටිය වැඩිපුර හිටපු හින්ද. . ඒ අතරින් විශේෂ වෙන්නෙ අවුරුද්දට සිද්ද වෙන දේවල් . අවුරුදු දවසෙන් පටන් ගන්න අවුරුදු කෑම අසල්වැසි ගෙවල් 7 ක පමණ තියෙනවා . එක දිගට සතියක්ම අවුරුදු  කනකොට කට්ටිය එකට සෙට් වෙන හින්දත් නිකන්ම අවුරුදු ගතකරන්න කැමති උනේ නැ. 

හැමදාම මුල්තැන ගන්න කට්ටිය මේ කියන අවුරුද්දටත් මුල්ම පාටිය දෙන්න ලැස්ති උනා. .  ඒ ගෙදර ඉන්නෙ කොල්ලෝ දෙන්නෙක් හින්දත් එයාලත් එක්ක එකතු වෙලා කරපු ලාමක ටින් ටින් වැඩ දන්න නිසාත් මේ කියන පර්ටියේදී එයාල හිටියේ හොද අවධානෙන්. ඒ මොකද එයාල දන්නවා මොකක් හෝ උගුලක් අටවන බව.

ඉතින් ඒ හින්දම පාටිය අවසන් වෙනකන් අපිත් සිල් ගත්ත කට්ටිය  වගේ කාල බිලා විනෝද උනා. . දෙයක් කරන්නම උනේ නැති හින්ද කට්ටිය හිටියේ හරිම අවුලෙන්. 

මොනවත් කරන්නෙ නැද්ද මේ සැරේ

බෑනේ දෙන්නම ඉන්නේ හොද ඇලර්ට් එකෙන් . 

එහෙනම් වැඩේ ඉවර වෙලා දෙමු ගේමක් .
ඒ මොකද්ද 

අපේ ගෙදර තියෙන ලොකු බට්ට රතිඥ්ඥයක් තියමු රැ වෙලා පත්තු වෙන්න.

ඒ කොහොමද

හදුන් කුරක ගහල තියමු 

එකත් හොදයි.

පාටිය ඉවර වෙච්ච ගමන් ගෙදර ගිය අපි ගත්තා හොද ටොම්බා සයිස් බට්ටෙක් . කියන නම නම් මතක නෑ. මෙන්න මේවගේ  එකක්

                                                  
ටොබ්බ බට්ටෝ එකකුයි තව  රතින්න දෙකක් විතරත් ගත්තා වැඩේට. . 

කොහොමින් කොහොම හරි බට්ටව ලෑන්ඩ් කලේ ඒ ගෙදර ඉන්න පොඩි කොලුවාගේ කාමරේ ලග තාප්පේ උඩ . අනිත් රතින්න දෙක වෙන දෙන්නෙක් ලග

පොඩි එක  කොහෙන්ද තිබ්බේ 

මම තිබ්බ තාප්පේ එහා කෙලවරේ. 

එතකොට ලොකු එක 

ඒක පොස්ට් බොක්ස් එක ඇතුලේ . දාන්න තැනක් තිබ්බේ නැ එතනට දැම්ම

උබ නම් කලොත් කරන්නෙ ඔහොම වැඩක්. .  

දැන් යමන් ගෙවල් වලට . 

කට්ටියම ගෙවල් වලට ගිහින් නිදි යහනේ සැතපෙන හෝරාවේ  මහා හඩකින් රතින්නේ පිපුරුව. .

  ඒ ඔක්කොටම වැඩිය මැවිලා පෙනුනේ පොස්ට් බොෂ් එක උඩ යන හැටි  හෙට බැනුම් අහන හැටියි.

පසුදා උදැසනම ප්‍රතිපල නිකුත් උනා..

මල්ලිලත් මාර ගේම් තමා  දෙන්නෙ .

අම්මෝ ඊයේ රැ නිදාගන්න ගියා  විතරයි පිපුරුවනේ බෝම්බයක් වගේ. .අම්ම බය වෙලා කොටි ගහනවා කියල   අර පොස්ට් බොක්ස් ඒකෙ ලියුමකුත් තිබිල අන්න දැන් ඒකෙ කැලි ටික විතරයි . .


 

තවත් ටින් ටින් කතාවක් සමගින් මීලග පොස්ටුවේදීත් හම්බ වෙමු.

ප.ලි.
මොකුත් නෑ.