ඔන්න ඉතින් අර කිව්ව මාස කිහිපය ගත උනාලු ..
ඔය අතරේ අපේ අයියගේ නෝනට
අර කිව්වා ගැනු ළමයාගේ නංගි මුණ ගැහිලා. ඒ ට්‍රේනින් එකකදී. දවස් කිහිපයක්ම එක
දිගට හම්බ වෙන නිසා මම එයාගේ අක්ක ගැන කැමැත්තෙන් හිටිය විස්තරේ කියලා
මල්ලි නම් කැමැත්තෙන්
ඉන්නෙ. ඇයි අක්ක අකමැති උනේ.
රට යන්න හින්ද තමයි
අකමැති උනේ.. . අනික දැන්ම බදින්න බැ කියා කියත් හිටිය.ඔය කිව්වට අක්ක කැමතිත්
ඇති.මන් ආයි කතා කරලා බලන්නම්
ඔන්න කොහොමින් කොහොම හරි
මට මගේ මමාගේ මාර්ගයෙන් ආරංචිය ආව.
අර ගනු ළමය ගැන ඕනෙනම්
අහල බලන්න පුළුවන්. ඔය කැමතිද.
මට නම් අවුලක් නැ.. රට
යන්න බැරිනම් මන් ටික කාලයක් ඉදල එනවා කියන්න. . කොහොමත් කෙල්ලෙක් හම්බ උනේ
නැත්නම් එන්න වෙනවනෙ
තනියෙන් ඉදල ඇතිවෙලා
බැරිම තැන මම කිව්වා.
ඔන්න එහෙන් මෙහෙන් මන්
ගැන විස්ටර හොයල බලලා. ඒ අතරේ අපේ
කොම්පැනියේ යාලුවෙකුගෙනුත් අහල මන් ගැන. නෝනගේ නංගි වැඩේට බැහැල අක්කව වැඩේට
එන්ටර් කොර ගත්තා කොහොම හරි.. පොඩ්ඩක් බර බරෙත් දාල මුලින්.
ඊට පස්සේ තමයි ගෙදරින්
කෝල් එකක් ආවේ. අයිය තමයි කතා කලේ
මල්ලි අර නංගි කැමතියි
කිව්වලු. ඔය කතා කරලා බලන්න. ඔයා නංගිගේ ෆෝන් එකට ගන්න. එයා කතාකරල දෙයි.
ඔන්න ඉතින් මාත් හෝඩි
හෙලේ හෙලෙයියා .... කියල කෝල් එක ගත්තා..
ආ නංගි මම කතා කරන්නෙ. අක්ක ඉන්නවද...
පොඩ්ඩක් ඉන්න අයියෙ..
අක්කෙ මෙන්න ඔයාට කෝල්
එකක්.
කව්ද.
බලන්නකො කතා කරලා
හෙලෝ ...
නංගි මම අහ වල්
ආ අයියෙ..
කොහොමද ඉතින් කියල වැඩේ
පටන් ගත්තා
හැබැයි හම්බ වුනේ ඔව් නැ බැ තරගේ වගේ උත්තර තමයි හම්බ උනේ..
ඔහොම දවස් දෙක තුනක් එක
දිගට කතා කළා. හැබැයි හම්බ උණ උත්තර නම් ඔය වගේ තනි වචනේ උත්තර..
කැමතියි කිව්වට කැමති
නැතිදත් කියල හිතුන... මොකද වැඩිය කතා කරන්නෙ නැති හින්ද. ටික දවසක් යද්දී හරි යයි
කියල ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව හිටිය
....................................
ඔය අතරේ නෝනත් එයාගේ
යාළුවන්ට මේ ගැන කියල තිබ්බ..
අනේ අක්කෙ මට බදින්න
කෙනෙක් කතා කරලා . එයා කතා කරනවා. මන් දැන්ම බදින්න බැ වගේ .කොච්චර කිව්වත් ගෙදරින්
මේක කරන්නලු.
ඔයාට එපා නම් බැ කියන්න
නැත්නම් එපා වෙන්න මොකක් හරි කරන්න
ඔය කොල්ලෝ කැමති නෑ
කියවන කෙල්ලන්ට.. කතා කලාම කියවගෙන යන්න එතකොට එපා වෙයි..
ඕක තමයි යාළුවා දුන්න
උත්තරේ.. . .
.....................................
දෙන්නම් අද කියල හිතාගෙන
ගෙදර ඇවිත් මගේ කෝල් එක එනකන් හිටියලු
ඔන්න ඉතින් මමත් මලක්
කඩන්න හිතාගෙන කෝල් කළා. වෙන කතා කරන්න විදිහක් තිබ්බේ නැති හින්ද ෆෝන් එකෙන්ම
තමයි කතා කලේ..
හෙලෝ..
හෙලෝ ..
අද කීයටද ආවේ ඔපිස්
ගිහින්..
ටිකක් රැ උනා..
ඒ මොකද
අද ටිකක් වැඩ... මෙහෙමත්
උනා අරහෙම උනා... අරය මෙහෙම කිව්වා මෙය
මෙහෙම කිව්වා.. රස කතා.. ශෝක කතා.. නිකන් කතා.. හැමදේම එක්ක මෙන්න මේ කෙල්ල මාර
ෆිට් ඒකෙ කතාව. වෙලාව බැලුවම මට දෙලෝ රත් උනේ.. පැය එක හමාරක්ම කතා කරලා..
දෙය්යනේ මගේ ෆෝන් බිල..
ෆෝන් බිල කොහොම උනත් වැඩේ
ගොඩ ගිහින් කියල මමත් හරිම
සන්තෝසෙන් හිටිය..
ආයි පස්සේ දවසේ ඉදන් ඔව් නැ බැ තරගේ පටන් ගත්තා.
බැන්දට පස්සෙනේ දන්නේ මට
එපා වෙන්න තමයි එදා කතා කරලා තියෙන්නෙ කියල..
කලින් කිව්වෙත් නැති හින්ද මම හිතුවේ වැඩේට කැමති වෙලා කියල හික් හික්...
ඔය අතරේ වෙන්ඩ නෝනව
බලන්න කියල මමත් එන්න ප්ලෑන් කළා..
පස්සේ ඉතින් මම කිව්වා
මම අහවල් දවසේ එන්න ඉන්නේ කියල
කමක් නැ එන්න . ගෙදර අයව
දැක්කෙත් නැනේ කාලෙකින්.
ගෙදර අය බලන්න නෙමේ
එන්නේ ඔයාව බලන්න..
මන් බලන්න විතරක් නම්
එන්න එපා.
මන් දැන් ටිකට් ගෙන
තියෙන්නේ. අනිවාර්යයෙන් එනවා
එහෙනම් ගෙදර කට්ටිය දැක්කෙත්
නැති හින්ද එන්න..
මේ කෙල්ලගේ තියෙන ඝනකම
කියල හිතුනා... ගනකම හින්දද මන්ද වැඩේ අතාරින්න හිතුනේ නැ..

ඔන්න ඉතින් මමත් ලංකාවට
ඇවිල්ල මගේ වෙන්ඩ නෝනා බලන්න ගියා.. කලින්
තිබිච්ච ගනකම් සියල්ල නැතුව ගිහින් මාත් එක්ක හොදින් කතා බහ කළා.. ලංකාවේ හිටිය
දින 3 ක් වගේ කාලය හිතුවට වැඩිය සාර්ථකව ගතකලා..
ඔය අතර තුර කාලයේදී මන්
ගැන තිබ්බ අකමැතිකම් ඔක්කොම නැති
බන්ගස්ඨාන වෙලා මන් ගැනත් පිළිබද සිතක් පහල වෙලා තිබුනා.. ඒ යද්දී මගේ තිබුණ ෆෝන්
එකත් දීල ගියා ස්කයිප් කතා කරන්න හින්ද..
නැත්නම් මට තව ජොබ් එකක් කරන්න වෙනවා
ෆෝන් බිල් එක
ගෙවන්න.. දන්නවනේ කෙල්ලෝ කතා කරන්න ගත්තම ..
ඊට පස්සේ කතා නොකරපු
දවසක් නැති තරමට කතා කරන්න
ගත්තා...එහෙම කරලා 2013 දෙසැම්බර් 12 වෙනිදා වෙඩිමත්
ගත්තා... මේ වෙද්දී නම් දරු සුරතලුත්
බලනවා .. . .
