Tuesday, March 10, 2015

පැන්සොන් එක




 

ටික දිනකට කලින් අපි දන්න කියන සියා කෙනෙකු අන්තරස්දාන වෙලා කියල ආරංචියක් ආවා.එහෙදි වෙච්ච සිද්ධියක් තමයි අද කියන්න යන්නෙ.

මල ගෙදර නම ලකුණු කරන්න යන්නත් ඕනේ හින්ද පව්ලේ උදවිය එක්කම යන්න ලෑස්ති උනා..
ඒ ලගම තවත් නෑදෑ ගෙදරක් තියෙන හින්ද එහෙත් යන්නත් හිතා ගෙන හිටිය

ඔෆිස් ඒකෙ ඉන්නකොට නෝනාගෙන් කෝල් එකක් ආව.

"අද රැට මළගෙදර යනවා කිව්වා "

"එහෙමද හරි යන් එහෙනම්"

"කව්ද යන්නෙ"

"කට්ටියම යනවා . අද රැට කෑම නිමාලි නැන්දලගේ ගෙදරින් . අපේ ගෙදර උයන්නේ නැ"

"ආ ..  ඒ මොකද . හදිස්සියේ"

"හදිස්සියේ නෙමේ. මල ගෙදරට රැට කෑම දෙන්නෙ එහෙන්ලු හි ...හි ...."
..................................

ඔන්න ඉතින් රැ වෙලා කන වෙලාවත් අල්ලලා අපි ගියා මල ගෙදර.. නිමාලි නැන්දලගේ ගෙදර තමයි වැඩි වෙලා හිටියේ.. අපේ පුංචි අම්මල ටිකකුත් එහෙ ඇවිල්ල හිටිය..

ටික වෙලාවක් ඉන්නකොට මට පේනවා එක පුංචි අම්මෙක් බිත්තියක් දිගේ බඩ ගාන්න වගේ හදනවා.

ඉක්මනටම ලං වෙලා බැලුව මොකද මේ කරන්නෙ හුනෙක් වත් අල්ලන්නද කියල

මෙන්න පුංචි අම්ම බිත්තියක් අල්ලාගෙන හිනා වෙනවා .එතන ඉන්න අනිත් ලලනාවොත් හිනා වෙනවා.. ඒ අස්සේ අපේ උන්දත් ඉන්නවා මෙන්න.

ඔක්කොමල හිනා වෙන ඒකෙ මන් ඇහුව මොකද වෙලා තියෙන්නෙ. අපිටත් කියනවකො හිනා වෙන්න .

ඒ සැරේ විස්තරේ කිව්වට කටින් වචන එන්නේ නැ. කට නම් හෙල්ලෙනවා..

කිචි පැකට් එක ඉවර වෙනකන් හිටිය වෙච්ච දේ අහගන්න..

ඔන්න ටික වෙලාවකින් පුංචි අම්ම විස්තරේ දිග ඇරිය..

"මන් ගියානේ මල ගෙදර . ඉතින් මැරිච්ච මාමගේ නෝනා . ඒ කියන්නේ එහෙ නැන්ද එක්කත් කතා කළා."

"ඉතින් ඔය අතරේ එක්කෙනෙක් ආව දුවගෙන"

"නැන්දේ මාමාගේ ෂර්ට් එකක තිබිල මේ සල්ලි හම්බ උනා"

"මාමගේ  පැන්සොන් ඒකෙන් හම්බ වුන සල්ලි වෙන්න ඇති..  මේ මාසෙ එක  වෙන්න ඇති  නේද නැන්දෙ ,"   පුංචි අම්මත් කියල 

“නැනේ , මේ මනුස්සය තව දවස් තුනක් හිටුකො , පැන්සොන් එක ගන්නකන් “  .. කියල  මැරිච්ච කෙනාගේ නෝනා කිව්වලු .

ඕකට තමයි ඉතින් බිත්ති දිගේ බඩ ගෑවේ.