Sunday, January 11, 2015

බාල දක්ෂ ජිවිතේ -2- අපේ නම දෙනා




අර බාලදක්ෂ කතාවේ කිව්ව නයින් හාට්ස් ගැන තමයි අද මේ කියන්න යන්නේඉතාම කෙටියෙන් .කලින් කතාව බලන්න මෙතනින් යන්න .
11 වසරෙන් පස්සේ බාලදක්ෂ කණ්ඩායමේ කට්ටිය ගොඩක් අඩු උනා. අන්තිමට ඉතිරු උනේ අපි 9 දෙනා විතරයි.

ඉස්සෙල්ලම ඉතින් මම ගැන කියන්නම්කො.කණ්ඩායමේ හිටිය වයසින් අඩුම කෙනා මම. ඉතින් හැම පදක්කමක්ම අන්තිමට කරන්න  උනේ මට. මොකද අපිට වයස 18 වෙන්න කලින් ජනාධිපති පදක්කම ගන්න ඕනේ. ඒ හින්ද  අපි සෙට් එකම කතා වෙලා වයස පිළිවෙලට වැඩේ කරන්න කතා උනා.
            මට ඉතින් ගොඩක් වෙලාවට ලැබුනේ කුක් වැඩේ තමා. පොඩි පොඩි කැම්ප් වල කුක් වැඩේ කරලා දිසා කදවුරේදී කරපු කුක් වැඩේ තමයි ලොකුම කුක් වැඩේ. දවස් පහේ වේල් වලට කන ජාති හදල ප්‍රමාණය බලලා ඒවා ඕඩර් කරලා උයන වැඩ ටිකත් බලන්න තමයි  තිබ්බේ.උයන වෙලාවට නම් උදව්වට කට්ටිය එනවා මොකද ඉතින් වැඩේ චොර උනොත්  කස්ටිය බඩගින්නෙනෙ.කුකුල් මස් උයද්දී කුකුලගේ කකුල් ටික බැදලා කෙලින්ම යන්නේ ගබඩාවේ ඉන්න අපේ සගය වෙතට.උයන ඒකෙ වාසියකුත් තියෙන්න එපැයි. එහෙම කුක් වැඩේ  කරපු හින්ද මම විදේශ ගතව ඉන්නෙද්දී කොහොම හරි කන්න ටික නම් හදා  ගත්තා.. 

ඊළගට ඉන්නේ අපේ ඉස්කෝලේ ගෘප් ඒකෙ භාණ්ඩාගාරික හිටිය දසයා.. නමේ කෑල්ලකින් තමා ඔය නම හැදිලා තියෙන්නේ.මාටියා ගැසුවත් එය ඔප්පු කර ගන්න නම් ක්‍රමයක් අපට හොයා ගන්න බැරි උනා.අය වැය වාර්තාව සත ගානකට  ඉතුරු වෙන්න හදන්න හරිම දක්ෂය.. ඉස්කෝලේ වෙලාවේ බාලදක්ෂ වැඩ කරලා ගෙදර යද්දී බස් එකේ ගිය කෙල්ලෙක් දසයට ගස් ගදයි කියල.ඉතින් අපේ අයට ඔහොම වැඩත්  වෙනවා.
අපේ හිටපු අනික තමයි වන් ඇන්ඩ් ඔන්ලි පයිලට් .බිලංග කියන  නම තමයි මොහුට පටබැදිල තිබ්බෙ. ඒ කොයිවෙලෙත් බයවෙලා වගේ බලන් ඉන්න හින්ද. පයිලට් කියන නම හැදුනේ පුවක් ගස් කපන්න ගිහින් ලනුව දාන්න නැගලම. නගින්න පුළුවන් අය  හිටියත් වැදගත් තැනක මුල් තැන ගන්නෙ බිලංග තමයි. පුවක් ගහ නැමුනත්  කරටියට වෙනකන්ම බය නැතුව නගින කොල්ලෙක් තමයි ඒ.
                  
ඊළගට ඉන්නේ ගොනා. ගොන් කතා කියන නිසාදෝ මුල සිටම ඔහුට  කියන්නේ ගොනා කියල.. . මෑන් ගේ ගෙවල් මාතර වලස්මුල්ලටත් එහා. ඒක දැනගත්තේ අපි ගොනාගේ ගෙදර ගිය දවසක.මොකද කලින් කියල තිබ්බේ මාතර කියල . නිවාඩු කලෙක අපි ගියා  මිනිහගේ ගෙදර පොඩි නිවාඩුවකට. කිව්වේ මාතර ඉදන් ටික දුරයි කියල. අපිත් ඉතින් මාතර ගිහින් යන්න ඕනේ බස් ඒකෙ නැගල ගමන පිටත් උනා. ටික දුරක් යනකොට අපේ අනිත්  7ම නිදි. මම විතරක් ඇහැරිලා.මමත් ඉතින් වට පිට බල බල යනවා. එහෙම යනකොට “ අහවල් ප්‍රදේශයට සාරයෙන් පිළිගනිමු” කියල බෝඩ් පහුකලා 5 විතර නවතින පාටක් නැ. ඒ කාලේ අපිට ෆෝන් තිබ්බෙත් නැනේ.කොහොම හරි පය ගානකට පස්සේ කරුවල වැටෙද්දී තමයි ගෙදරට ගියේ. බැලින්නම් තව කිලෝමීටර කිහිපයක් ගියානම් නුවරඑලි දිස්ත්‍රික්කයේ නවතින්නේ.

මීලග සාමාජිකයා ඩ්රෑන්ක්ස්  .ඔය නම දැම්මේ අපේ සර් ම  තමා.ඒ නම ලකුණු කරද්දී නම කියව ගන්න බැරුව. ඩ්රෑන්ක්ස්ගෙ කටේ තියෙන්නේ එක කුනුහරුපයයි. ඒකෙ අකුරු අඩු වැඩි කරලා තමයි ඉතුරු වචන ටික හදා ගන්නෙ. මෙන්න මේ  ඩ්රෑන්ක්ස් තමයි අපේ සර් ගේ දුවට බැල්ම දාපු එකා. මේ ලගදිත් දුවව මතක් කරලා  කියනවා සර්ගේ දුව බැදල කියල ආරංචි උනාලු..

සුප්පා තමයි අපේ කණ්ඩායමේ හිටිය ලෝක හොරා. වැඩ වලදීත් එහෙමයි.ගබඩාවෙන් හොරෙන් බඩු උස්සන ඒවගේ වැඩ තම කලේ. එක දවසක් අපි  ලෝකන්තේ ගිය වෙලේ කට්ටිය ඕමි ගහන අතරේ  මොහුට  ඕනෑ උනා සල්ලි ඔට්ටුවට බුරුව ගහන්න ඉතින් කට්ටියම බැ කියද්දී කොහොම හරි බුරුව ගහන්න දන්නේ නැති කෙනෙක්  අල්ලාගෙන ඔහුට  කියාදෙන පොරොන්දුව පිට සෙල්ලම් කරල ගානක් හොයා ගත්ත කෙනෙක්  තමයි ඒ .

මොරේ කියන්නේ බොහෝ වෙලාවට ගබඩාව බලපු කෙනා.. මොහුගේ පියාණන් රේල්ලුවේ ස්ටේෂන් ඒකෙ වැඩ කරන කාලේ අපේ ගමන් බිමන් වලට බොහොම උදව් කළා... මොරේට  දුන්න දිසා කදවුරේ ගබඩාව බලා ගන්න. ගබඩාව තිබුනේ තට්ටු දෙකකට හදපු කොටසක යට තට්ටුවේ. ගබඩාවේ නැති හැම වෙලේම ගබඩාව ලොක් කරලා තමයි තියෙන්නේ.දවසක් කට්ටියට බොන්න හදපු බිම මේක ඇතුලේ තිබිල. ඕක දැනගත්තු අපේ ලොකු සෙට් එක උඩ ඉදන් බිම බට දාල නලපාන ජාතකේ වගේ ජෝග්ගුවක්ම හිස් කරලා.පුවක් කොට වලින් හදපු හින්ද පොඩි පොඩි හිදැස් තියෙනවනේ. එකෙන් තමයි ඔය වැඩේ කොරල තියෙන්නේ. . එහෙම කරලත් තව තව සැරවල් වල ලනු කපු අවස්ථා තිබුණ.. 
ගබඩාවේ වැඩ කරන අතරේ කොහෙන්ද දුවගෙන එන කොල්ලෙක් කියනවා

"මොරේ අයියේ , අන්න සර් එන්න කිව්වා දැන්ම."

කිව්වා ගමන් මෙලෝ සිහියක් නැතුව දුවනවා සර් ලගට. ගිහින් එද්දී ගබඩාවේ තියෙන බිස්කට් , බිම ටික අතුරුදහන් 

එක සැරයක් අපි ටොනික් මුඩි වලින් තොරණක් ගැහුවා. එක බාර ගත්තේ අපි නම දෙනා. ඉතින් අදාළ පාටට හරියන ටොනික් මුඩි හොයන්න සැහෙන්න වෙහෙසුනා. ගම්පහ ස්ටේෂන් ඒකෙ මොරේ ගේ තාත්තා වැඩ කරන නිසා ඒකෙ කැන්ටින් එකෙන් ටොනික් මුඩි ගන්න අපිට පුළුවන් උනා. 

මීලගට ඉන්නේ අපේ ආර්ටිස්ට්. ඒ කියන්නේ චිත්‍ර අදින්න පුළුවන් හොද දක්ෂයෙක්. අපේ බාලදක්ෂ සමුහයට ඕනෑ කරන සියලුම කලා කටයුතු කලේ මෙන්න මේ අර්ටිස්ට්  තමයි. ස්පොර්ට්මිට් එකට කලින්දවසේ රැ වැඩ  කරන ගමන් මදුවිතකුත් තොල ගාගෙන බයිසිකලේ ඉන්නකොට වෙරිමතේ මුණ  බය්සිකල් හැඩල් එකට පතිත වෙලා  නාස් පොල්ලකඩා ගත්තා එකෙක් තමයි මේ භාණ්ඩේ.

බි.පී. තමයි අපේ කණ්ඩායමේ නායකයා.  . බි.පි කියන්නේ බාලදක්ෂ නිර්මාතෘ තුමාගේ නම කෙටිකරලා. බේඩ්න් පවල් කියන නම. මේ කියන ගොයියත්  ඉතින් හොදට නායකත්වය අරගෙන කණ්ඩායම මෙහෙයවන නිසා තමයි ඔය නම හැදිලා තියෙන්නේ.බි.පි යි මායි තමයි පොලිසියෙන් බේරෙන්න රව්මක් ගහල ආවේ.කලින් කතාවක කිව්වනේ ඒ ගැන.අපේ සෙට් එකෙන් කැම්පස් ගිය එකම එකා මු. ඕ ලේවලුත් ඩි 8 යි . ඕක කියද්දී මතක් උනේ කොහොම හරි අපේ බාලදක්ෂ සර් ට O/L රිසල්ට් කියන්න මමත් මු එක්කම ගියා.ඉතින් ඇහුව  
" කොහොමද රිසල්ට්"

"මගේ සී 8 යි සර්. "

"ජනකගේ කොහොමද "

"ඩි 8 යි සර්" .

"හොදයි හොදයි බොහොම හොදයි."

ඔහොම කියපු සර් අපේ බාලදක්ෂ පන්තිය වෙලේ .(කට්ටිය වැඩි හින්ද පන්තිය තියන්නේ මෙන් හෝල් එකේ) මෙන්න කියපි

“අපේ ජේෂ්ඨ බාලදක්ෂයෝ දෙන්නෙක් ඩි 8 අරගෙන තියෙනවා කියල.ඔයාලත් අන්න ඒ වගේ හැදෙන්න ඕනේ. ඉගෙන ගන්න අතරේ මේවත් කරන්න ඕනේ” 

දැන් ඉතින් අපි හොයනවා කව්ද  අනිත් දී 8 ගත්තා එකා.කොච්චර කලත් උත්තරේ එකයි. වෙලා තියෙන්නේ මගේ සි 8 ඇහිලා තියෙන්නේ ඩි 8 වගේ.
        
                 මේ ඉන්න අපි නම දෙනා තමයි. නුවරඑලිය කැම්ප් ගිය අතරේ ගත්තා එකක්.
                                      
                        



                     මේ තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ කදවුරේ කුසලානය සමග  පින්තුරයක්. 

                

ඔන්න ඔය විදිහට සාර්ථක බාලදක්ෂ ජිවිතයක් එක්ක ජනාධිපති සම්මානෙත් අරගෙන උසස් රැකියාවල නිරත වෙන්න මේ නම දෙනාට හැකි වෙලා තියෙනවා. 


 
                  

1 comment:

  1. ලස්සන විස්තර්‍රෙ :) රසවින්දා...

    ReplyDelete