Friday, January 2, 2015

අමුත්තෙක් පිළිගැනීම




මේ සිදුවීම උනේ ඉන්දියාවේදී  . මම එහෙ රැකියාවට යන්න කලින් වෙච්ච දෙයක් තමයි මේ ලියන්නේ.එහෙ ලංකාවෙන් ගිය ටික දෙනෙක් සේවය කරනවා . සැරින් සැරේට මෙහෙන් එහෙට කට්ටිය යනවා එනවා.
එහෙ දැකපු කරපු විස්තර සිරා කොලුවාගේ කාමරේට ලිව්වා .බලන්න ඕනේ නම්  මෙන්න මෙතනින් යන්න.

ඔන්න ඉතින් එක දවසක් ලංකාවෙන් කෙනෙක් එහෙට එනවා කියල දැනුම් දීල තිබුනා.ඉතින් එහෙ ඉන්න ලංකාවේ කෙනෙක් ඒ වැඩේට බැස්ස.

“රාජු හෙට ලංකාවේ ඉදන් අපේ මැනේජර් කෙනෙක් එනවා ෆැමිලි එකක් එක්ක. ඔයාට එයාර්පෝට් එකට ගිහින් එක්ක එන්න ඕනේ.”

“හොදයි සර් මම ගිහින් එක්ක එන්නම්”

ඔහොම කිව්වට පස්සේ ඉතින් අනිත් යටත් ආරංචි උනා මෙය තමයි එයාර්පෝට් යන්නේ කියල.ඒ අතරේ හිටිය ලංකාවෙන් ගිය තවත් කෙනෙක් .

“රාජු “,

“යෑස් සර්”

“රාජු නේද එයාර්පෝර්ට් යන්නේ”

“යැස් සර්”

“රාජු ගිහින් ඒ කට්ටිය නිකන්ම පිළිගන්න එපා. ලංකාවේ විදිහටම පිළිගන්න.”

“මන් දන්නේ නැනේ සර් පිළිගන්නේ කොහොමද කියල”

“හරි හරි රාජු, මන් කියල දෙන්නම් වැඩේ.”

 එතකොට එයාලටත් සන්තෝෂ හිතෙයි. ඒක හින්ද එයාල පිළිගනිද්දී අත් දෙක එකට තියල ආචාර කරන ගමන් “ සොල්ල වලවාන්” කියල කියන්න

ඒ මොකද්ද සර්

එක තමයි ලංකාවේ අය පිළිගන්න ක්‍රමයක්.

සෑර් ඒක ටැමිල් වචනයක්ද ?

“නැ නැ සිංහල වචනයක් රාජු” 

“හොදයි සර් මම එහෙම කරන්නම්”. මිනිහත් වැඩේ විශ්වාස කරලා වැඩේට බැස්ස.
                                          
ඔන්න ඉතින් මිනිහත් ගියා එයාර්පොර්ට්. කට්ටියත් එලියට බහින වෙලාව ලං උනා. අදුර ගන්න පුළුවන් වෙන්න නම ගහපු බෝර්ඩ් ලෑල්ලකුත්  අරන් තමයි රාජු ගියේ.
මිනිහත් ඉතින් කිව්වා විදිහටම වැඩේ කරන්න තමයි ඉන්නේ. ඔය අතරේ අමුත්තා එනවා පවුලේ උදවියත් එක්ක
                         
“හලෝ සර් , හව් ආර් යු සර්. සොල්ල වලවා..න් සර්.”
“වට් , සොල්ල වලවාන් “

“වට්ස් යුවර් නේම්.”

“රාජු සෑර් “

කොහෙන්ද රාජු ඒ කියපු වචනේ හොයා ගත්තෙ..

“වයි සෑර් “

රාජු , ඉට් ඊස් බැඩ් වර්ඩ් රාජු. .

 බැඩ් වර්ඩ් , අය්යෝ සෑර්  .. . වෙරි සොරි සෑර් 

රාජු ට හින් දාඩිය දාන කොට තමයි වෙච්ච වැඩේ තේරුනේ . . 

 ඔෆිස් ගියාම රජුට කියපු වචනේ තේරුමත් හොයා ගන්න පුළුවන් උනා.ඔය වැඩේ හින්ද මිනිහ තවමත් නවනින්ගිරා විදිනවා.

No comments:

Post a Comment