කලින් ලිපි වල කිව්වනේ මම බාල යක්ෂයෙක් කියල . ඉතින් අපේ
පාසලේ බාලදක්ෂයින්ගේ වාර්ෂික චාරිකාව අනිවාර්යයෙන්ම සංවිධානය වන දෙයක්.මේ චාරිකාව
වෙන් වුනේ ජේෂ්ඨ සාමාජිකයින්ට විතරයි. . මේ කියන්න හදන සැරේ යන්න තීරණය උනේ
ලෝකාන්තය සහ හිරිගල්පොත්ත යන්න.. කස්ටිය විසි දෙනෙකුට වැඩි පිරිසක් හිටිය මේ ගමන
යන්න.
ඉතින් එකට අවශ්‍ය කෑම බිම , හට්ටි මුට්ටි , උයන පිහන
උපකරණ ආදිය අපිම ගෙනියන්න ඕනෑ හින්ද ඒවත් හිමින් සැරේ ලෑස්ති කර ගත්තා.. ට්‍රිප්
එකක් කිව්වට කැම්ප් එකක් යනවා වගේ තමයි යන්න උනේ කදමලු කර ගහගෙන . ඉතින් දවස් තුන හතරක් ඉන්න හින්ද එකටත් අවසර එහෙමත් ගන්න සිද්ධ උනා.
ලෝකාන්තයේ තියෙන කැබින් එකක් වෙන් කර ගත්තා අපේ නවාතැන් සදහා ...
රැ අටකුත් ගානට කොලබ කොටුවෙන් තිබ්බ බදුලු කෝච්චියෙන්
තමයි අපේ ගමන ගියෙ. ඉදගෙනම යන්න ඕනේ හින්ද හවස් වෙලා ඔක්කොම කස්ටිය ගම්පහ ඉදන් කොටුවේ
ඉස්ටෙෂන් යන්න පිටත් උනා.. අපේ කණ්ඩායමේ හිටිය මොරේගේ තාත්ත රේල්ලුවේ හින්ද අපිට
බදුලු කෝච්චිය කොටුවට යන්නත් කලින්ම මරදානේදීම ගොඩවෙන්න පුළුවන් හින්ද මරදානෙන්
බැහැල අපි සිට් ටික අල්ල ගත්තා.
ඔන්න ඉතින් කදමලු ටිකත් එක්ක අපිත් හරිබරි ගැහිලා යන්න
පිටත් උනා.. කන බොන ඒවායින් නම් අඩුවක් තිබ්බේ නැ.. ඔය අතරේ අපේ සර් එහෙමත් එනවා
සරින් සැරේට අපේ වැඩ බලන්නද කොහෙද.. මෑන් ඉතින් දෙවෙනි පන්තියේ තමයි ගමන් කලේ..
අපි ඉතින් 2 පන්තියේ වැඩ කරන්නෙ නැති හින්ද තුනේ පන්තියේ තමයි ගියේ..
කෝච්චියේ යනකන් නම් කෑම වලින් අඩුවක් උනේ නැ, ඉස්සෝ වඩේ
එපා වෙනකන්ම කන්න හම්බ උනා .. සනි අයිය බැහැල ගියාට පස්සේ එළියේ තියෙන මොනවත්ම
පෙන්නේ නැතුව ගියා. කට්ටිය සැරින් සැරේ නිදා ගත්තත් එක දිගට නිදා ගන්න නම් හම්බ
උනේ නැ. මොකද නිදා ගන්න දුන්නේ නැති හින්ද. කොහොමින් කොහොම හරි කදු නගිද්දී
කොඡ්චිය යන්නෙ අපි පයින් යන ගානට . ස්ටේෂන් එකක නවත්තන්න හදන්නේ කියල තව ටිකෙන අපේ
එකෙක් බහිනවා කෝච්චියෙන්.
තව ටික දුරක් යද්දී රැක් ඒකෙ තිබුණ පොඩි බෑග් එකක් පහලට
වැටිලා කෙලින්ම ජනේලෙන් එලියටම වැටුන.
මොකද්ද වැටුන හින්ද උඩ බැලුවහමයි දැක්කේ බෑග්
එකක් වැටිලා තියෙන්නේ කියල.මොනවා කරන්නද කියල යාළුවා හිත හදාගත්ත. මොකද කොඡ්චිය
නවත්තල බලන්නයැ . සනි අය්යත් නැති කොට..
පාන්දර හතර හමාරට විතර අපි ඔහිය දුම්රිය පොලෙන් බැහැල .
සනි අයිය එනකන් මහතුන්ගෙ කාමරේට වෙලා පොඩි
ඇලට් එකක් දැම්ම.. සනි අයිය එනකොට අපි උදේට කන්න ගෙනාපු පානුයි ලු සීනි සම්බලුයි කාල යන්නත් ලෑස්ති උනා..
කට්ටි කට්ටි, ගෙනාපු කදමලු ටිකත් අරගෙන හිමින් සැරේ යන්න
පිටත් උනා.. මට මතක හැටියට කිලෝමීටර් එකොළහක් විතර අපිට කන්ද නගින්න තිබුණ.
එකට පටන් ගත්තට කට්ටියගේ වේගේ අනුව කට්ටිය වෙන් වෙලා
කෑලි තුනේ හතරේ කණ්ඩායම් වලට කැඩුන..ඔය අතරේ සමහරු ලෝකන්තේ බලන්න යන වාහන වලට ඇත
දාල එකට රිංගගෙන ගිහිල්ලත් තිබුණ. එහෙම යනකොට යන්නේ හොරෙන් නෙමෙයි. මග යන උන්ට
සැලියුට් එකක් එහෙම දාල. ඉතින් පයින් බඩ ගාන අපිට මරු ජුවල්.
කොහොමින් කොහොමහරි අපි නවාතැන් ගන්න කැබින් එකට ආව. ඒ
වෙද්දීත් කස්ටියක් ගිහිල්ල තිබ්බ හින්ද අපහසුවක් නැතුවම තැන හොයා ගත්තා..
එදා දවස අපි කැබින් ඒකෙ තමයි ගතකලේ. ගමන් මහන්සියටත්
එක්ක කට්ටියම නින්දට වැටුන..
රැට උයාගෙන කාල එහෙම කට්ටිය සෙට් උනා කාඩ් ගහන්න .
කාඩ් කිව්වම මතක් උනේ කතාවක්. සමහරවිට දන්නවත් ඇති. ඔන්න
දවසක් කට්ටියක් කඩ සෙල්ලම් කරන්න ගත්තලු.
මචන් ත්‍රී නෝට් ෆෝර් ගහමුද..
තුන්දෙනෙක් හා කිව්වලු.
එකෙක් කිව්වලු මම නම දන්නේ නැ බන් කියල
හරි හරි බන් කියා දෙන්නම්
කියා දුන්නොත් නම් මම එන්නම් කියල වැඩේට සෙට් උනාලු.
ටික වෙලාවක් යද්දී මිනිහට තෙරුනලු මිනිග දාන්න ගේම් එකක්
කියල
ඉතින් මිනිහ කිව්වලු
අඩෝ මේ තුන්සිය හතරනෙ බන් ..
කතාව ඉවරයි. අපෙත් හිටිය ඕමි නොගහ බුරුව ගහන්න ඕනැ එකෙක් . ඉතින් මිනිහ
එක්ක බුරුව ගහන්න කැමති කව්රුත් හියේ නැ. මිනිහල් කලේ දන්නැති එකෙක් අල්ලාගෙන
බුරුව උගන්න උගන්න බුරුව ගහපු එක.
රුපිලයේ දෙකේ කාසි වලට ඔට්ටු අල්ලලා තමයි වැඩේ හීනියට
ගිහින් තියෙන්නෙ. නොදන්නා එකාට වෙච්ච දේ කියන්න ඕනේ නැනේ.
පස්සේ දවසේ අපි උදෙන්ම ලෝකන්තේ බලන්න යන්න පිටත් උනා.
සරින් සැරේට මීදුමක් එක්ක එන හිරිපොද වැස්ස හින්ද කට්ටියම වැහි කබා දාගෙනම තමයි
ගමන පිටත් උනේ. .
කොහොමින් කොහොම හරි ලෝකාන්තය බේකර්ස් ඇල්ල බලල
සුන්දරත්වය විද ගත්තා..
ලෝකන්තෙට ගිහින් එන අතර තුර අපට ගෝන්නු විශාල වශයෙන්
ගැවසෙනවා දැක ගන්න පුළුවන් උනා..කැබින් එකට පෙනෙන මානෙත් එකෙක් එහෙ මෙහෙ යනවා
දැක්ක හින්ද අපිත් ටක් ගාල කැබින් එකට රිංග ගත්තා..
පස්සේ දවසේ හිරිගල්පොත්ත බලන්න යන්න ලෑස්ති උනත් අපේ නම
දෙනා වැඩි කැමැත්තක් තිබ්බේ නැ.. සර් යන්නත් නැ කිව්වා හින්ද අපි පස්සේ දවසේ අවට
නරබන්න තීරණය කළා.
පස්සේ දවසේ මොකද උනේ....
ඊලඟ ලිපියෙන් කියන්නම් .
කෝ කෝ ඊලග එකත් ලියපං ඉක්මනට..
ReplyDeleteකියවන්න වෙලා ගියෙත් නැ තාම :o ඊලග එක ලියල තියෙන්නෙ පෝලිමේ ඉන්නවා ..
Deleteඑල එල. දිගටම ලියමු...
ReplyDeleteඑල එල (h)
Delete//පානුයි ලු... සීනි සම්බලුයි කාල// හහ් හහ් හා. උඹත් හීනියට ඇණලා යනවා නේද?
ReplyDeleteයකෝ, මෙහෙම ගමනක් ගිහාම තව පොටෝ කෑලි ටිකක් අල්ලලා දාපිය. ඩූඩ් ලියලා තිබුණා බදුල්ලට යනකම්ම ෆෝටෝ දාලා අපූරුවට ගිය අවුරුද්දෙ. ආ... බලපං.
http://bluejeansntshirts.blogspot.com/2014/03/107-1.html
ඇත්තටම ගත්ත පොටෝ කොහෙද දන්නෙත් නැ ... දන්නෝ දනිති හින්ද පොඩ්ඩක් අනල යනවා .. හික්ස්..
Deleteයකෝ බෑග් වැටෙනකොට ඔහොම ඉන්න පුලුවන් කියන්නෙ මරු.. අපේ එහෙම නම් සනිය නෑ කියල බලන්නෑ.. චේන් එකේ එල්ලිලා පස්ට ආතල් එකක් ගන්නවා.. ඔව්...
ReplyDeleteපොඩි බෑග් එකක් හින්ද අතරල දැම්ම.. ඔය කෝච්චිවල දන්වැල් ඇද්දට වැඩත් නැ.. දවසක් මන් දැක්ක කොටුවේ ඉදන් එද්දී එකෙක් ඒකෙ එල්ලිලා ඉන්නවා. අල්ලගන්න එකක් නැතුව. කොච්චිය අගේට යනවා. :p
Deleteහැක්.. බෑග් එකක් තියා උඹලගෙන් එකෙක් වැටුනත් බලන එකක් නැද්ද මංද.
ReplyDeleteඅපිත් දෙපාරක් හෝටන් එකේ නයිට ගහල තියෙනව. එකපාරක් රෑ බීල වැඩිවෙලා මර ෆන් එකක් ගත්ත.
ගල් ටික් වෙලා ඉන්න එකත් ෆන් තමයි. . බොන්න නම් කියපු පොට් එක. .
Deleteකලේ ඉස්කෝලේ අන්තිම ට්‍රිප් එකට අපිත් ගියේ ලෝකාන්තේ බලන්න. ඒ කාලේ පට්ටිපොල ස්ටේශ්න් එකේ ස්ටේශන් මාස්ටර් අපේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නිසා ටිකක් නිදහසේ ඇවිදලා දවසක් නැවතිලා එන්නත් අපිට පුළුවන් වුනා. පොස්ට් එක කියවද්දී මතක් වුනේ ඒ දේවල්.
ReplyDeleteපට්ටිපොලෙනුත් යන්න පුළුවන් පාරක් තියෙනවා නේද ? .ස්ටේශ්න් එකේ ස්ටේශන් මාස්ටර් යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නිසා හයර් එකට පොඩි එන්ජින් කට්ටක්වත් ඉල්ලා ගන්න එපැයි.. :>)
Deleteපට්ටිපොල පැත්තෙන් යනකොට තමයි අඹේවෙල ෆැක්ටරිය එහෙම හම්බවෙන්නෙ. හැබැයි ස්ටේෂන් එකේ ඉඳල පයින් යන්න බෑ ඒ පැත්තෙන් දුර වැඩියි.
Deleteඔව්.. පට්ටිපොල පැත්තෙනුත් යන්න පුළුවන්. අඹේවෙල ෆැක්ටරියත් හම්බවෙනවා. ටිකක් දුරයි... ස්ටේෂන් එකේ ඉඳල පයින් යන්න බෑ
Deleteස්ටේශන් මාස්ටර් යාළුවෙක්ගේ තාත්තා නිසා ඩක්කුවක් යන්න චාන්ස් එක හම්බවුනා හි..හි... :-)
@ Praසන්ன & තුෂානි , ඔය ඉන්නෙ ගිය කට්ටිය.. :)
Deleteඩක්කුවක් උඩ ඩක්කුවක් යනවා මන් දැකල නැනේ. :-d
මම හිතුවෙ උඹේ අලුත් රෝද හතරෙන් මේ ලගදි ගිහින් කියලා. මොරයා කිව්වෙ මොරගොඩයා නේද..උගෙ ගෙවල් තියෙන්නෙ මාළිගාතැන්න පන්සල කිට්ටුව. වෙසක් දවසක අපි දන්සැල් හොයාන ගිහින් උන්ගෙ ගෙදර තමයි බයිසිකල් දාලා දන්සැලකට රිංගුවෙ. උඹලගෙ ඔය කියන සෑර් අපිට ඉතිං සමාජ අධ්‍යයනය ඉගැන්නුවා නොවැ. තරහා ගියාම ආයෙ යකා වගේ නේද...
ReplyDelete