Tuesday, February 3, 2015

බිරිදක් හෙව්වා මා සසරේ -2


ඔන්න ඉතින් අදත්  මගුල් හොයන්න ගිය කතා ටිකක් කියන්න තමා මේ හදන්නේ. කලින් කිව්වනේ වෙච්ච දේවල් ටිකක්. බැලුවේ නැත්නම් මෙතනින් යන්න.
.......................................................
ඔන්න අපේ ගෙදරින් තව අලුත් කපුවෙක් හොයාගෙන . මිනිහ ලග තියෙනවා කෙල්ලන්ගේ පොටෝස් මිටියක්ම.

"ආ .. මෙයාද මනමාල මහත්තය."

"ඔව් මන් තමයි.."

එහෙනම් දෙන්න එක්ක බලන්නකෝ මේ ටිකෙන් හොද කෙනෙක් ඉන්නවද කියල.

ඔන්න අර ෆොටෝ මිටිය දුන්න අම්මටයි මටයි. අපි දෙන්නත් ඉදගෙන බලන්න ගත්තා ෆොටෝ ටික.

මේ මොනවද අම්මේ මේ. ගාමන්ට් එකකින් එකතු කර ගත්තා ඒවා වගේ. ඒවත් මේ ලගදී නෙමේ එක් දහස් නමසිය බර ගණන් වල ඒවා වගේ..

"කපු මහත්තය මේවා නම් හරි යන්නේ නැ."

"එහෙමද. ඔතන පොටෝ එක නම් නැ. ගැනු ළමය වැඩ කරන්නෙ ගාර්මන්ට් ඔෆිස් එකක.එයාලව ගෙදරටම වාහනෙකින් ගෙනත් දානවා.උදේටත් ගෙදර ලග ඉදන්ම එක්ක යනවා. තාත්තා හොයන්නෙත් එයාලට වැඩිය හොද පව්ලකින්.කෙල්ලත් ලස්සනයි. සුදුයි. මහත්තයට හොදට ගැලපෙනවා.අය්ය වැඩ කරන්නෙ තැපැල් දෙපාර්තුමේන්තුවේ."
                                                                    
"ඉතින් එහෙනම් කතා කරලා බලන්නකෝ"

"එහෙනම් මේ නුම්බෙර් එකට ගන්නකො බලන්න කෝල් එකක්."

ට්‍රින්... ට්‍රින් ........ ට්‍රින්... ට්‍රින්

"හලෝ ...  මම මේ අහවල් කපු මහත්තය කතා කරන්නෙ .මනමාල මහත්තයෙක් ඉන්නවා අහවල් තැන අහවල් රටේ දැන් සේවය කරන්නෙ".
"මොනවා කියනවද මේ දුවට හොදට ගැලපෙනවා.ඔව් ඔව් ..
ගෙවල් මේ තියෙන්නේ විසාලෙට..."
"ලොකු වත්තකුත් තියෙන්න. මහත්තයට හොද කාර් එකකුත් තියෙනවා".
මේ යකා ගෙදර නවත්තල තිබ්බ කාගෙද කාර් එකක් දැකල එහෙමත් කියනවා. අපිත් ඉතින් උණ්ඩුක පුච්චෙන් හිනා වේවි අහන හිටිය
.
ඉතින් කොහොම හරි  අපිත් ගියා කෙල්ලව බලන්න. යනකොට ඉන්නවා තාත්ත සරමක් ගහගෙන. උඩට මොකුත් නැ. 

මට  ඉතින් පොර වගේ යන්නනේ තියෙන්නේ සපත්තු ගලවන්නත් නැනේ අනිත් අය ගැලෙව්වට .

 මල කෙලියයි අපේ තාත්තා ඇවිල්ල් තියෙන්නේ රබර් සෙරප්පු දෙකක් දාගෙන කව්රුත් දැක්කේ නැ. ගලවද්දී මම විතරයි  දැක්කේ.
මමත් ඉතින් සද්ද නැතුව හිටිය.

ඔන්න ටික වෙලාවකින් කුමරිය වඩිනවා. කෙල්ලනම් ලස්සනයි සුදුයි.

                                 
                       
මටත් ආයුබෝවන් කියල ලග පුටුවකින් වැඩි උනා. දැන් ඉතින් මල් කඩන වෙලාවනේ කියලමමත් ඉතින් එහෙන් මෙහෙන් ප්‍රශ්න ටිකක් ඇහුව.. 

බැලින්නම් කෙල්ල ගාමන්ට් එකක චෙකින් සෙක්ෂන් ඒකෙ වැඩ.
අර කපුවා කිව්වේ වෙන ලබ්බක්නේ. . ගෙදරට ගෙනත් දානවා කිව්වට එන්නේ ගාර්මන්ට් බස්  ඒකෙ.

"අයිය නැද්ද අද ?"

"ඉන්නවා මේ ලගට ගිහිල්ල ". "එයි දැන්"
.
මෙන්න යකෝ ටික වෙලාවකින් අයිය එනවා පුට් සයිකලේක සරම්  කොටේකුත් ගහගෙන.මේ යකත් අර කිව්වා වගේ තැපැල් දෙපාර්තුමේන්තුව පියන් කෙනෙක්ද කොහෙද.
මේ මගුලත් හරි යන පාටක් නැති හින්ද කන්න තිබ්බ ඒවායින් ටිකක් වැඩියෙනුත් එක්ක කෑව.

ඔන්න ඉතින් කාල බීලා අපි යන්න ලෑස්ති උනා.

ඉස්සෙල්ලම එලියට බැහැපු තාත්තා සෙරප්පු දෙක හොයනවා

'මගේ සෙරප්පු දෙක නැනේ "

"වෙන්න විදිහක් නෑ." 

"මේ රබර් දෙක නෙමෙයිද"

"නැ නැ මම දාන් ආවේ හොද දෙකක්"

"ෂුවර් ද"

"ඔව් ඔව් .ලෙදර් දෙකක් තමා දාන් ආවේ."

මල හත් ඉලව්වයි. ගෙදර ඔක්කොම ඇවිස්සිලා . තාත්ත දාන් ආවේ රබර් දෙකක් කියල මම දැක්කනෙ .කොහේ කියන්නද දැන්. ගෙදර ඔක්කොම සෙරප්පු හොයනවා. . 

"බල්ලෙක්වත් අරන් ගිහිල්ලද දන්නේ නැ"

"අපේ බල්ලා නම් කන්නේ නැ හැබැයි. පුත් ගිහින් වත්තේ පොඩ්ඩක් බලල එන්නකෝ බල්ලෙක්වත් අරන් ගියද කියල."

                                          
             
"මේ රබර් දෙක නම් අපේ නෙමෙයිනෙ. . බල්ලෝ අරන් ගිය නම් එකක් හරි තියෙන්න ඕනේ"

"ඒක තමයි. "

ඔන්න ඉතින් කට්ටිය එහෙ මෙහෙ හොයන්න යන අතරේ මමත් හොරෙන්ම තාත්ත ලගට ලං උනා

"තාත්තේ මේක නේද දාන් ආවේ. "

"නැනේ හොද දෙකනේ"

"නෑ නෑ මේක තමා බලන්නකෝ"

"කකුල් දෙකට දැම්මහම තම වැඩේ තේරුනේ."

"ආ මේක තමයි."

"හරි හරි මට බැරි වෙලා දැන් ඇවිල්ල තියෙන්නේ මේ දෙක."
ඔන්න ඉතින් තාත්තා කිව්වා.

ඔන්න ඔහොම විච්චුම්බරෙකුත් නටල තමයි එහෙන් ආවේ.
කාර් එකට ඇවිල්ල හිනාව නවත්ත ගන්න සැහෙන වෙලාවක් ගියා. වෙච්ච වැඩේට.
ඔය අතරේ මගෙන් අහනවා කෙල්ලගේ  විස්තර. මන් ඉතින් විස්තර කියනවා.
ඔය අතරේ අයිය කියනවා  “එයාගේ මූණ විතරයි සුදු.”

“ඔයා කොහොමද එහෙම කියන්නේ”. අයියගේ නෝනා අහනවා

"ඇයි එයාගේ බඩ කලුයිනේ මුනට වැඩිය"

ආ......... ඔය යන්නේ කෙල්ලන්ගේ බඩවල් බලන්නද, යන්නේ එහෙම නැ ආයි කෙල්ලන්ගේ බඩවල් බලන්න

මන් බලන්න ගිය කෙල්ලන්ගේ බඩ බලන්න ගිහින් අයියට නෝනාගෙන් බර බරේය ..
කොහොමින් කොහොම හරි ඒ චැප්ටර් එකත් ඉවර උනා.
 සැහෙන කාලයකට සැරයක් එන දවසක්ද කොහෙද එදා.

........
ඔය අතරේ තමයි කපු ඇන්ටි කෙනෙක් කතා කලේ තවත් කෙල්ලෙක්ව. මෙයා නම් බදින වයසට තාම එවිල්ලත් නැ. මගේ හිතේ 20 ක් විතර . කොහොම හරි පෙන්ඩින් ලිස්ට් එකෙත් වෙන ඒවා තිබ්බේ නැති හින්ද ගිය බලන්න.
ලොකු වත්තක තියෙන ලොකු ගෙදරකට ඔන්න අපි අවා. කෙල්ල ගෙදර ඉන්න එකම කෙල්ලලු. එහෙනම් ගේත් මටනේ ඉතින් ,
හික් හික්.
ඔය කිව්වට මම නම් නෙමෙයි දේපල හින්ද කැමති උනේ. මෙතන නොකිව්වා තැන් තිබුණ හොද දේපල තියෙනවා.. මට ඉතින් ඉන්න වෙන්නේ කෙල්ල එක්ක හින්ද මන් හෙව්වේ හොද කෙල්ලෙක්.
දැන්නම් ඉතින් එහෙම කෙනෙක් හම්බ වෙලා මන්ගල්ලෙත් කොරගෙන තමයි ඉන්නේ.
ඉතින් අනේ මේ පොඩි කෙල්ලට සරියකුත් අන්දලා.අන්දලා නෙමෙයි ඔතල වගේ.කෙල්ල පෙනුමෙනුත් පොඩියි. ඔන්න ඉතින් මන් එක්ක කතා කරන්න පුටුවේ වැඩි උනා.හරි හුරතල් විදිහට තමයි එකෙත් ඉදගත්තේ.

                                      
                        
ඉතින් ඔහොම කතා කරන අතරේ තමයි දැනගත්තේ කෙල්ලව උස යන්න කියල තාත්තා මෙයාව එක්ක යනවලු ජිම් එකකට.
බාල අපරාද කරන්න බැරි හින්ද ඒ චැප්ටර් එකත් ක්ලෝස් කළා.

ඔය අතරේ කව්රුත් හම්බ වෙන්නේ නැතිම තැන පත්තරේට දාල හොයා ගත්තා තැනකට ගෙරද කට්ටිය ගියේ.
ඔය වෙද්දී මම හිටියේ විදේශ ගතව.

මට ඉතින් ෆොටෝ එකකුත් එවල තිබ්බ ඒකෙ හැටියට කෙල්ලගේ කට එයි වගෙත් පෙනිච්ච් හින්ද අම්මට කිව්වා

"අම්මේ කෙල්ලගේ කට ටිකක් ඇදයි  වගේ."

"ඔන්න ඉතින් පටං ගත්තා ඇද හොයන්න." "මේ ඉන්නේ අගේට. ඔහොම හොයන්න ගියොත් කෙල්ලෝ හොයන්න හම්බ වෙන්නේ නැ"

ඉතින් ඔන්න ලොකු කේක් ගෙඩියකුත් අරගෙන කස්ටියම ගිහිල්ල. පැයකට විතර පස්සේ මම කතා කළා විස්තරේ අහන්න

"මොකද උනේ "

 උත්තර දුන්නේ මල්ලි.

"මාර වැඩේ. "

"ඇයි?"
.
"ඕයි එක මොන්ගල් එකක්ද කොහෙද "

"මල කෙලියයි."

 මන් කලින්ම කිව්වා අම්මට කෙල්ලගේ කට ඇදයි  කියල.. ... . ..

"අම්ම කියනවා ගෙනිච්ච කේක් එකත් අරන් එන්න හිතුනලු.. අන්න බැන බැන ඉන්නවා ."

මදැයි ඉතින් මමත් නැති අතරේ කෙල්ලෙක් බලන්න ගියා. .
ඔන්න ඔහොම ඉතින් රසවත් දේවල් උනා ඉතින් කෙල්ලෝ හොයද්දි.
 ......................................
මන් ගිය ඒවත් සමහර විට එයාලට රසවත් ඇති. හික් හික්.. අපේ නෑදෑ අක්කල බලන්න එන අය්යාලට කියන කතා ඇහුවම ඉතින් අපිට නොකියා  ඉදිද.මේ තියෙන්නෙත් එහෙම කිව්වා ඒවා ටිකක්

අර එදා අපු එකා මාව දැක්කහම පුටු ඇන්දට අත් දෙකින් බෙර ගහනවා. 

මුට මාව දැක්කහම චුන් ද කොහෙද.

අපෝ මේ යකාගේ තට්ටේ වගේ. නාකි පාටයි.

මේ කපු නොනෙක් කියපු දේවල්
කෙල්ල බලන්න ගිය කොල්ලගේ සපත්තුවේ ලේස් එකක් ගැලවිලා තිබ්බ හින්ද කෙල්ල කැමති වෙලා නැ. අද වගේ දවසකත් ලේස් එක හරියට ගැටගහන් එන්න බැරි එකෙක් මට එපා කිව්වලු

තව දවසක් කෙල්ලෙක් බලන්න ගිහින් . ගේ ලස්සනට තියෙනවලු. සාලේ කට්ටිය ඉදන් ඉද්දි හුලගක් ඇවිල්ල කාමරවල දොර රෙදි ඉස්සිලා.ඒදන් යට තියෙන දකුණු දුවිලි ඔක්කොම පෙනිලා. කොල්ලගේ අම්ම කිව්වලු ගෙදරක් හරියට තියා  ගන්න බැරි එකෙක් මගේ කොල්ලට බන්දන්නේ කොහොමද කියල වැඩේ නැවත්තුවලු.

අපේ නෑදෑ අයියා කෙනෙකුත් කෙල්ලටත් කැමති වෙලා දෙපත්තෙනුත් කතා කරගෙන කෙල්ලගේ ගෙදර ගියාලු කෑම කන්න. එදා සාරියක් ඇදන් හිටියට මෙදා ඇදන් හිටියේ ගවුමක්. එදා ටමයි දැකල තියෙන්නේ කකුලේ තියෙන කොරපොතු. ඉතින් කැම ටිකත් කාල ඇවිල්ල තමයි වැඩේට පුල්ස්ටොප් එක තියල තියෙන්නේ . කොරපොතු තියෙන කෙල්ලක් මට බදින්න බැ කිව්වලු.
.................................................................................................
ප.ලි.

මේක මේ කාටවත් අපහාසෙකට නෙමෙයි ලිව්වේ. මේවගේ දේවල් වෙනවා කොහෙත්.ඉතින් රසවත් තොරතුරු ටිකක් කියන්න තමයි මේ ටික ඉදිරිපත් කලේ. ඔය කියවන අයටත් ඔහොම වෙලා ඇති නේද.


15 comments:

  1. ඔන්න අද තමයි මේ පැත්තට වැඩියේ. දිටම වදින්න තමයි හිත.

    උඹේ කතා නම් මරු. ඔය මගුල් බැලිල්ලත් පුදුම අත්දැකීමක් බන්.

    ===============
    මේ දවස්වල මාත් ඔය අත්දැකීම විඳින ගමන්. පුදුම කරදරයක් තියෙන්නේ . අරහේ යන්නයි. මෙහෙ යන්නයි. කෙල්ල එක්ක මල් කඩන්නයි.
    මේ මගුලේ ගමන් ටික ඉක්මනට ඉවර වෙලා හරි හමන් කෙල්ලෙක් ලැබේවා කියල තමයි මම ගැන මගේ ප්‍රාර්ථනාව.

    උඹත් ඉතින් එහෙමම ප්‍රාර්ථනා කරහන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභීෂණ II , කැමති නැත්නම් හොදට කාල බිලා එන එකයි තියෙන්නෙ.. ඔන්න ඉතින් මමත් ප්‍රර්ථනා කොරනවා ගුණ යහපත් කෙල්ලෙක් ඉක්මනටම හම්බ වේවා කියල. . රස කතා තියෙනවනම් අපිටත් කියමුකෝ බලන්න..

      Delete
    2. මමත් ප්‍රර්ථනා කොරනවා ගුණ යහපත් කෙල්ලෙක් ඉක්මනටම හම්බ වේවා කියල.

      Delete
    3. විභීෂණටත් මම ප්‍රර්ථනා කොරනවා ගුණ යහපත් කෙල්ලෙක් ඉක්මනටම හම්බ වේවා කියල.

      Delete
  2. මම ගිය පෝස්ට් එකේ කිවුව වගේ කොරපොතු නෙමෙයි මොක තිබුණත් කෑම ටික හොඳනං හොඳට ගිලල දාල එන එක තමයි තියෙන්නෙ.
    ඔය කපුවො කියන එවුවනං කවදාවත් විස්වාස කරන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. අර උඩ ලිංක් එක වැඩකරන්නෙ නෑ. ඒක බලහං.

      Delete
    2. කපුවො කරන්නෙ ගාන හොයා ගන්න එක විතරයි. හොයා දුන්නොත් ගාන නැති වෙන හින්ද වැඩේ අදිනවා... ලින්ක් එක හැදුව ප්‍රශන්ත් .තැන්ක්ස්.

      Delete
  3. හි..හි.. කසාද බඳිනවා කියන එකත් ලේසි නෑ නේද.

    ReplyDelete
    Replies
    1. වැඩේ හිතන තරම් ලේසි නැ තුෂානි .. . බැදලම බලන්නකො.. :)

      Delete
  4. හිනාවෙලාම මැරෙනව බොල....

    ReplyDelete
    Replies
    1. :-) දැන් හිනා වෙන්න පුළුවන් උනාට ඕව බලන්න යන ඒවා හරි ගියේ නැතුවම තෝන්තු මාන්තු වෙනවා.

      Delete
  5. බොගට දාල තියන බැනනර් වැකිය පට්ට . මම අටං

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අටම් . අදහස සදහා අනුග්‍රහය අපේ සිරා කොලුවගෙන් .. . .

      Delete
  6. මේකෙ තව චැප්ටරයක් තියෙනවද බොල...මටත් දැන් ඔය වගේ මගුල් හොයන්න යන්න වෙලා..මම හිතුවෙ නෑ බං මට එහෙම වෙයි කියලා..ලංකාවට ආව වෙලාවක මම උඹෙන් උපදෙස් ගන්න එන්නම්...පුදුම පාලුවක් බං කාමරේ තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. දැනට මේකෙන් ඉවරයි. තව පස්සේ මතක් උනොත් දාන්නම්. . .ජිවිතේ එහෙම තමයි. ඉරණම්කාරී එයි උබව හොයාගෙන. . . ටික දෙනෙක් බලන්න යන එක පාඩු නැ. . අපි ඉන්නකන් ඔය කාමරේ පාලු වෙන්න දෙන්නෙ නැ සිරෝ..

      Delete