කාලෙකට පස්සේ ආයිත් පරණ ඔපිස්
ඒකෙ වැඩකරන හින්ද පරණ අතීතේ මතක් උනා.වැඩ වැඩි හින්ද පොස්ටු දාන්නත් පරක්කු උනා..
මේ කියන්න යන්නේ දැනට
අවුරුදු 6 කට විතර කලින් ඔෆිස් ඒකෙ වැඩකරද්දී වෙච්ච සිදුවීමක්.
මන් වැඩකරන
කොම්පැනියේ ප්රධාන කාර්යාලේ ඉදන්
කර්මාන්තශාලාවට යන්න වෙනම වැන් එකක් දාල තිබුණ ඔපිස් ඒකෙ වැඩකරන අයගේ පහසුව සදහා..
මේකෙ ප්රවාහන අංශයෙ නැති වාහනය ක් නැ.කාර්,වැන්,බස්,ලොරි,ට්රැක්ටර්,බැකෝ
, . . . .ඉතින් මේ කියන වැන් ඒකෙ ඉන්න
රියදුරු මහතා දවසින් දවස වෙනස් වෙන වෙලාවලුත් තිබුණ. . කට්ටියත් ඉන්න ඒකෙ බය වෙන්න
දේකුත් නැනේ.
මේ කියන දවසේ මමත් තවත්
කීපදෙනෙක් ෆැක්ටරියට යන්න වැන් එක එනකන්
බලන් උන්න. වෙනද වෙලාවත් පහු වෙලා. මොකද ඒක එන්න ඕනේ ඔපිස් එක ලග තියෙන ෆැක්ටරියෙ
ඉදන් . කිලෝමීටර් එකක් වගේ දුරක තමයි ඒක තිබුනේ. . ඉතින් වෙනද වෙලාවට වැඩිය පැය භාගයක් විතර
පරක්කු වෙලා මෙන්න වැන් එක එනවා තටම තටම..
බැලින්නම් වැන් එක එළවන්
එන්නෙ ට්රැක්ටරේ එලවන ඩයිවර් උන්නැහෙ .එදා
ඩයිවර් ලගේ අහේනියක් හින්ද මේ මනුස්පය
තමයි එවල තියෙන්නෙ . .
අපිත් යන්න කියල ගොඩ උනා
වැන් එකට.
ට්රැක්ටර් වගේද වැන් කියල මෑනුත් යන්න පිටත්
උනා
ගියර් එකක් දාන ගානේ
වැන් එක ස්ලෝව් වෙනවා. ගත්ත ගම්මෙනුත් වැඩක් නැ. අනිත් ගියර් එක දාද්දි වැන් එක
නවතින ගානට ඇවිල්ල.
මොනවා කරන්නද
ඔහොම යන්න යද්දී වාහනයක්
ඉස්සර කරන්න වෙලා පොර සුපුරුදු පරිදි හෑන්ඩ් සිග්නල් දැම්ම.
දොහ් ... ...
අපිත් බැලුව මොකද්ද
සද්දේ කියල.
පොර ට්රැක්ටරේ පුරුද්දට
අත දාල . හැබැයි වැන් ඒකෙ විදුරු වහල කියල අමතක වෙලා..
හික්ස්...
සමහර වෙලාවට එහා
පැත්තෙන් හය්යෙන් වහනයක් එනවා දැක්ක ගමන් හත් ගව්වක් තියල මෙහෙ අමුඩේ
බ්රේක් ගහල ඉවරයි .
අපිත් ඉතින් අතට අහුවෙන
දෙයක් බදාගෙන තමයි ගමන ගියේ..
ඔහොම ටික දුරක් යද්දී
කළු දුමක් දාගෙනම වාහනයක් රේස් කර ගෙන ගියා ඉස්සරහින් . දුම් වලාව එනවා අපේ වැන්
එක දිහාට
අපේ ඩයිවර් උන්නැහේ මොකද
දන්නවද කලේ.
දුම මග අරින්න වගේ ඔලුව
ටිකක් පාත් කරගත්ත . හික්ස්
බයිසිකල් වල යන අය දන්නවනේ
දුමක් එද්දී කොහොමද එක මැදින් යන්නේ කියල. අන්න ඒ විදිහම තමයි.
ඒ සැරෙත් පොරගේ ට්රැක්ටර්
පුරුද්ද අතාරින්න බැරි උනා..
පස්සේ කව්දෝ මන්ද කිව්වා අමතක වෙලා පොර කෙල බෙට්ටකුත් ගහල වීදුරුව වහල තියෙද්දී ඊලග හයර් එකේදී.
එක සැරේට වහන් මාරු උනාම
අපිට උනත් එලවන්න අමරුයිනේ.. මැන් ටත් ට්රැක්ටරේ වගේ ෆුල් ඕපන් නැති හින්ද අවුල්
යන්න ඇති..
ටික දවසක් යද්දී නම්
මිනිහ හොදට වැන් එක එලවන්න ගත්තා. . කොහොම හරි වෙනද පැය භාගෙන් යන ගමනට එදා පැයක්
විතර ගත උනා..
ප .ලි.
කාටවත් අපහාසයකට
නොලියමි.